1. 1. 4.
4. අච්චෙන්ති සූත්රය
4. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේකවනය බබුලුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවකුන්වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්යවතුන්වහන්සේට ගාථාවකින් (මෙසේ) කීය.
“කාලයෝ ඉක්ම යෙත්. රාත්රීහු (මරණය කරා) පමුණුවත්. වයස් රාශීහු පිළිවෙළින් හැර යෙත්. මේ මරණ භය දක්නා තැනැත්තේ සැප ගෙන දෙන පින් කරන්නේය.”
[භාග්යවතුන් වහන්සේ:]
“කාලයෝ ඉක්මෙත්. රාත්රීහු (මරණය කරා) ගෙනයත්. වයස් රාශීහු පිළිවෙළින් හැරයෙත්. මේ මරණ භය දන්නා තැනැත්තේ උතුම් නිවන බලාපොරොත්තුවෙන් ලෞකික සම්පත් හැර දමන්නේය.”
1. 1. 5.
5. කතිඡින්ද සූත්රය
5. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමැණියේය. පැමිණ, භාග්යවතුන්වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්යවතුන්වහන්සේට ගාථාවකින් (මෙසේ) කීය.
“කීයක් සිඳ ලන්නේද? කීයක් දුර ලන්නේද? මත්තෙහි කීයක් වඩන්නේද? බන්ධන කීයක් ඉක්මවූ භික්ෂුතෙම ඕඝයයන් එතර කළ තැනැත්තේයයි කියනු ලැබේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“(කෙලෙස්) බැඳුම් පසක් සිඳලන්නේය. (කෙලෙස්) බැඳුම් පසක් දුරලන්නේය. මත්තෙහි (ශ්රද්ධාදී ඉන්ද්රිය) පසක් වඩන්නේය. (බන්ධන) පසක් ඉක්මවූ භික්ෂූතෙම ඕඝයයන් එතරකළ තැනැත්තේයයි කියනුලැබේ.”
1. 1. 6.
6. ජාගර සූත්රය
6. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මෙී ගාථාව කීය:
“කීදෙනෙකුන් පිබිද සිටින කල්හි කීදෙනෙක් නින්දට පැමිණියෝද ? කීදෙනෙකුන් නිදාගත් කල්හි කීදෙනෙක් පිබිද ඉන්නාහුද? කීයෙකින් (කෙලෙස්) ධූලි අල්ලා ගනීද? කීයෙකින් පිරිසිදූවේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“පස් දෙනෙකුන් (පඤෙචන්ද්රිය ධර්මයන්) පිබිද සිටින කල පස්දෙනෙක් (පඤච නීවරණයෝ) නිදා ඉන්නාහුය. පස්දෙනෙකුන් (පඤචනීවරණයන්) නිදිගත්කල පස්දෙනෙක් (පඤෙචන්ද්රිය ධර්මයෝ) පිබිද සිටින්නාහ. පස් දැයෙකින් (පඤචනීවරණයන් නිසා) කෙලෙස් ධූලි අල්ලාගනී. කරුණු පසක් කරණ කොටගෙන (ශ්රද්ධාදී පඤෙචන්ද්රියයන් නිසා) පිරිසිදුවේ.”
1. 1. 7.
7. අප්පටිවිදිත සූත්රය
7. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හිබබළන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන්වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන්වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවතාවා භාග්යවතුන්වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“යම් කෙනෙකුන් විසින් ධර්මයෝ හාත්පසින් අවබෝධ නොකරන ලද්දෝද ඔවුහු මිත්ථ්යාදෘෂ්ටීන් කරා ගෙනයනු ලැබෙත්. (සංසාරයෙහි) නිදිගත් ඔවුහු නොපුබුදිත්. ඔවුන්ට පිබිදෙන්නට දැන් කාලයයි.”
[භාග්යවතුන් වහන්සේ:]
“යම් කෙනෙකුන් විසින් ධර්මයෝ හාත්පසින් අවබෝධ කරන ලද්දෝද, ඔවුහු මිත්ථ්යාදෘෂ්ටීන් කරා ගෙනයනු නොලැබෙත්. මනාකොට දැන අවබෝධ කළ උතුමෝ (බුදුවරයෝ) විෂමයෙහි සමව හැසිරෙත්.”
1. 1. 8.
8. සුසම්මුටඨ සූත්රය
8. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශොභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“යම් කෙනෙකුන් විසින් (සත්යයෝ) ධර්මයෝ හාත්පසින් අවබෝධ නොකරන ලද්දෝද, ඔවුහු මිථ්යාදෘෂ්ටීන් කරා ගෙනයනු ලැබෙත්. නිදාගත් ඔවුහු නොපුබුදිත්. ඔවුන්ට (දැන්) පිබිදෙන්නට කාලයයි.”
[භාග්යවතුන් වහන්සේ:]
“යම් කෙනෙකුන් විසින් (සත්යයෝ) ධර්මයෝ හාත්පසින් අවබෝධ කරන ලද්දෝද, ඔවුහු මිත්ථ්යාදෘෂටීන් කරා ගෙනගයනු නොලැබෙත්. මනාව දැන අවබෝධ කළාවූ (බුදුවරයෝ) විෂමයෙහි සමව හැසිරෙත්.”
1. 1. 9.
9. මානකාම සූත්රය
9. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්යවතුන් වහන්සේට මේ ගාථාව කීය:
“මේ ලෝකයෙහි මානය කැමැත්තහුට සිතෙහි දමනයක් නැත. (එහෙයින්ම) සමාධියට නොපැමිණි (එකඟ නොවූ) සිතැත්තහුට මුනි බවෙක් නැත. (එසේවූ) ප්රමාදව හුදෙකලාව වෙනෙහි වසන්නේ නමුදු, මරහු සිටින තැනින් (සසරින්) එගොඩ යාගත නොහෙන්නේය.”
[භාග්යවතුන් වහන්සේ:]
“මානය දුරලා මොනොවට එකඟවූ සිතැත්තේ ප්රඥායෙන් යුක්තවූයේ, විශේෂයෙන් මිදුණේ, හුදෙකලාව වෙනෙහි පමා නොවී වසනුයේ ඔහු සසර ඉක්මවා එගොඩ (නිවනට) පැමිණෙන්නේය”