1. 7. 1.
නාම (හෙවත් නාමද්ධභවන) සූත්රය
61. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
[දෙවතා:]
කිමෙක් නම් සියල්ල යටපත්කොට සිටියේද? කිමෙකින් වැඩි දැයෙක් නැද්ද? කිනම් එක් දැයකට සියල්ලම වසඟ වූවෝද?”
[භාග්යවතුන් වහන්සේ:]
“නාමය සියල්ල යටපත්කොට ගෙන සිටියේය. නාමයට වැඩියෙන් දෙයෙක් නැත. නාම නමැති එකම දැයකට සියල්ලෝම වසඟ වූවාහු වෙත්.”
1. 7. 2.
චිතත සූත්රය
[දෙවතා:]
62. “කිමෙකින් ලෝ වැස්සා (අරමුණු දෙසට) පමුණුවනු ලැබේද? කිමෙකින් (ඒ මේ අතට) අදිනු ලැබේද? කවරනම් එකම දෙයක වසඟයට සියලු සත්ත්වයෝම ගියෝද?”
[භාග්යවතුන් වහන්සේ:]
“ලෝවැසි තෙම සිතින් (අරමුණු දෙසට) පමුණුවනු ලැබේ. සිතින් (ඒ මේ අතට) අදනා ලැබේ. සියලු සත්හුම සිත නමැති එකම දෙයක වසඟයට ගියේය.”
1. 7. 3.
තණ්හා සූත්රය
[දෙවතා:]
63. “කිමෙකින් ලෝ වැස්සා අරමුණු අතට යැවේද? කිමෙකින් ඒ මේ අතට ඇදේද? කවරනම් එක් දෙයකට සියල්ලෝම වසඟ වූවෝද?’
[භාග්යවතුන් වහන්සේ:]
“ලෝ වැසි තෙම තණ්හායෙන් අරමුණු අතට යැවේ. තණ්හායෙන් ඒ මේ අතට ඇදේ. තණ්හා නම් එකම ධර්මයට සියල්ලෝම වසඟ වූවෝ වෙත්.”
1. 7. 4.
සංයෝජන සූත්රය
[දෙවතා:]
64. “ලොව කුමක් බැඳුම් කොට ඇත්තේද? එහි ඇවිදින පාදයෝ කවරහුද? කුමක් නම් වෙසෙසින් පහ කිරීමෙන් නිවන වේයයි කියනු ලැබේද?’
[භාග්යවතුන් වහන්සේ:]
“ලොව රාගය බැඳුම් කොට ඇත්තේය. (කාමාදී) විතර්කයෝ එහි ඇවිදින පාදයෝයි. තණ්හාව වෙසෙසින් නැසීමෙන් නිවන වේයයි කියනු ලැබේ.”
1. 7. 5.
බන්ධන සූත්රය
[දෙවතා:]
65. “ලොව කුමක් බන්ධන කොට ඇත්තේද? එහි යන පාදයෝ නම් කවරහුද? කුමක් නම් වෙසෙසින් දුරලීමෙන් සත්ත්ව තෙම සියලු බැඳුමි සිඳීද?”
[භාග්යවතුන් වහන්සේ:]
“ලොව රාගය බැඳුමි කොට ඇත්තේය. (කාමාදී) විතර්කයෝ එහි යන පාදයෝයි. තණ්හාව හාත්පසින් දුරලීමෙන් සත්ත්ව තෙම සියලු බැමිම සිඳලයි.”
1. 7. 6.
අබිභාහත (හෙවත් මචිචුනබිභාහත) සූත්රය
[දෙවතා:]
66. “ලොව කවරක්හු විසින් ලුහුබඳනා ලදද? කිමෙකින් වට කරන ලදද? කවර නම් හුලෙකින් ඇණ බැසගන්නා ලදද? කිමෙකින් හැම කල්හි ඇවිලුණේද? “
[භාග්යවතුන් වහන්සේ:]
“ලොව මරහු විසින් ලුහුබඳනා ලද්දේය. ජරායෙන් වට කරන ලද්දේය. තෘස්ණා නමැති හුලෙන් ඇනුමි ලද්දේය. ලාභ ආශායෙන් ඇවිලගන්නා ලද්දේය.”
1. 7. 7.
උඩිඩ්ත (හෙවත් තණ්හාඋඩිඩ්ත) සූත්රය
[දෙවතා:]
67. “ලෝ වැසි තෙම කිමෙකින් එල්ලන ලදද? කිමෙකින් පිරිවරන ලද්දේද? කිමෙකින් වැසුනේද? ලොව කිමෙක පිහිටියේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“ලෝ වැසි තෙම තණ්හායෙන් එල්ලුනේය. ජරායෙන් පිරිවරන ලද්දේය. ලෝ වැසි තෙම මරණයෙන් වැසුණේය. ලෝ වැසි තෙම දුකෙහි පිහිටියේය.”
1. 7. 8.
පිහිත (හෙවත් මචිචුපිහිත) සූත්රය
[දෙවතා:]
68. “ලොව කවරකු විසින් වසා ගන්නා ලදද? ලොව කිමෙක පිහිටියේද? ලොව කවරකු විසින් එල්ලන ලදද? ලොව කවරකු විසින් වටකර ගන්නා ලදද? “