5. ගුත්තිල කථාව
328. “මම තත්සතක් ඇත්තාවූ රමනීයවූ අතිශයින් මිහිරිවූ, වීනාවාදනය ඉගැන්වීමි. හෙතෙම මා රඟමඬලට කැඳවයි. දෙවෙන්ද්රය මට පිහිටවනු මැනවි.”
329. “මම ඔබට පිහිටවෙමි. මම ගුරුන් පුදන්නෙකි. ශිෂ්ය (මූසිලයා) නොදිනන්නේය. ආචාර්ය තෙමේ ශිෂ්යයා පරදවන්නේය.”
330. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.
331. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
332. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද?”
333. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.”
334. “පුරුෂයන් අතරද ස්ත්රීන් අතරද උතුම් වස්ත්රයක් දන්දෙන ස්ත්රී තොමෝ ශ්රේෂ්ඨවේ. මෙසේ ප්රියදේ දෙන ඒ ස්ත්රී තොමෝ දිව්යස්ථානයට පැමිණ කැමතිදේ ලබයි.
335. “ඒ මාගේ උත්තම වර්ණසම්පත් හා දිව්යවිමානය බැලුව මැනව. මම දිව්යාංගනාවන් දහසකට ශ්රේෂ්ඨවූ, පින්වල විපාකය බලව. කැමැතිවිය යුතු වර්ණ ඇති අප්සරාවක් වෙමි.
336. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.”
337. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.”
(යථා ච එත්ථ එවං උපරි සබ්බවිමානෙසු විත්ථාරෙතබ්බං.)
338-341. ඉතා යහපත් පැහැයෙන් යුක්තව යම් ඔබ සිටින්නෙහිද... (පෙර පරිදිම විස්තර වේ)... ඔබගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
342. පුරුෂයන් අතරද ස්ත්රීන් අතරද උතුම් මල් දන්දෙන ස්ත්රී තොමෝ ශ්රේෂ්ඨවේ. මෙසේ ප්රියදේ දෙන ඒ ස්ත්රී තොමෝ දිව්යස්ථානයට පැමිණ කැමතිදේ ලබයි.
343. ඒ මාගේ විමානය බලව. මම කැමති රූ ඇති අප්සරාවක් වෙමි. මම දහසක් අප්සරාවන්ට (ප්රධාන වෙමි). පින්වල විපාකය බලව.
344-349. ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ... (පෙර පරිදිම විස්තර වේ)... මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
350-373. උතුම් සුවඳ දන්දෙන ස්ත්රී තොමෝ පුරුෂයන් හා ස්ත්රීන් අතර ශ්රේෂ්ඨ වේ... උතුම් ඵල දන්දෙන ස්ත්රී... උතුම් රස දන්දෙන ස්ත්රී...
374-381. කාශ්යප භාග්යවතුන් වහන්සේගේ ස්ථූපයෙහි මම (සුවඳින්) ඇඟිලි පසෙහි සටහනක් දුනිමි... ඒ මගේ විමානය බලව... මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
382-389. භික්ෂූහුද මමද භික්ෂුණීහුද මගට බැස්ස භික්ෂූන් දැක්කෙමු. මම ඔවුන්ගේ බණ අසා එක දවසක් පෙහෙවස් සමාදන්වීමි... ඒ මගේ විමානය බලව... මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
390-397. දියෙහි සිටගෙන මම පැහැදුනු සිතින් භික්ෂුවකට පැන් දුනිමි... ඒ මගේ විමානය බලව... මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
398-405. චණ්ඩ ස්වභාව ඇති ක්රොධකරණ විරුද්ධවූ ස්වාමියාගේ පියාටද මවටද ඊර්ෂ්යා නොකර (මම) උපස්ථාන කෙළෙමි. ස්වකීය ශීලයෙන් අප්රමාද වූයෙමි... (පෙර පරිදිම විස්තර වේ).
406-413. අනුන්ගේ වැඩ කරණ ක්රොධ නොකරණ, අතිමාන නැති, යහපතෙහි කම්මැලි නොවූ ස්වකීය කොටස බෙදා අනුභවකරන දාසියක්වීමි... (පෙර පරිදිම විස්තර වේ).