2. 5.
204. “දිව්‍යාංගනාව, නිල් රන්වන්, ලේවන්, සුදු, ළා රතු, මිශ්‍ර වර්ණය ඇති ලොකු කුඩා පාට ඇති මල් රොනින් ගැවසී ගත්,
205. “මදාරා මල් වලින් මාලාවක් දරන්නෙහිය. බබලන්නෙහිය. මේ දෙව්ලොව සෙසු දෙවතාවන්ට මෙබඳු මල් ගස් නැත්තේය.
206. “කවර කුශල කර්මයක් කරණකොටගෙන මේ තව්තිසා භවනයෙහි උපන්නීද? දෙවතාවිය මා විසින් විචාරණ ලද මේ ප්‍රශ්නයට පිළිතුරු ප්‍රකාශ කරව, කවර කර්මයක් හුගේ මේ ඵලද?”
207. “ශ්රද්ධාවත්ව, යහපත් ආචාර සමාචාර ඇතිව හැම කල්හි බෙදා දීමෙහි ඇලුනු කිම්බිලාවෙහි උපාසිකාවූ යහපත් ස්ත්‍රියයි මා දන්නාහුය.
208. “පැහැදුන සිතින් වස්ත්‍රද ආහාරද සෙනසුන්ද පහන්ද ඍජුවූවන් කෙරෙහි දුනිමි.
209. “තුදුස්වක් දිනයෙහිද පසළොස්වක් දිනයෙහිද පක්ෂය සම්බන්ධ අටවක් දිනයෙහිද ප්රාතිහාර්ය පක්ෂ දිනයෙහිද අෂ්ටාංගයෙන් යුක්තවූ
210. “උපොසථය සමාදන් වීමි. සියලු කාලයෙහිම හික්මීමෙන් යුක්තව සීලය වෙන් වෙන්ව සිතීමෙන් යුක්තව, මාගේ ගෙයි වාසය කෙළෙමි.
211. “ප්‍රාණඝාතයෙන් වෙන්වූවා බොරු කීමෙන් හික්මුණු සොරකම් කිරීමෙන්ද පරදාර සේවනයෙන්ද සුරාපානය කිරීමෙන්ද දුරුවූවා වෙමි.
212. “ශික්ෂාපද පසෙහි ඇලුනාහ. ආර්ය සත්‍යයෙහි දක්ෂවූ මම බුදුන්ගේ අප්‍රමාදව වාසය කරණ උපාසිකාවක් වීමි.
213. මම අතිශයින් හිතානුකම්පීවූ භික්ෂූන්ද මහා මුනිවූ තපස්වීන් දෙනමක්ද වැළඳවූයෙමි. කරණ ලද බඹසර විසීම් ඇති කරණ ලද කුසල් ඇති ඉන් යුක්තවූ මම සිය ප්‍රභාවෙන් නදුන් උයනෙහි හැසිරෙමි.
214. මම අප්‍රමාණ සැප ගෙනදෙන්නාවූ අංග අටකින් යුත් උපොෂථය නිතර සමාදන් වීමි. කරණ ලද බඹසර විසීම් ඇති කරණ ලද කුසල් ඇති ඉන් යුක්තවූ මම සිය ප්‍රභාවෙන් නදුන් උයනෙහි හැසිරෙමි.
භද්දිත්ථිවිමානං (භද්දිත්ථිකාවිමානං (ස්‍යා.)) පඤ්චමං.
2. 6.
215. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්‍යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.
216. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්‍යානුභාවයක් පහළවේද, සිතට ප්‍රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
217. ‘දෙවතාවෙනි, කිනම් පිනකින් ඔබ නිර්මල වූ බැබළීම් ඇත්තී විශේෂයෙන් බබළන්නෙහිද? කිනම් පිනකින් ඔබගේ සියලු ශරීර අවයවයන්ගෙන් සියලු දිශාවෝ බබළත්ද?’
218. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්‍යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
219. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළාය.