4. ලතාවිමාන කථාව
317. “උත්තම දෙවතාවූ ලතාද සජ්ජාද, ශ්‍රීමත් දිව්‍ය රාජවරයාගේ අච්චිමුඛීද, සුතාද, වෛශ්‍රවණ රජුගේ දූ වූ රාජිමතී ද ධර්ම ගුණවලින් බබලන්නේය.
318. “පස්දෙනෙක් වූ ස්ත්‍රීහු සිහිල් දිය ඇති, ක්‍ෂේමවූ, උපුල් මල් ඇති නදියට නහනු පිණිස එහි ගියහ. ඒ දෙවතාවෝ එහි නා, රමණය කොට, නටා, ගායනා කොට, සුතා නම් දෙව්දුව ලතා දෙව්දුවට (මෙසේ) කීවාය.”
319. “උපුල් මල් දරන්නාවූ, මල් දමින් ගැවසුනාවූ, රන්වන් සමක් ඇත්තාවූ, අහසෙහි විදුලියක් මෙන් බබලන්නාවූ, දීර්ඝායුෂ්කාවූ දේවිය, ඔබ විචාරමි. ඔබගේ යසස කවර හෙයකින් කරන ලද්දක්ද?”
320. “සුන්දරීය, කවර හේතුවකින් ස්වාමියාට වඩා ප්‍රියවෙහිද, රූපයෙන් විශේෂවූ වඩා උස්වූවක් වෙහිය. පැදකුණු කිරීම් සහිත නැටීම් ගී කීම් වැයීම් ඇත්තීය, ඔබ ස්ත්‍රී පුරුෂයන් විසින් විචාරන ලද්දී අපට කියව.”
321. “මනුෂ්‍යයන් අතරෙහි නියම මනුෂ්‍යයෙක් වූ මම පොහොසත් ගෙදරක ලේලියක්වීමි. ක්‍රොධ නොකරන ස්වාමියාගේ අදහස් අනුව පවතින පොහෝදා සිල්රැකීමෙහි අප්‍රමාද තැනැත්තියක්වීමි.
322. “මනුෂ්‍යවූ, ළදරුවූ, පවුකාරියක්වූ මම ප්‍රසන්න සිතින් හිමියාගේ සහෝදරයාද, නැන්දාද මාමාද සතුටු කෙළෙමි. ඔවුන් මාගේගුණ ඝොෂා ඇතිවීමි.
323. “ඒ මම ඒ කුශල කර්මයෙන් කරුණු සතරෙකින් විශේෂයට පැමිණියෙමි. ආයුෂද, වර්ණයද, සැපයද, බලයද බොහෝවූ ක්‍රීඩා ඇල්මද විඳිමි.
324. “උත්තම දෙවතාවූ මේ ලතාතොමෝ ඒ සුතාවට යමක් කියන්නේ නොවේද? යමක් අපි විචාළෙමුද ස්වාමියාගේද උතුම් කාන්තාවන්වූ ඒ අපගේ ද ස්වභාවයන් අපට කීවානොවේද?
325. “පතිව්‍රතා ඇති ස්ත්‍රීහු යම් තැනෙක වෙත්ද, (අපි) සියල්ලෝ ස්වාමිවරුන් කෙරෙහි ධර්මයෙහි හැසුරුණෙමු සියල්ලෝ ස්වාමිවරුන් කෙරෙහි ධර්මයේ හැසිර යම් ඒ සම්පත් ලදිමුයි මේ ලතා කියයි.
326. “කඳු මුදුන්වලද හැසිරෙන මස් බුදින සිංහයා මහින්ධර නම් පර්වතය ඇසුරුකොට අනෙක් කුඩා සිවුපාවන් මැඩලයි.
327. “එපරිද්දෙන්ම මෙහි සැදැහැවත් ආර්ය ශ්‍රාවිකා තොමෝ ස්වාමියා නිසා ස්වාමියාට අනුකූල පැවතුම් ඇත්තී, ක්‍රෝධය නසා මසුරුකම මැඩ ධර්මයෙහි හැසිරෙන්නීවේද, ඕ දෙව්ලොව සතුටුවෙයි.”
ලතාවිමානං චතුත්ථං.