6. 3.
1060. “මේ විමානය උස්ය, පද්මරාග මැණික් කණු ඇත්තේය. පමණ දොළොස් යොදුන්ය. සියයක් පමණ මහත් කුළු ගෙවල්ය, වෛදූර්යමාණික්යමය කුලුණු ඇත. රුචි ඇතිරිලි අතුරණ ලද්දේය.
1061. “එව වසව, කව, බොව හා යහපත්වූ දිව්ය වීණා වාදනය කරත්ද, මෙහි හික්මුණවූ යහපත් ස්වභාවය ඇති අටදෙනෙක් බැගින්වූ කොටස් අටක්වූ තව්තිසාවැසි මහත්වූ දිව්ය කන්යාවෝ නටත්, ගී කියත්, සතුටුවෙත්
1062. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
1063. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දිව්ය පුත්රතෙමේ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළේය.
1064. “පැදකුණු සිතින් යුක්තව ඍජුවූවන් කෙරෙහි දෙන තැනැත්තේ ඵලදෙන්නේද මහත්ඵල ලබයි. හෙතෙමේ තව්තිසා දෙව්ලොව ගියේ සතුටුවෙයි. මහත්වූ පුණ්යඵලය අනුභව කෙරේ. එසේ මම මහාමුනීන්වහන්සේට ගෙඩි සතරෙක් පිදීමි.
1066. “එසේ හෙයින් දිව්යසැප පතන්නාවූද මනුෂ්යවූ සෞභාග්යය පතන්නාවුද සැප කැමති මනුෂ්යයා විසින් ගෙඩි පිදීමට සුදුසුමය.
1067. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
ඵලදායකවිමානං තතියං.
6. 4.
1069. පහවූ වලාකුල් ඇති අහසෙහි චන්ද්රයා යම්සේ බැබළීමටයයිද, එසේම ඔබගේ මේ විමානය අහසෙහි බබළමින් තිබේ.
1070. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
1071. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දිව්ය පුත්රතෙමේ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළේය.
1072. “මමද භාර්යාවද මනුෂ්ය ලෝකයෙහි රහත් නමකට ආවාසයක් දුනිමු. පැහැදුණ සිතින් ආහාරද පානද සකස්කොට මහත් දානයක් දුනිමු.
1073. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
පඨමඋපස්සයදායකවිමානං චතුත්ථං.