10. පළමුවෙනි නාග විමාන කථාව
961. “ඉතා සුදු කඳක් ඇති මහත්වූ දික්වූ දළ ඇති, ශක්තිමත් මහත් වේගයක් ඇති, ඇතෙකු පිට නැඟී යහපත්කොට සරසනලද, ශ්රේෂ්ඨ ඇතෙකු පිට නැඟී අහසින් මෙහි පැමිණියේය.
962. “ඇතාගේ දළදෙකෙහි මවනලද මනාව පිපුණු පිරිසිදු ජලය ඇති නෙළුම් විල් වෙත්. පද්මයන්හිද තූර්යවාද කරන්නියෝ පලාගෙන මතුවෙත්. මනහරවූ මොව්හුද නටත්.
963. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
964. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළේය..
965. “වැටුණු මල් අටක් කාශ්යප සර්වඥයන් වහන්සේගේ චෛත්යයෙහි මගේ අතින් පූජා කෙළෙමි.
966. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
පඨමනාගවිමානං දසමං.
11. දෙවෙනි නාග විමාන කථාව
968. “සියල්ලෙන් සුදුවූ උතුම් හස්තියෙකුවූ මහත් ඇතෙකු පිට නැඟී ස්ත්රී සමූහයා විසින් පෙරටු කරණ ලද්දේ මහා වනයෙහි කැරකෙයි. සියලු දිශාවන් දවහත් තරුව මෙන් බබුළුවයි.
969. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තොප ලබන ලද්දේද, කිනම් කාරණයකින් තොපට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
“ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
971. “සතුටුවූ ඒ දිව්යපුත්ර තෙම වංගීස තෙරුන් වහන්සේ විචාරන ලද්දේ ප්රශ්න කරණ ලද්දේවේ. ප්රතිඵලය යම් කර්මයකද එය ප්රකාශ කළේය.
972. “මම මනුෂ්ය ලෝකයෙහි නියම මනුෂ්යයෙක් වූයේ ඇස ඇත්තහුගේ උපාසකයෙක්වීමි. සතුන් මැරීමෙන් වෙන්වූයෙමි. ලෝකයෙහි නුදුන්දේ දුරු කෙළෙමි.
973. “මද්යාපාන නොකළෙමි. බොරුද නොකියමි. ස්වකීය භාර්යාව සමග සතුටුවූවෙක් වීමි. පැහැදුණු සිතින් ආහාරද පානද සහිත සකස් කොට මහත් දානයක් දුනිමි.
974. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
දුතියනාගවිමානං එකාදසමං.
12. තුන්වෙනි නාග විමාන කථාව
976. එම්බා දිව්ය පුත්රය, සර්වාංග සුදුවූ ඇත් වාහනයක නැඟී (පංචාංගික) තූර්යවාදනයෙන්වූ ඝොෂා පවත්වමින් අහසෙහි බබළයි. තෙපි කවරෙක්ද?
977. “දෙවතාවෙක්ද, ගාන්ධර්වයෙක්ද නොහොත් පෙර දන් දුන් ශක්රයාද නොහඳුනන බැවින් විචාරමු. අපි ඔබ කෙසේ දකිමුද?”