1. 7. 3.
තණ්හා සූත්‍රය
[දෙවතා:]
63. “කිමෙකින් ලෝ වැස්සා අරමුණු අතට යැවේද? කිමෙකින් ඒ මේ අතට ඇදේද? කවරනම් එක් දෙයකට සියල්ලෝම වසඟ වූවෝද?’
[භාග්‍යවතුන් වහන්සේ:]
“ලෝ වැසි තෙම තණ්හායෙන් අරමුණු අතට යැවේ. තණ්හායෙන් ඒ මේ අතට ඇදේ. තණ්හා නම් එකම ධර්‍මයට සියල්ලෝම වසඟ වූවෝ වෙත්.”
1. 7. 4.
සංයෝජන සූත්‍රය
[දෙවතා:]
64. “ලොව කුමක් බැඳුම් කොට ඇත්තේද? එහි ඇවිදින පාදයෝ කවරහුද? කුමක් නම් වෙසෙසින් පහ කිරීමෙන් නිවන වේයයි කියනු ලැබේද?’
[භාග්‍යවතුන් වහන්සේ:]
“ලොව රාගය බැඳුම් කොට ඇත්තේය. (කාමාදී) විතර්‍කයෝ එහි ඇවිදින පාදයෝයි. තණ්හාව වෙසෙසින් නැසීමෙන් නිවන වේයයි කියනු ලැබේ.”
1. 7. 5.
බන්‍ධන සූත්‍රය
[දෙවතා:]
65. “ලොව කුමක් බන්‍ධන කොට ඇත්තේද? එහි යන පාදයෝ නම් කවරහුද? කුමක් නම් වෙසෙසින් දුරලීමෙන් සත්ත්‍ව තෙම සියලු බැඳුමි සිඳීද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“ලොව රාගය බැඳුමි කොට ඇත්තේය. (කාමාදී) විතර්‍කයෝ එහි යන පාදයෝයි. තණ්හාව හාත්පසින් දුරලීමෙන් සත්ත්‍ව තෙම සියලු බැමිම සිඳලයි.”
1. 7. 6.
අබිභාහත (හෙවත් මචිචුනබිභාහත) සූත්‍රය
[දෙවතා:]
66. “ලොව කවරක්හු විසින් ලුහුබඳනා ලදද? කිමෙකින් වට කරන ලදද? කවර නම් හුලෙකින් ඇණ බැසගන්නා ලදද? කිමෙකින් හැම කල්හි ඇවිලුණේද? “
[භාග්‍යවතුන් වහන්සේ:]
“ලොව මරහු විසින් ලුහුබඳනා ලද්දේය. ජරායෙන් වට කරන ලද්දේය. තෘස්ණා නමැති හුලෙන් ඇනුමි ලද්දේය. ලාභ ආශායෙන් ඇවිලගන්නා ලද්දේය.”
1. 7. 7.
උඩිඩ්ත (හෙවත් තණ්හාඋඩිඩ්ත) සූත්‍රය
[දෙවතා:]
67. “ලෝ වැසි තෙම කිමෙකින් එල්ලන ලදද? කිමෙකින් පිරිවරන ලද්දේද? කිමෙකින් වැසුනේද? ලොව කිමෙක පිහිටියේද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“ලෝ වැසි තෙම තණ්හායෙන් එල්ලුනේය. ජරායෙන් පිරිවරන ලද්දේය. ලෝ වැසි තෙම මරණයෙන් වැසුණේය. ලෝ වැසි තෙම දුකෙහි පිහිටියේය.”
1. 7. 8.
පිහිත (හෙවත් මචිචුපිහිත) සූත්‍රය
[දෙවතා:]
68. “ලොව කවරකු විසින් වසා ගන්නා ලදද? ලොව කිමෙක පිහිටියේද? ලොව කවරකු විසින් එල්ලන ලදද? ලොව කවරකු විසින් වටකර ගන්නා ලදද? “