2. 1.
156. “දෙවියන්ට අධිපතිවූ ශක්‍ර දෙවෙන්ද්රයා මෙන් රම්‍යවූ චිත්‍රලතා වනයෙහි දිව්‍ය ස්ත්‍රී සමූහයා විසින් පෙරටු කරණ ලද්දී හාත්පස බබලන්නෙහිය. සියලු තාරකාවන්ට වැඩියෙන් බබලන ඔෂධී තාරකාව මෙන් සියලු දිශාවන් බබුළු වන්නෙහිය.
157. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්‍යානුභාවයක් පහළවේද, සිතට ප්‍රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
158. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්‍යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
159. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළාය.
160. “මම මනුෂ්‍යයන් අතරෙහි අනුන්ගේ ගෙදරක මෙහෙවර යොදනු ලබන දාසියක් වීමි. නෙත් ඇත්තාවූ කීර්තිමත්වූ ගෞතම සර්වඥ ශාසනයෙහි උපාසිකාවක් වීමි.
161. ඒ කම්පා නොවන උතුමාගේ ශාසනයෙහි සිල් රක්ෂා කරන්නාවූ මට මෙබඳු අදහසක් විය. කුමක්ද? “ඒකාන්තයෙන් මේ ශරීරය බිඳේවා. මෙහි සම්බන්ධයක් නැත. පඤ්ච ශික්ෂාපදයන්ගේ මාර්ගය යහපත සිද්ධ කරයි. නිරුපද්‍රිතයි. 162. “කටු නැති, අකුල් නැති, ඍජුවූ, සත් පුරුෂයන් පැවසූ, එකකි. යම්සේ මෙයට පැමිණෙන්නට බලාපොරොත්තු වන්නීද, නිෂ්කාමයාගේ බලය බලව.
163. “ඉසුරුමත් සක්දෙව් මහරජාණන් කැඳවනු ලබන්නියක්මි. සැට දහසක් පමණ තූර්ය මා අවදි කරයි.
164. “ආලම්බය, ගග්ගරය, භීමය, සාධුවාදීය, සංඝය, පුෂ්කරය, සුඵස්සය, වීණා, මොක්ෂ කන්දා ද,
165. නන්දා ද, සුනන්දා ද, සොණ දින්නා ද, සුචිම්හිතා ද, අලම්බුසා ද, මිශ්රකෙශී ද, ඉතා දරුණු පුණ්ඩරිකා ද (වෙත්).
166. “එණි, ඵලස්සය, සුඵස්සාය, ප්‍රිය වචන කියන සුභද්රාය මේ දිව්‍ය ස්ත්‍රීහුද අන්‍යයෝ දැයි අප්සරාවන් අතර පුබුදු කරවන්නෝ ශ්‍රේෂ්ඨ වෙත්.
167. “ඒ දෙවතාවෝ මා කරා කලින් කල පැමිණ දැන් නටමු, ගී කියමු. එසේනම් ඔබ සතුටු කරවමුයි කියත්.
168. “මා විසින් ලද මේ දිව ඉසුරු කුසල් කළවුන්ටම විනා කුසල් නොකළවුන්ට නොලැබෙන්නේය. තවුතිසා වැසි දෙවියන්ගේ නන්දා නම් මහා උයන ශොක රහිතය, රම්‍යය.
169. “මේ ලෝකයෙහිද පරලොවද පින් නොකරණ ලද්දවුන්ට සැපක් නැත. මේ ලෝකයෙහිද පරලොවද කරන ලද පින් ඇත්තන්ට සැප පැමිණේ.
170. “ඔවුන් හා සහ භාවයට යනු කැමැත්තන් විසින් බොහෝ කුසල් කටයුතුයි. කරණ ලද පින් ඇත්තෝ ස්වර්ගයෙහි භොගයන්ගෙන් යුක්තව සතුටු වෙත්.”
දාසිවිමානං පඨමං.
2. 2.
171. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්‍යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.
172. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්‍යානුභාවයක් පහළවේද, සිතට ප්‍රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
173. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්‍යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
174. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළාය.
175. “මගේ ගෘහය මසුන් මරන ගම දොරටුවෙන් නික්මුණු තැන විය. එහි හැසිරෙන්නාවූ මහර්ෂීවූ ශ්‍රාවකයන්ට
176. “මම ප්‍රසන්න සිතින් බතක්ද, පිට්ටුවක්ද, පලාකොලද ලුණු කැඳක්ද පැහැදුණ සිතින් ඍජු අදහස් ඇත්තන් කෙරෙහි දුනිමි.
177. “තුදුස්වක් දිනයෙහිද පසළොස්වක් දිනයෙහිද පක්ෂය සම්බන්ධ අටවක් දිනයෙහිද ප්රාතිහාර්ය පක්ෂ දිනයෙහිද අෂ්ටාංගයෙන් යුක්තවූ
178. “උපොසථය සමාදන් වීමි. සියලු කාලයෙහිම හික්මීමෙන් යුක්තව සීලය වෙන් වෙන්ව සිතීමෙන් යුක්තව, මාගේ ගෙයි වාසය කෙළෙමි.