1. 4. 10.
චුල්ලපජ්ජුන්නධීතු සූත්රය.
40. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ විසාලාමහනුවර සමීපයෙහි මහවනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි වසන සේක. එකල පජ්ජුන්න දෙවිහුගේ (බාල) දූ වූ චුල්ල කොකනදා තොම රෑ පෙරයම ඉක්මගිය පසු මනා වර්ණ ඇත්තී මුඵ මහවනය බබුලුවා භාග්යවතුන් වහන්සේ වෙත පැමිණියාය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එක් පසෙක සිටි පජ්ජුන්නගේ දූ වූ චුල්ල කෝකනදා තොම භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීවාය:
“පජ්ජුන්නගේ දූ වූ විදුලිය පැහැ බඳු වර්ණ ඇති කොකනදා බුදුන්ද, දහම්ද, වඳින්නී (දැන්) මෙහි ආවාය. (ඕ තොමෝ අර්ථවත්වූ මේ ගාථා කීය.)”
“ධර්මය විස්තර කරන්නෙම් නම් බොහෝ ආකාරයෙන් විස්තර කළ යුත්තකි. (එහෙත්) යම්තාක් මවිසින් සිතින් පුහුණු කරන ලද නම් කොටින් එපමණක් කියන්නෙමි.”
“වචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ මුඵ ලොව කිසිදු පවක් නොකට යුතුයි. සිහි නුවණැත්තේ පඤචකාම සම්පත් (විඳීම)ද හැර, අනර්ථය පිණිස පවත්නා කයට දුක් දීමද සේවනය නොකරන්නේය.”
සිවු වන සතුල්ලපකායික වර්ගයයි.
එහි උද්දානය:
සබ්භි, මච්ඡරි, සාධු, න සන්ති, උජ්ඣානසඤ්ඤී, සද්ධා, සමය, සකලික සහ පජ්ජුන්න ධීතු සූත්ර දෙක ද වේ.
5. ආදිත්ත වර්ගය
1. 5. 1.
ආදිත්ත සූත්රය
41. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්ණ ඇත්තේ මුඵ ජේතවනය බබුඵවා භාග්යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.
“ගෙයක් ගිනිගත් කල යම් භාජනයක් එයින් පිටතට ගනියිද, එය ඔහුට වැඩ පිණිස වේ. යමක් එහි දැවේ නම් එය වැඩ පිණිස නොවේ.
“එසේම ලොව ජරායෙනුත් මරණයෙනුත් ඇවිලගත්තේ වේ. දීමෙන්ම පිටතට ගතයුතු. දෙනලද දේ මැනවින් පිටත්කරන ලද්දේ නම්වේ.
“දුන් දේ සැප විපාක ඇතිකරන්නේ වේ. නොදුන් දේ එසේ සැප විපාක නොදේ. එය සොරු හැරගෙන යත්. රජහු හෝ හැර ගනිත්. ගින්න හෝ දවයි. නැසී හෝ යන්නේය.
“තවද, වස්තු සහිත ශරීරය මරණයෙන් හැර දමයි. නුවණැත්තේ මෙය දැන තම වස්තුව ප්රයෝජනයට ගැනීමද කරන්නේය. දීමද කරන්නේය. එසේ ශක්ති පරිදි සම්පත් අනුභවයද කොට, දීමද කොට, නින්දා නොලබන්නෙක්ව දිව්ය ලෝකයට (සැප ඇති තැනට) පැමිණෙයි.”
1. 5. 2.
කිංදද සූත්රය
[දෙවතා:]
42. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය කල්හි එක් දෙවියෙක් බබළන වර්ණ ඇත්තේ මුඵ ජේතවනය බබුඵවා භාග්යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය:
“කුමක් දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ පැහැය දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ සැප දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ ඇස් දෙන්නේ වේද? සියල්ල දෙන තැනැත්තෙක් වේ නම් කවරෙක්ද? මවිසින් විචාරණ ලද ඔබ මට (මේ) කියාදෙනු මැනවි.”
“කුමක් දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ පැහැය දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ සැප දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ ඇස් දෙන්නේ වේද? සියල්ල දෙන තැනැත්තෙක් වේ නම් කවරෙක්ද? මවිසින් විචාරණ ලද ඔබ මට (මේ) කියාදෙනු මැනවි.”
[භාග්යවතුන් වහන්සේ:]
“ආහාර දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේ. වස්ත්ර දෙන්නා වර්ණය දෙන තැනැත්තේ වේ. යාන වාහන දෙන තැනැත්තේ සැප පහසු දෙන තැනැත්තේ වේ. එලිය දෙන තැනැත්තේ ඇස් දෙන තැනැත්තේ වේ. යමෙක් වාසස්ථාන දේ නම් ඔහුම සියල්ල දෙන තැනැත්තා නම් වේ. යමෙක් ධර්මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ.”