11. දෙවෙනි නාග විමාන කථාව
968. “සියල්ලෙන් සුදුවූ උතුම් හස්තියෙකුවූ මහත් ඇතෙකු පිට නැඟී ස්ත්රී සමූහයා විසින් පෙරටු කරණ ලද්දේ මහා වනයෙහි කැරකෙයි. සියලු දිශාවන් දවහත් තරුව මෙන් බබුළුවයි.
969. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තොප ලබන ලද්දේද, කිනම් කාරණයකින් තොපට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
“ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
971. “සතුටුවූ ඒ දිව්යපුත්ර තෙම වංගීස තෙරුන් වහන්සේ විචාරන ලද්දේ ප්රශ්න කරණ ලද්දේවේ. ප්රතිඵලය යම් කර්මයකද එය ප්රකාශ කළේය.
972. “මම මනුෂ්ය ලෝකයෙහි නියම මනුෂ්යයෙක් වූයේ ඇස ඇත්තහුගේ උපාසකයෙක්වීමි. සතුන් මැරීමෙන් වෙන්වූයෙමි. ලෝකයෙහි නුදුන්දේ දුරු කෙළෙමි.
973. “මද්යාපාන නොකළෙමි. බොරුද නොකියමි. ස්වකීය භාර්යාව සමග සතුටුවූවෙක් වීමි. පැහැදුණු සිතින් ආහාරද පානද සහිත සකස් කොට මහත් දානයක් දුනිමි.
974. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
“මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තෙක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
දුතියනාගවිමානං එකාදසමං.
12. තුන්වෙනි නාග විමාන කථාව
976. එම්බා දිව්ය පුත්රය, සර්වාංග සුදුවූ ඇත් වාහනයක නැඟී (පංචාංගික) තූර්යවාදනයෙන්වූ ඝොෂා පවත්වමින් අහසෙහි බබළයි. තෙපි කවරෙක්ද?
977. “දෙවතාවෙක්ද, ගාන්ධර්වයෙක්ද නොහොත් පෙර දන් දුන් ශක්රයාද නොහඳුනන බැවින් විචාරමු. අපි ඔබ කෙසේ දකිමුද?”
978. “මම දෙවියෙක් නොවෙමි. ගාන්ධර්වයෙක් නොවෙමි. පුරින්දද නම් ශක්රයාද නොවෙමි. සුධර්මා නම් යම් දෙවිකෙනෙක් ඇද්ද? ඔවුන්ගෙන් එක්තරා කෙනෙක් වෙමි.”
979. “ඇඳිලි දැඩිකොට සුධර්ම නම් දිව්යපුත්රයන් විචාරමි. මනුෂ්ය ලෝකයෙහි කිනම් කර්මයක් කොට සුධර්මාවෙහි උපදීද?”
980. “උක් පැලක් වේවයි තණ පැලක් වේවයි පිළීකුටියක් වේවයි යමෙක් මේ තුනින් එකක්දී සුධර්මාවෙහි උපදින්නේය.”
තතියනාගවිමානං ද්වාදසමං.
5. 13. චුල්ල රථ විමාන කථාව
982. “මනාකොට සදා නගන ලද දුන්නක් ගෙන එක් කෙළවරක් බිම ඔබා අනෙක් කෙළවර එල්ලී සිටිනාවූ තෝ රජකුලයේ කුමාරයෙක්ද නොහොත් මේ වනයෙහි වසන වල් වැද්දෙක්ද?”
983. “ස්වාමීනි මම අස්සක රජුගේ වනයෙහි හැසිරෙන්නාවූ පුත්රයාය. ස්වාමීන් වහන්ස, මගේ නම නුඹ වහන්සේට කියමි. සුජාතයයි මා දැනගන්න.
984. “මම මෘගයන් සොයන්නේ මහාවනයට වැදුණෙමි. එම මෘගයා නොදැක්කෙමි. මම නුඹවහන්සේ දැක සිටියෙමි.
985. “මහා භාග්ය ඇත්ත, ඔබගේ පැමිණීම යහපත්ය. අයහපත් පැමිණීමක් නොවේ. මෙතැනින් දිය ගෙන ඔබේ පා සෝදාගන්න.
986. “සිහිල්වූ මේ ජලය පර්වත ගුහාවෙන් ගෙන එනලදී. රාජපුත්රය, එතැනින් වී ඇතිරියෙහි හිඳිනු මැනව.
987. “මහාමුනීන් වහන්ස, නුඹගේ වචනය කණට මිහිරිය. යහපත්ය. කෙළතොළු නොවේ. අර්ථවත්ය. මනොඥය. අර්ථය සිතා කියන්නෙහිය.
988. “වනයෙහි වාසය කරන්නාවූ නුඹවහන්සේට කිනම් ඇල්මක්ද, ශ්රේෂ්ඨ ඍෂිවරය, විචාරණලද්ද කියනු මැනව. නුඹවහන්සේගේ වචන මාර්ගය අසා තේරුම් ඇති ධර්ම පදයක හැසිරෙමි.”