3. 6.
620. “වර්ණයෙන් බබලමින් යසසින් යසස් ඇතිව සියලු තව්තිසාවැසි දෙවියන් වර්ණයෙන් ඉක්මවා බබලන්නෙහිය.
621. “පෙරදැකීමක් නොදනිමි. මේ පළමුවෙනි දැකීමයි. කවර ජාතියකින් ආවාදැයි මට නම කියන්නෙහිය.”
622. “භද්‍රාව, මම පෙර මනුෂ්‍ය ආත්මයෙහි සුභද්‍රාව විය. මමද මගේ බාලසොහොවුරියද නුඹගේ සමාන භාර්යාවෝ වූමු.
623. “ඒ මම කායයාගේ බිඳීමෙන් මිදුනී ඉන් චුතවූවා නිර්මාණරතී දෙවියන් හා සහභාවයට පැමිණියෙමි.
624. “බොහෝ යහපත කරණලද ඒ සත්වයෝ දෙවියන් අතරට යත් සුභද්‍රාව ඒ ඔවුන් අතර ඔබ තමාගේ ජාතිය කියන්නෙහිය.
625. “නුඹ කෙසේ කිනම් වර්ණයකින්, කවරෙකු විසින් අනුශාසනා කරණලද්දී කිනම් දානයකින් කිනම් යහපත් ව්‍රතයකින් යශස් ඇත්තියක්වීද,
626. “ඒ ඔවුන් අතර මෙබඳු මහත්වූ විශේෂවූ යශසකට පැමිණියෙහිද, දෙවතාව, අසන ලද්දී කියනු මැනවි. මේ කිනම් කර්මයක ඵලද?”
627. “පෙරදී මට සුදුසු භික්ෂූන් වහන්සේ නමකට පැහැදී ස්වකීය අත්වලින් දක්ෂිණාර්හ සංඝයාට පිණ්ඩපාතයක් දුනිමි.
628. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්‍රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
629. “මහත් ආනුභා ඇති දේවීනි, තොපට කියමි. මම මනුෂ්‍යව සිටියදී යමක් කෙළෙම්ද, ඒ කරණකොට ගෙන මෙසේ දිලිසෙන ආනුභාව ඇත්තේවෙමි. මාගේ වර්ණයද සියළු දිශා බබුලුවයි.
630. “මම ඔබට වඩා බොහෝ සංවර බ්‍රහ්මචාරී භික්ෂූන්ට පැහැදුණිමි. ස්වකීය අත්වලින් සතුටු කෙළෙමි. මම ඔබට වඩා බොහෝදේ දී හීන ශරීර තත්ත්වයකට පැමිණියෙමි.”
631. “දෙවතාව, කෙසේ නුඹ ස්වල්පයක්දී විශේෂ මහත්වයකට පැමිණියෙහිද, විචාරණලද දෙවතාව කියනු මැනව. කිනම් කර්මයක මේ ඵලද?”
632. “පෙර සිත දියුණුකරණ මහණ කෙනෙක් මා විසින් දක්නාලදහ. ඒ මම තමා අටවැනිකොට රෙවත තෙරුන් පැවරුවෙමි.
633. “යහපතට මුල්වූ ඒ රේවත ස්ථවිර තෙමේ අනුකම්පා පිණිස සංඝයාට දෙවයි මට කීයේය. මම උන්වහන්සේගේ වචනය කෙළෙමි.”
634. “ඒ සංඝයා කෙරෙහිවූ දක්ෂිණාව ප්‍රමාණ නොකළ හැකි තන්හි පිහිටියේය. තී විසින් පුද්ගලයන් කෙරෙහි දෙනලද්ද, තීට මහත්ඵල නොවේ.”
635. “සංඝයා කෙරෙහි දෙනලද්ද මහත් ඵලයයි, මම දැන් දනිමි. ඒ මම මනුෂ්‍ය ආත්මයට ගොස් දෙන සුලුවූවා, පහවූ මසුරු බල ඇත්තී. නැවතද අප්‍රමාදව සංඝයා කෙරෙහි දන් දෙන්නෙමි.
636. “භද්‍රාව, මේ දෙවතාවා කවරීද? තී සමග කථා කරණු ලබයි. තව්තිසා වැසි සියලු දෙවියන් වර්ණයෙන් ඉක්ම බබලයි.”
637. “දෙවෙන්ද්‍රය, පෙර මනුෂ්‍ය ලෝකයෙහි මනුෂ්‍යවූවා මගේ බාල සහෝදරියද සමාන භාර්යාවිය. සංඝයා කෙරෙහි දන්දී කළ පින් ඇත්තී බබලයි.”