6. 5.
1075. “පහවූ වලාකුල් ඇති අහසෙහි සූර්යයා යම්සේ බැබළීමටයයිද, එසේම ඔබගේ මේ විමානය අහසෙහි බබළමින් තිබේ.
1076. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
1077. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දිව්ය පුත්රතෙමේ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළේය.
1078. “මමද භාර්යාවද මනුෂ්ය ලෝකයෙහි රහත් නමකට ආවාසයක් දුනිමු. පැහැදුණ සිතින් ආහාරද පානද සකස්කොට මහත් දානයක් දුනිමු.
1079. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
1080. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
දුතියඋපස්සයදායකවිමානං පඤ්චමං.
6. 6.
1081. “මේ විමානය උස්ය, පද්මරාග මැණික් කණු ඇත්තේය. පමණ දොළොස් යොදුන්ය. සියයක් පමණ මහත් කුළු ගෙවල්ය, වෛදූර්යමාණික්යමය කුලුණු ඇත. රුචි ඇතිරිලි අතුරණ ලද්දේය.
1082. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
1083. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දිව්ය පුත්රතෙමේ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළේය.
1084. “මම මනුෂ්යයන් අතරෙහි මනුෂ්යයෙක්වූයේ තැතිගත්තාවූ ක්ලාන්තවූ භික්ෂුවක් දැක එක දවසක භික්ෂාවක් පිළියෙළ කෙළෙමි. අනුභවයට පිළියෙළ කරගත් ආහාර පිළිගැන්වීමි.
1085. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
භික්ඛාදායකවිමානං ඡට්ඨං.
6. 7.
1087. “මේ විමානය උස්ය, පද්මරාග මැණික් කණු ඇත්තේය. පමණ දොළොස් යොදුන්ය. සියයක් පමණ මහත් කුළු ගෙවල්ය, වෛදූර්යමාණික්යමය කුලුණු ඇත. රුචි ඇතිරිලි අතුරණ ලද්දේය.
1088. “එව වසව, කව, බොව හා යහපත්වූ දිව්ය වීණා වාදනය කරත්ද, මෙහි හික්මුණවූ යහපත් ස්වභාවය ඇති අටදෙනෙක් බැගින්වූ කොටස් අටක්වූ තව්තිසාවැසි මහත්වූ දිව්ය කන්යාවෝ නටත්, ගී කියත්, සතුටුවෙත්
ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
1089. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දිව්ය පුත්රතෙමේ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළේය.
1090. “මම මනුෂ්යයන් අතරෙහි නියම මනුෂ්යයෙක් වූයේ යව කෙතක් රකින්නෙක් වීමි. අතිශයින් පැහැදුන ඉඳුරන් ඇති කෙළෙස් රහිත භික්ෂුවක් දුටිමි.
1091. “උන්වහන්සේට පැහැදුණේ ස්වකීය අත්වලින් මගේ ආහාර කොටසින් භාගයක් පිදීමි. පිට්ටුවක් පුදා නදුන් වනයෙහි සතුටුවෙමි.