2. 2.
171. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.
172. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
173. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
174. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.
175. “මගේ ගෘහය මසුන් මරන ගම දොරටුවෙන් නික්මුණු තැන විය. එහි හැසිරෙන්නාවූ මහර්ෂීවූ ශ්රාවකයන්ට
176. “මම ප්රසන්න සිතින් බතක්ද, පිට්ටුවක්ද, පලාකොලද ලුණු කැඳක්ද පැහැදුණ සිතින් ඍජු අදහස් ඇත්තන් කෙරෙහි දුනිමි.
177. “තුදුස්වක් දිනයෙහිද පසළොස්වක් දිනයෙහිද පක්ෂය සම්බන්ධ අටවක් දිනයෙහිද ප්රාතිහාර්ය පක්ෂ දිනයෙහිද අෂ්ටාංගයෙන් යුක්තවූ
178. “උපොසථය සමාදන් වීමි. සියලු කාලයෙහිම හික්මීමෙන් යුක්තව සීලය වෙන් වෙන්ව සිතීමෙන් යුක්තව, මාගේ ගෙයි වාසය කෙළෙමි.
179. “ප්රාණඝාතයෙන් වෙන්වූවා බොරු කීමෙන් හික්මුණු සොරකම් කිරීමෙන්ද පරදාර සේවනයෙන්ද සුරාපානය කිරීමෙන්ද දුරුවූවා වෙමි.
180. “පඤ්ච ශික්ෂා පදයෙහි ඇලුනෙමි. ආර්යසත්යය දැනීමෙහි දක්ෂවීමි. යසස් ඇති පසැස් ඇති ගෞතමයන් වහන්සේගේ උපාසිකාවක් වීමි.
181. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
182. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
ස්වාමීනි, මාගේ වචනයෙන් භාග්යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වන්දනා කළ මැනව. 'ස්වාමීනි, ලඛුමා නම් උපාසිකාව භාග්යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වන්දනා කරයි' කියායි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ යම් සාමඤ්ඤඵලයක (මා ගැන) ප්රකාශ කරන සේක්ද, එය පුදුම සහගතය. භාග්යවතුන් වහන්සේ (මා) සකෘදාගාමී ඵලයෙහි යැයි ප්රකාශ කළ සේක.
ලඛුමාවිමානං දුතියං.
2. 3.
183. “පිඬු පිණිස හැසිරෙන්නාවූ නිශ්ශබ්දව සිටින්නාවූ ඔබවහන්සේට දිළිඳු වූ දුක්පත්වූ අනුන්ගේ ගෙවල්වල වසන,
184. “යම් ස්ත්රියක් පැහැදුනී ස්වකීය අත්වලින් දම්කුඩ බත් දුන්නීය. ඕතොමෝ මනුෂ්ය ශරීරය අත්හැර කිනම් දිශාවකට ගියේද,
185. “පිඬු පිණිස හැසිරෙන්නාවූ නිශ්ශබ්දව සිටින්නාවූ මට අනුන්ගේ ගෙවල්වල සිටින දිළිඳු දුක්පත්,
186. “යම් ස්ත්රියක්තොමෝ මට පැහැදුනී ස්වකීය අත්වලින් දම්කුඩ බත් දුන්නීද, ඕතොමෝ මින් චුතව කෙලෙසුන්ගෙන් මිදුණේය.
187. “මහත් ඍද්ධි ඇත්තාවූ නිර්මානරතී නම් දෙවියෝ ඇත්තාහ. එහි දම්කුඩ බත් දුන් ඒ ස්ත්රිතොමෝ සුවපත්වූවා සතුටුවේ.
188. “කාශ්යපයන් වහන්සේ කෙරෙහි දුගී තැනැත්තියගේ මනාව පිහිටුවන ලද දානය ආශ්චර්යයි. අනුන් විසින් ගෙනෙන ලද දානයෙන් ඒකාන්තයෙන් දක්ෂිණාව සමෘද්ධවේ.
189. “යම් ස්ත්රියක් සක්විති රජුගේ භාර්යා බව කරන්නේද සියලු අංගයෙන් යහපත් වූවා, ස්වාමියාට ශ්රේෂ්ඨ දර්ශන ඇත්තීද, ඒ දම්කුඩ බත් දානයාගේ සොලොස් කලාවෙන් කලාවක්වත් නොඅගනේය.