6. පායාසි වර්ගය
6. 1.
1048. “තවුතිසා වැසි දෙවියන්ට උසස්වූ දීප්තිමත්ව බබළන්නවූ ශ්රේෂ්ඨවූ චිත්රලතා වනය යම්සේද ඔබේ එබඳු මේ විමානය ආකාශයෙහි බබළමින් සිටින්නේය.
1049. “මහත්වූ ආනුභාව සම්පන්නවූයේ දිව්ය ඍද්ධියට පැමිණියේ වෙහිය. මනුෂ්යව කිනම් කුශලයක් කොට මෙබඳු දිව්ය ඍද්ධියක් දිව්යානුභාවයක් ලබන ලද්දේද කිනම් කරුණකින් ඔබගේ වර්ණය සියලු දිශාවන්හි බබළයිද,
1050. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළේය..
1051. “මමද භාර්යාවද මනුෂ්ය ලෝකයෙහි පැන් ඇති ලිඳක් මෙන් ගෙයි විසීමු. පැහැදුණ සිතින් ආහාරද පානද සකස්කොට මහත් දානයක් දුනිමු.
1052. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
පඨමඅගාරියවිමානං පඨමං.
6. 2.
1054. “තවුතිසා වැසි දෙවියන්ට උසස්වූ දීප්තිමත්ව බබළන්නවූ ශ්රේෂ්ඨවූ චිත්රලතා වනය යම්සේද ඔබේ එබඳු මේ විමානය ආකාශයෙහි බබළමින් සිටින්නේය.
1055. “මහත්වූ ආනුභාව සම්පන්නවූයේ දිව්ය ඍද්ධියට පැමිණියේ වෙහිය. මනුෂ්යව කිනම් කුශලයක් කොට මෙබඳු දිව්ය ඍද්ධියක් දිව්යානුභාවයක් ලබන ලද්දේද කිනම් කරුණකින් ඔබගේ වර්ණය සියලු දිශාවන්හි බබළයිද,
1056. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළේය..
1057. “මමද භාර්යාවද මනුෂ්ය ලෝකයෙහි පැන් ඇති ලිඳක් මෙන් ගෙයි විසීමු. පැහැදුණ සිතින් ආහාරද පානද සකස්කොට මහත් දානයක් දුනිමු.
1058. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
දුතියඅගාරියවිමානං දුතියං.
6. 3.
1060. “මේ විමානය උස්ය, පද්මරාග මැණික් කණු ඇත්තේය. පමණ දොළොස් යොදුන්ය. සියයක් පමණ මහත් කුළු ගෙවල්ය, වෛදූර්යමාණික්යමය කුලුණු ඇත. රුචි ඇතිරිලි අතුරණ ලද්දේය.
1061. “එව වසව, කව, බොව හා යහපත්වූ දිව්ය වීණා වාදනය කරත්ද, මෙහි හික්මුණවූ යහපත් ස්වභාවය ඇති අටදෙනෙක් බැගින්වූ කොටස් අටක්වූ තව්තිසාවැසි මහත්වූ දිව්ය කන්යාවෝ නටත්, ගී කියත්, සතුටුවෙත්
1062. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
1063. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දිව්ය පුත්රතෙමේ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළේය.
1064. “පැදකුණු සිතින් යුක්තව ඍජුවූවන් කෙරෙහි දෙන තැනැත්තේ ඵලදෙන්නේද මහත්ඵල ලබයි. හෙතෙමේ තව්තිසා දෙව්ලොව ගියේ සතුටුවෙයි. මහත්වූ පුණ්යඵලය අනුභව කෙරේ. එසේ මම මහාමුනීන්වහන්සේට ගෙඩි සතරෙක් පිදීමි.