2. 3.
183. “පිඬු පිණිස හැසිරෙන්නාවූ නිශ්ශබ්දව සිටින්නාවූ ඔබවහන්සේට දිළිඳු වූ දුක්පත්වූ අනුන්ගේ ගෙවල්වල වසන,
184. “යම් ස්ත්රියක් පැහැදුනී ස්වකීය අත්වලින් දම්කුඩ බත් දුන්නීය. ඕතොමෝ මනුෂ්ය ශරීරය අත්හැර කිනම් දිශාවකට ගියේද,
185. “පිඬු පිණිස හැසිරෙන්නාවූ නිශ්ශබ්දව සිටින්නාවූ මට අනුන්ගේ ගෙවල්වල සිටින දිළිඳු දුක්පත්,
186. “යම් ස්ත්රියක්තොමෝ මට පැහැදුනී ස්වකීය අත්වලින් දම්කුඩ බත් දුන්නීද, ඕතොමෝ මින් චුතව කෙලෙසුන්ගෙන් මිදුණේය.
187. “මහත් ඍද්ධි ඇත්තාවූ නිර්මානරතී නම් දෙවියෝ ඇත්තාහ. එහි දම්කුඩ බත් දුන් ඒ ස්ත්රිතොමෝ සුවපත්වූවා සතුටුවේ.
188. “කාශ්යපයන් වහන්සේ කෙරෙහි දුගී තැනැත්තියගේ මනාව පිහිටුවන ලද දානය ආශ්චර්යයි. අනුන් විසින් ගෙනෙන ලද දානයෙන් ඒකාන්තයෙන් දක්ෂිණාව සමෘද්ධවේ.
189. “යම් ස්ත්රියක් සක්විති රජුගේ භාර්යා බව කරන්නේද සියලු අංගයෙන් යහපත් වූවා, ස්වාමියාට ශ්රේෂ්ඨ දර්ශන ඇත්තීද, ඒ දම්කුඩ බත් දානයාගේ සොලොස් කලාවෙන් කලාවක්වත් නොඅගනේය.
190. “නිෂ්ක (කලං 25 බර) රන් කාසි සියයක්ද, අශ්වයෝ සියයක්ද, අශ්වතරයන් යෙදූ රථ සියයක්ද, මුතු මැණික් කොඬොල් පැළඳ කන්යාස්ත්රීන් සියයක්ද මේ දම්කුඩ බත් දානයාගේ සොලොස් කලාවෙන් කලාවක් පමණවත් නොඅගනේය.
191. “උඩට නැගුණු නගුලිස් පමණ දළ ඇති හිමාල පර්වතයෙහි උපන් ඇත්තුද රන් ඇතිරි ඇති රනින් සැරසූ වස්ත්ර ඇති ඇත්තුද මේ දම්කුඩ බත් දානයට සොලොස් කලාවෙන් කලාවක්වත් නොඅගනෝය.
192. “යමෙක්තෙම මේ ලෝකයෙහි සතර මහ දිවයිනට අයිති කම කරන්නේද ඒ රාජ්යයේ එක් දම්කුඩ බත් දානයේ වටිනාකමින් සොළොස් වන කලාවෙන් කලාවක්වත් නොඅගනේය.
ආචාමදායිකාවිමානං තතියං.
2. 4.
193. “එම්බා සැඩොල් මැහැල්ල, යසස් ඇත්තා වූ ගෞතමයන් වහන්සේගේ පා වඳින්න මුනීන්ට ශ්රේෂ්ඨවූ උන්වහන්සේ තොපටම අනුකම්පා පිණිස සිටිසේක.
194. “ඉෂ්ට අනිෂ්ට අරමුණු කෙරෙහි තාදී ගුණයෙන් යුත් රහතන් වහන්සේ කෙරෙහි සිත පහදව, ඉක්මනට දොහොත් බැඳ, වඳින්න. ඔබගේ ජීවිතය ස්වල්ප කාලයක් පවත්නේය,
195. “අන්තිම ශරීරය දරන වඩන ලද ආර්ය මාර්ගය ඇති මුගලන් මහ තෙරුන් වහන්සේ විසින් මෙහෙයවන ලද සැඩොලිය යසස් ඇති ගෞතමයන් වහන්සේගේ පා වැන්දාය.
196. “අඳුරෙන් සූර්යයාවූ බුදුන්ට නමස්කාර කරන්නාවූ ඇඳිලි බැඳ සිටියාවූ ඒ චණ්ඩාලිය දෙනක් ඇන මැරුවාය.
197. “අරණ්යයක තනිව වසන මුගලන් තෙරුන් වෙත දිව්යසම්පත් ලැබූ තැනැත්තී පැමිණ මහානුභාව සම්පන්න වීරයන් වහන්ස, ක්ෂය කළ ආශ්රව ඇති පහවූ රජස් ඇති තෘෂ්ණා රහිත හුදකලාව අරණ්යයෙහි සිටින ඔබට මහත් ආනුභාව ඇති දිව්ය ඍද්ධියට පත්වූ මා වඳිමි.
198. “යහපත් දෙවතාව, රන්වන්වූ දිලිසෙන්නාවූ මහත් යසස් ඇති නොයෙක් ලෙස විසිතුරු විමනකට නැගී දිව්යාංගනාවන් පිරිවරා මා වඳින්නාවූ ඔබ කවරෙක්ද?