8. සූචි විමාන කථාව
944. “මේ විමානය උස්ය, පද්මරාග මැණික් කණු ඇත්තේය. පමණ දොළොස් යොදුන්ය. සියයක් පමණ මහත් කුළු ගෙවල්ය, වෛදූර්යමාණික්‍යමය කුලුණු ඇත. රුචි ඇතිරිලි අතුරණ ලද්දේය.
945. “එව වසව, කව, බොව හා යහපත්වූ දිව්‍ය වීණා වාදනය කරත්ද, මෙහි දිව්‍ය රසයෝද පස්කම් ගුණයෝද ඇත්තාහ. ස්වර්ණයෙන් වසාගත් ස්ත්‍රීහුද නටත්.
946. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තොප ලබන ලද්දේද, කිනම් කාරණයකින් තොපට මෙබඳු දිව්‍යානුභාවයක් පහළවේද, සිතට ප්‍රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
“ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්‍යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
948. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළේය..
949. “යමක් දේද, එය නොවේ. අවශ්‍ය දෙය දෙන ලද්දේ එයම ශ්‍රේෂ්ඨය, ඉදිකටුවක් දෙන ලද්දේ ඉදිකටුවම ශ්‍රේෂ්ඨය.
950. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්‍රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්‍රකාශ කරමි. මනුෂ්‍යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
පඨමසූචිවිමානං අට්ඨමං.
9. දෙවෙනි සූචි විමාන කථාව
952. “මේ විමානය උස්ය, පද්මරාග මැණික් කණු ඇත්තේය. පමණ දොළොස් යොදුන්ය. සියයක් පමණ මහත් කුළු ගෙවල්ය, වෛදූර්යමාණික්‍යමය කුලුණු ඇත. රුචි ඇතිරිලි අතුරණ ලද්දේය.
953. “එව වසව, කව, බොව හා යහපත්වූ දිව්‍ය වීණා වාදනය කරත්ද, මෙහි දිව්‍ය රසයෝද පස්කම් ගුණයෝද ඇත්තාහ. ස්වර්ණයෙන් වසාගත් ස්ත්‍රීහුද නටත්.
954. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තොප ලබන ලද්දේද, කිනම් කාරණයකින් තොපට මෙබඳු දිව්‍යානුභාවයක් පහළවේද, සිතට ප්‍රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
“ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්‍යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
956. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළේය..
957. “මම පූර්ව ජාතියෙහි මනුෂ්‍ය ලෝකයෙහි මනුෂ්‍යයෙක්වූයේ
958. “අතිශයින් ප්‍රසන්නවූ අවුල් නොවූ, කෙලෙස් රජස් නැති භික්ෂුවක් දුටිමි. උන්වන්සේට පැහැදුණේ ස්වකීය අත්වලින් හිදිකටුවක් දුනිමි.