2. 6.
215. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.
216. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
217. ‘දෙවතාවෙනි, කිනම් පිනකින් ඔබ නිර්මල වූ බැබළීම් ඇත්තී විශේෂයෙන් බබළන්නෙහිද? කිනම් පිනකින් ඔබගේ සියලු ශරීර අවයවයන්ගෙන් සියලු දිශාවෝ බබළත්ද?’
218. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
219. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.
220. “ශ්රද්ධාවත්ව, යහපත් ආචාර සමාචාර ඇතිව හැම කල්හි බෙදා දීමෙහි ඇලුනු නාලන්දාවේ සොණදින්නා උපාසිකාවූ ස්ත්රියයි මා දන්නාහුය.
221. “පැහැදුන සිතින් වස්ත්රද ආහාරද සෙනසුන්ද පහන්ද ඍජුවූවන් කෙරෙහි දුනිමි.
222. “තුදුස්වක් දිනයෙහිද පසළොස්වක් දිනයෙහිද පක්ෂය සම්බන්ධ අටවක් දිනයෙහිද ප්රාතිහාර්ය පක්ෂ දිනයෙහිද අෂ්ටාංගයෙන් යුක්තවූ
223. “උපොසථය සමාදන් වීමි. සියලු කාලයෙහිම හික්මීමෙන් යුක්තව සීලය වෙන් වෙන්ව සිතීමෙන් යුක්තව, මාගේ ගෙයි වාසය කෙළෙමි.
224. “ප්රාණඝාතයෙන් වෙන්වූවා බොරු කීමෙන් හික්මුණු සොරකම් කිරීමෙන්ද පරදාර සේවනයෙන්ද සුරාපානය කිරීමෙන්ද දුරුවූවා වෙමි.
225. “ශික්ෂාපද පසෙහි ඇලුනාහ. ආර්ය සත්යයෙහි දක්ෂවූ මම ගෞතම යශස්වීන්වහන්සේගේ උපාසිකාවක් වීමි.
226. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
227. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
සොණදින්නාවිමානං ඡට්ඨං.
2. 7.
228. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.
229. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
230. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,”
231. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.