2. රේවතී විමාන කථාව
“බොහෝ කාලයක් පිට පලාතක සිට සුවසේ පැමිණි පුරුෂයකු නෑයෝද, මිත්‍රයෝද, සහෝදරයෝද සතුටින් පිළිගනිත්ද,
“එසේම මෙලොවින් පරලොවට කළ පින් ඇති කෙනෙකු පැමිණි ප්‍රිය නෑයකු මෙන් පින් පිළිගනිත්,
“ඉතා පවිටු ස්වභාව ඇති දන් නොදෙන සුළු රෙවතිය, යම්හෙයකින් තිට නිරයට යාම පිණිස දොර නොවසන ලදද එහෙයින් හුන් තැනින් වහා නැඟී සිටුව දුකට පැමිණෙව නිරාදුකින් සමවෙහි නිරි සත්තු යම් නිරයක කෑ ගසත්ද එහි තී පමුණුවන්නෙමු නොහොත් දමන්නෙමු.”
මෙසේත් කියා ලේ වන් ඇස් ඇති මහත්වූ යම දූතයන් සමාන ඒ යක්ෂයෝ දෙදෙන වෙන වෙනම අත් අල්වාගෙන දිව්‍ය සමූහයා වෙත රේවතිය පැමිණවූහ.
සිත් කළුවූද දහසක් රැසින් දිළිසෙන හිරු විමනක් බඳු රන් දැල් වසා සිටි යහපත් හිරු මඬලක් සේ බබළන බොහෝ දෙවඟනන් ගෙන් ගැවසී ගත් අර විමන කාගේද?
“සඳුන් සුවඳ විලවුන් ගල්වන ලද සිරුරු ඇති දෙවඟනෝ විමන (ඇතුලත පිටත) දෙපසින් හොබවත්. ඒ විමන හිරු මඬලක්සේ පෙනෙයි. දෙව්ලොවට පැමිණි කවරෙක් (මේ) විමනෙහි සතුටු වේද?”
“බරණැස් නුවර මසුරු නොව දානපතිව දන් දුන්නාවූ බුද්ධාදී තුනුරුවන්හී පහන් සිතැති නන්දිය නම් උවසුවෙක් විය. ඕහට (දහසක් රැසින් දිලිසෙන) හිරු මඬලක් සේ බබළන දිව්‍යාංගනා සමූහයෙන් ගැවසීගත් මේ විමන (පහළ විය.)
“සඳුන් සුවඳ විලවුන් ගල්වන ලද සිරුර ඇති දිව්‍යාංගනා සමූහයා විසින් දෙපස හොබවත්. එය හිරුමඬලක් සේ පෙනේ. ඒ නන්දියතෙම දෙව්ලොවට පැමිණියේ විමනෙහි සතුටු වෙයි.”
“මම ඒ නන්දියාගේ බිරින්ද වීමි. ගෙයි සිටියාවීමි. ඔහුගේ සියලු වස්තුවට ස්වාමි දුවක් වීමි. දැනුදු ස්වාමියාගේ විමනෙහි සිත් අලවමි. (ඒ) නරකය දැකීමටවත් නොපතමි.”
“ඉතා ලාමක ස්වභාවය ඇති රේවතිය මේ තීගේ නිරයයි. තී විසින් මිනිස් ලොවදී පින්කම් නොකරණ ලද්දේය. තී වැනි මසුරු මලයෙන් යුත් අනුන්ට ක්‍රොධ උපදවන ලාමක ස්වභාව ඇත්තේ දෙවියන්ගේ සහභාවය නොලබයි.
“මලමුත්‍රවලින් හා මහත් පණුවන්ගෙන් ගැවසීගත් දුගඳ හමන මේ අසූචි වැළකීම දක්නා ලැබේද මෙසේ දුගඳ හමන අශුචි වළ කුමක්ද?”
“මේ සංසවක නම් නරකය වෙයි. සියක් පුරුෂ ප්‍රමාණ ගැඹුරුය, යම් නරකයක අවුරුදු දහසක් ආයුෂ නම් එහි රේවතිය (නුඹ) පැසෙන්නේය.
“කයින් හා වචනයෙන්ද, මනසින්ද, කිනම් අකුශලයක් මවිසින් කරන ලද්දේද, සියක් පුරුෂ ප්‍රමාණවූ සංසවක නම් අශුචි නරකය කවර අකුශලයක් හේතුකොට ගෙන මවිසින ලබන ලද්දේද,
“මහණුන්ද, බමුණන්ද, අන් යදියන්ද මුසාවාදයෙන් වංචා කෙළෙහිය. පාපය තා විසින් කරණලදී.
“රේවතිය, ඒ අකුශල හේතුවෙන් සියක්පුරුෂ ප්‍රමාණ ගැඹුරුවූ සංසවක නම් ගූථ නිරය (තී විසින්) ලබනලදී. තී එහි අවුරුදු දාහක් පැසෙන්නෙහිය.
“(තිගේ) අත්ද කපත්, පාද කපත්, කන්ද කපත්, නාසයද කපත්, තවත් කවුඩු රැළ එක්රැස්ව පෙරළෙමින් කති.
“සත්වයෝ යම් කුශලයක්කොට සුවපත් වෙත්ද, පසුතැවිලි නොවෙත්ද, එබඳු දන් දීමෙන් ද සම හැසිරීමෙන් ද හික්මීමෙන් ද, ඉන්ද්‍රිය දමනයෙන් ද, බොහෝ කුසල් කරන්නෙමි. මා (මිනිස් ලොවට) පමුණුවන්නාහුනම් මැනවි”