2. උච්ජු දායිකා විමාන කථාව
297. “දෙව් ලෝ සහිත පෘථිවිය අලංකාර කොට චන්ද්ර සූර්යයන්ගේ පාටින්ද කීර්තියෙන්ද තෙජසින්ද බ්රහ්මයාටද තව්තිසා දෙව්ලොව ශක්රයා සහිත දෙවියන්ටද වඩා බබලන්නෙහිය.
298. “දෙවතාව, උපුල් මල් දරන්නාවූ මලින් හාත්පසින් වෙලුනාවූ රන්වන් සමක් ඇති අලංකාර උතුම් වස්ත්ර දරන යහපත් දෙවතාව මා වඳින්නෙහිය. ඔබ කවුද?”
299. “පෙර ජාතියෙහි මනුෂ්යවූ තමා කිනම් කර්මයක් කරණ ලද්දේද, දානයක් පුරුදු කරණ ලද්දේද, නැවත ශීලයක් රකින ලද්දේද, යසසින් යුක්තවූවා කුමක් කොට සුගතියේ උපන්නීද විචාරන ලද්දී මේ කිනම් කර්මයක ඵලයක්දැයි කියව.”
300. “ස්වාමීනි, දැන් ඔබවහන්සේ මේ ගමට පිඬු පිණිස හැසුරුනේ අපේ ගෙදරටම පැමිණියේය. ඒ අවස්ථාවෙහි නුඹවහන්සේ කෙරෙහි පැහැදුන සිතින් මහත් ප්රීතියෙන් උක් කැබෙල්ලක් දුනිමි.
301. “පසුව නැන්දම්මාද ‘ස්ත්රිය, මට නොකියා’ කොහි උක්ගස් දැමූයෙහිදැයි’ ඇසීය. ‘මම ඉවත නොදැමීමි, නොකෑවෙමි, ශාන්ත භික්ෂුවකට දුන්නෙමියි’ කීවෙමි.
302. “මේ සම්පත් තොපගේද නැත්නම් මාගේ දැයි ඒ නැන්දා මට අපහාස කළාය, පුටුවක් ගෙන මට පහරක් දුන්නීය. ඉන් චුතව කලුරිය කළාවූ මම දෙවතාවියක් වීමි.
303. “මා විසින් ඒ කුශලකර්මයම කළෙමි. මා විසින් කුශලකර්මයද අනුභව කරමි. මේ දෙවියන් සමග පිරිවරමි. පස්කම් ගුණයෙන් සතුටු වෙමි.
304. “මා විසින් ඒ කුශල කර්මයම කරණ ලදී. මා විසින් සැපවූ කර්මක විපාකයක් අනුභව කරමි. මම පස්කම් ගුණයෙන් යුක්තවූවා තවුතිසා වැසි දෙවියන් විසින් රක්නා ලද්දී ශක්රයා විසින් රැකවරණය කරණ ලද්දී වෙමි.
305. “මෙබඳු කුශල විපාකය අල්ප නොවේ. මාගේ උක් දානය මහත් විපාක ඇත්තේය. මම දෙවියන් සමග පිරිවරමි. පස්කම් සැපයෙන් සතුටු වෙමි.
306. “මෙබඳු පුණ්ය ඵලය අල්ප නොවෙයි. මාගේ උක්දානය ආලෝකමත් විපාක ඇත්තීය. නදුන් වනයෙහි ශක්ර භාර්යාව මෙන් දහසක් නෙත් ඇති ශක්රයා විසින් රක්නා ලද්දීය. තව්තිසා වැසි දෙවියන් විසින් රක්නි වෙමි.
307. “ස්වාමීනි, අනුකම්පාව ඇති, දක්නා, නුඹවහන්සේ වෙත පැමිණ වැන්දෙමි. සුවදුක්ද විචාළෙමි. නුඹවහන්සේට පැහැදුන සිතින් අසමාන ප්රීතියෙන් උක්කැබෙල්ලක් දුන්නෙමිද, එහෙයිනි.”
උච්ඡුදායිකාවිමානං දුතියං.
3. පර්යංක විමාන කථාව
308. “මහත් ආනුභාව ඇති දේවිනි, මැණික්, රත්රන්වලින් විසිතුරුවූ මල් විසිරවූ මහත් උතුම් පර්යංකයවූ ඇඳෙන ලොකු කුඩා ඍද්ධින් කරමින් සිටින්නෙහිය.
309. “ඔබගේ මේ දිව්යාංගනාවෝ හාත්පසින් නටත්, ගී කියත්. සතුටුවෙත්. මහත් ආනුභාව ඇති දිව්ය ඍද්ධියට පැමුණුනෙහිය. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෝද, කිනම් කරුණකින් මෙසේ දිළිසෙන ආනුභාව ඇත්තීද ඔබගේ පැහැය සියලු දිශාවෙහි බබළයි.