5. 14. මහාරථවිමාන කථාව
1016. “දහසක් යොදනලද අශ්වවාහනය හොබනේය. නොයෙක් අලංකාර ඇති මේ අශ්ව වාහනයට නැගී දෙවියන්ට අධිපතිවූ වාසව නම් ශක්රයාමෙන් උද්යාන භූමිය හාත්පස ඇවිදී.
1017. “ඔබගේ රියෙහි රත්රන්මයවූ දෙපස ලී දෙක උඩ පැත්තෙන්ද අංශයෙන්ද මනාව ගැළපුණේය. කණු සමූහය ශ්රේෂ්ඨයන් විසින් නිමවන ලද්දේය. පසළොස්වක දවසෙහි චන්ද්රයාමෙන් බබළයි.
1018. “රන්දැලින් ගැවසීගත්තාවූ මේ රථය බොහෝ නොයෙක් රත්නයන්ගෙන් වැඩියක් සතුට උපදවන ඝොෂා ඇත්තේය. ශොභනවූ ස්වර ඇත්තේය. චාමර ගත් අත් ඇත්තවුන් කරණකොට බබළයි.
1019. “රථයාගේ රොද අතරෙහිවූ සිතින් නිපදවනලද මේ නාභීන්ගෙන්ද, සියක් රේඛාවලින් විසිතුරුවූ මේ නාභීන් ගෙන්ද සියගණන් රේඛාවලින් වෙළුණු විදුලියමෙන් බබළයි.
1020. “මේ රථය නොයෙක් සිතුවමින් යුක්තය. බොහෝ නිම්වළලු ඇත්තාහ. දහසක් රැස්ඇත්තේය. ඒවායේ යහපත් ස්වභාවය ඇති නාදය වාදනය කරණ ලද්දේ පඤ්චාංගික තූර්ය මෙන් ඇසෙයි.
1021. “හිසෙහි මැණික් සඳක් ඇති චිත්රය හැමකල්හි යහපත්ය. පැහැ විහිදෙන්නේය. රන් ඉරිවලින් ඉතා අලංකාරය වෙරළුමිණි ඉරිමෙන් ඉතා හොබනේය.
1022. “මැණික් අබරණින් සරසනලද මේ අශ්වයෝ දිග ගෙලවල් ඇත්තාහ. යහපත්වේග ඇත්තාහ. මහත් උපමා ඇත්තාහ. මහත්බල ඇත්තාහ. මහත්වූ වේග ඇත්තාහ. නුඹගේ සිත දැන එසේම හැසිරෙන්නේය.
1023. “සතරදෙන බැගින් ඇත්තාවූ එක්වූ අසුන්ට ශ්රේෂ්ඨවූ මෘදුවූ උඩඟුනොවූ සමව උසුලන්නාවූ මොව්හු ඔබගේ සිත දැන සමසේ පවතිත්.
1024. “යහපත්කොට කරණලද පළඳනා කම්පාකරවමින් අහසෙහි දුවත්, පනිත්, වැටෙත්. ඔවුන්ගේ රම්යවූ නාදය පඤ්චාංගික තූර්යයන් මෙන් ඇසේ.
1025. “රථවල ශබ්දද, පළඳනාවල ශබ්දද, කුරවල නාදයද, ගැටීමේ නාදයද, විසිතුරුවනයෙහි ගන්ධර්වයන්ගේ තූර්යයන් හා මිශ්රව යහපත් හඬක් ඇසෙයි.
1026. “රථයෙහි සිටියාවූ මෘගයෙකුගේ මෙන් සිහින් ඇස් ගුළි ඇති, සිනා ඇති, ප්රියචන ඇති, වෙරළුමිණි දැලින් වැසුණු හීන් සිවියක් ඇති, නිතර දෙවියන් සහිත දක්ෂ ගන්ධර්වයන් දෙවශ්රේෂ්ඨයන් විසින් ඔබ පුදනුලබන්නීය.
1027. “ඇලුම් කටයුතු රතුවස්ත්ර රන්වන් වස්ත්ර අඳින්නාවූ මහත්වූ ඇස් ඇති ආශා උපදවන ඇස් ඇති යහපත් කුලයෙහි උපන්නාවූ යහපත් ශරීර ඇති විෂ්මය පත්වූ ඇඳිලිබැඳ එලඹ සිටියාවූ ඔව්හු රථයෙහි සිටියාහුය.