3. 8.
659. “රන්වන් වස්ත්‍ර ඇති රන්වන් ධවජ ඇති, රන්වන් අලංකාරයෙන් බබලමින්, අන්‍ය රන්වන් අලංකාරලින් නොපැළැන්දාම හොබින්නෙහිය.
660. “සක්මයවූ අඟුපළඳනා ඇති ස්වර්ණමයවූ මල් දම් ඇත්තාවූ රන් මාලාවලින් හෙබි, නොයෙක් රන්දම්වලින් වැසුණු, නොයෙක් මැණික් පෙළින් යුතු
661. “රන්මයවූ රතු මැණික්මයවූ මුතුමයවූ වෙරළු මිණිමයවූ මැසිරි ගල්මයවූ පද්මරාගමයවූ, පරෙවියන්ගේ ඇස් වැනි මැණික්වලින් විසිතුරුවූ
662. “ඇතැම් ඇතැම් අය මෙහි මොණර හඬට බඳු මනා ස්වරයක් ඇත්තෝය. කිසිවෙක් හංසරාජයාගේ මෙනි. කිසිවෙක් කොවුල් හඬ ඇත්තෝය. ඔවුන්ගේ නාදය යහපත් කොට වැයූ පසඟතුරු හඬසේ යහපත්ව ඇසෙයි.
663. “තොපගේ රථයද යහපත්ය. මනොඥය. නොයෙක් රත්නයෙන් අලංකාරය. නොයෙක් පාට ඇති ද්‍රව්‍ය කොටස් වලින් මනාව බෙදුවාක් මෙන් හොබී.
664. “රන් රුවක වර්ණය ඇති යම්බඳුවූ ඒ රථයෙහි තී සිටියා මේ ප්‍රදෙශය අලංකාර කරන්නෙහිය. දෙවතාව, ප්‍රකාශ කරණු මැනව. මේ කිනම් කර්මයක්හුගේ ඵලයද?”
665. “අප්‍රමාණ ගුණ ඇති ගෞතමයන් වහන්සේ පිරිනිවී කල්හි රන් දැල් ඇති මැණික්වලින් හා රනින් අලංකාරවූ මුතු ඇමුණූ රන් දැලකින් පැහැදුණ සිතින් මම වැසුයෙමි.
666. “මම බුදුන් විසින් වර්ණනාකරණලද ඒ පින කොට පහවූ ශෝක ඇත්තී සුවපත්වූවා නිරෝගිවූවා ප්‍රීතිවෙමි.”
මල්ලිකාවිමානං අට්ඨමං.
3. 9.
667. “විසාලක්ඛිය, ඔබ දිව්යාංගනා සමූහයා විසින් පෙරටු කරණලද්දී රම්‍යවූ චිත්‍රලතා වනයෙහි හාත්පස ඇවිදින්නෙහිය.
668. “යම් කාලයෙක්හි තවුතිසා වැසි දෙවියෝ මේ වනයට ප්රවිෂ්ටවෙත්ද මෙහි පැමිණියාවූ සුදුසුවූ රථ සහිතවූ සියල්ලෝ විසිතුරු වෙති.
669. “මෙහි පැමිණ උයනෙහි හැසිරෙන තොපගේ ශරීරයෙහි කැළලක් නොපෙනේ. තොපගේ රූපය කවරහෙයකින් මෙබඳුවීද? විචාරණලද දේවතාව කියනු මැනව, කිනම් කර්මයක්හුගේ මේ ප්‍රතිඵලයද?”
670. “දෙවෙන්ද්‍රය, යම් කර්මයකින් මගේ රූපයද මගේ ගතියද ඍද්ධියද ආනුභාවයද වේද, ශක්‍රය එය අසනු මැනව.
671. “මම රම්‍යවූ රජගහනුවර හැමකල්හි ශ්රද්ධාවත්වූ සීලයෙන් යුක්තවූ බෙදාදීමෙහි ඇලුණු සුනන්දා නම් උපාසිකාවක් වූවාවෙමි.
672. “වස්ත්‍රද, ආහාරද, සෙනසුන්ද, පහන්ද, පැහැදුනාවූ සිහින් සෘජුවූවන් වෙත දුනිමි.
673. “තුදුස්වක් දිනයෙහිද පසළොස්වක් දිනයෙහිද පක්ෂය සම්බන්ධ අටවක් දිනයෙහිද ප්රාතිහාර්ය පක්ෂ දිනයෙහිද අෂ්ටාංගයෙන් යුක්තවූ උපොසථය සමාදන් වීමි.
674. “හැමකල්හි සීල සංවරයෙන් යුක්තව පොහෝදා අටසිල් සමාදන්වීමි. සියලු කාලයෙහිම හික්මීමෙන් යුක්තව සීලය වෙන් වෙන්ව සිතීමෙන් යුක්තව, මාගේ ගෙයි වාසය කෙළෙමි.
675. “සතුන් මැරීමෙන් වෙන්වුණෙමි. බොරු කීමෙන්ද වැළකුණෙමි. සොරකමින්ද මිථ්යාචාරයෙන්ද, මත්පැන් බීමෙන්ද දුරුවුණෙමි.
676. “යසස ඇත්තාවූ, නුවණැස ඇත්තාවූ ගෞතමයන් වහන්සේගේ සිල්පද පසෙහි ඇලුණු ආර්යසත්යයෙහි දක්ෂ උපාසිකාවක් වීමි.
677. “ඒ මාගේ නෑ කුලයෙහි දාසියක් හැමකල්හි මල් ගෙන එයි. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ථූපයෙහි සියල්ල පිදුවෙමි.