7. දෙවෙනි කරණීය විමාන කථාව
935. “මේ විමානය උස්ය, පද්මරාග මැණික් කණු ඇත්තේය. පමණ දොළොස් යොදුන්ය. සියයක් පමණ මහත් කුළු ගෙවල්ය, වෛදූර්යමාණික්යමය කුලුණු ඇත. රුචි ඇතිරිලි අතුරණ ලද්දේය.
936. “එව වසව, කව, බොව හා යහපත්වූ දිව්ය වීණා වාදනය කරත්ද, මෙහි දිව්ය රසයෝද පස්කම් ගුණයෝද ඇත්තාහ. ස්වර්ණයෙන් වසාගත් ස්ත්රීහුද නටත්.
937. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තොප ලබන ලද්දේද, කිනම් කාරණයකින් තොපට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
“ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
939. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දිව්ය පුත්රතෙමේ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළේය.
940. “යම් තැනෙක්හි දෙන ලද්ද, මහත් ඵලවේද, දන්නාවූ පණ්ඩිතයා විසින් මනාව පිළිපන් භික්ෂූන් කෙරෙහි කෙරෙහි පින් කටයුතුය.
941. “මහණ තෙමේ ඒකාන්තයෙන් මට අනුකම්පා පිණිස අරණ්යයේ සිට ගමට වැඩිසේක. එහි සිත පහදවාගෙන තව්තිසා දෙව්ලොව උපන්නෙමි.
942. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
දුතියකරණීයවිමානං සත්තමං.
8. සූචි විමාන කථාව
944. “මේ විමානය උස්ය, පද්මරාග මැණික් කණු ඇත්තේය. පමණ දොළොස් යොදුන්ය. සියයක් පමණ මහත් කුළු ගෙවල්ය, වෛදූර්යමාණික්යමය කුලුණු ඇත. රුචි ඇතිරිලි අතුරණ ලද්දේය.
945. “එව වසව, කව, බොව හා යහපත්වූ දිව්ය වීණා වාදනය කරත්ද, මෙහි දිව්ය රසයෝද පස්කම් ගුණයෝද ඇත්තාහ. ස්වර්ණයෙන් වසාගත් ස්ත්රීහුද නටත්.
946. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තොප ලබන ලද්දේද, කිනම් කාරණයකින් තොපට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
“ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
948. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළේය..
949. “යමක් දේද, එය නොවේ. අවශ්ය දෙය දෙන ලද්දේ එයම ශ්රේෂ්ඨය, ඉදිකටුවක් දෙන ලද්දේ ඉදිකටුවම ශ්රේෂ්ඨය.