7. 3.
1126. “මේ විමානය උස්ය, පද්මරාග මැණික් කණු ඇත්තේය. පමණ දොළොස් යොදුන්ය. සියයක් පමණ මහත් කුළු ගෙවල්ය, වෛදූර්යමාණික්යමය කුලුණු ඇත. රුචි ඇතිරිලි අතුරණ ලද්දේය.
1127. “එහි සිටින්නෙහිය. පානය කරන්නෙහිය. කන්නෙහිය යහපත්වූ දිව්ය වීණාවාදනය කරත්. මෙහි දිව්ය පඤ්චකාම ගුණයෝ ඇත්තාහ. රන්වන් ස්ත්රීහුද නටත්.
කවර කරුණකින් ඔබට මෙබඳු වර්ණයක් වේද? කවර කරුණකින් ඔබට මෙහි සම්පත් සමෘද්ධ වේද? සිතට ප්රියවූ යම්කිසි භෝග කම් සැප සම්පත් කෙනෙක් වෙත්ද, (ඒවා) ඔබට උපදිත්.
1128. “මහත්වූ ආනුභාව සම්පන්නවූයේ දිව්ය ඍද්ධියට පැමිණියේ වෙහිය. මනුෂ්යව කිනම් කුශලයක් කොට මෙබඳු දිව්ය ඍද්ධියක් දිව්යානුභාවයක් ලබන ලද්දේද කිනම් කරුණකින් ඔබගේ වර්ණය සියලු දිශාවන්හි බබළයිද,
1130. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළේය.
1131. “මම මනුෂ්යලෝකයෙහි මනුෂ්යයෙක් වූයේ කැළෑ පාරක සක්මනක් තැනුවෙමි. ආරාමය හා වෘක්ෂ රෝපණය කෙළෙමි. මට ශීලවන්තයෝ ප්රියවූහ. ආහාරපානද සකස් කොට පැහැදුන සිතින් මහත් දානයක් දුනිමි.
1132. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
මණිථූණවිමානං තතියං.
7. 4.
1134. “ස්වර්ණ පර්වතයෙක්හි සර්වප්රකාරයෙන් පැහැ විහිදෙන රන් දැලින් වැසුණු කිකිණි දැල් ඇති
1135. “වෙරළු මිණියෙන් කරවනලද අටැස්කණු ඇත්තාහ. එක් එක් අංශයක සත්රුවනින් නිර්මිතය.
1136. “වෙරළුමිණි, රන්වන් පළිඟු, රිදී මැසිරිගල් ලොහිතංක සියළු රත්නයෙන් යුක්තය.
1137. “භූමිය විසිතුරුය, මනහරය එහි රජස් නොනැගේ. පරාළ දරා සිටි කර්ණිකාව සත්රුවණින් නිමියේය.
1138. “සතරදිග සත් රුවනින් නිමියාවූ තරප්පු සතරකින් හා නානාවිධ රත්නයෙන් නිර්මිතවූ නොයෙක් කාමරවලින් යුත් මේ විමානය සූර්යයා මෙන් බබළයි.
1139. “එහි සතර වේදිකාවෝ කොටස් වශයෙන් බෙදනලදී. සතර දිශාව හාත්පස බැබළෙමින් ආලෝක කරත්.
1140. “උතුම්වූ ඒ දිව්ය විමානයෙහි මහත් ප්රභා ඇති දිව්ය පුත්රතෙම සූර්යයා උදාවෙන්නාක් මෙන් බබළයි.