9. දීප විමාන කථාව
75. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.
76. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
77. “දෙවතාව, කිනම් කරුණකින් ඔබ නිර්මල කාන්ති ඇති අනිත් දෙවතාවන් ඉක්මවා බබලයිද, ඔබගේ සියලු ශරීරයෙන් කිනම් කරුණක් නිසා සියලු දිශාවෝ බබළත්ද?”
78. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
79. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.
80. “මම පූර්ව ජාතියෙහි මනුෂ්යයන් අතරෙහි මනුෂ්ය ධර්මයෙහි පිහිටි විද්යාමාන මිනිසුන්ට අයත්ව මිනිස් ලොව ඉපද කළුවර පොහෝ දවසක අන්ධකාරයෙහි පහන් දල්වන කාලයෙහි පහනක් දුනිමි.
81. “යමෙක් කළුවර දවසෙහි අන්ධකාරයෙහි පහනක් වුවමනා අවස්ථාවෙහි පහනක් දෙයිද බොහෝ මල්මාලා ඇති බොහෝ පස් පියුම් ඇති බබළන රශ්මි ඇති විමානයක උපදී.
82. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
83. “ඒ කරණ කොටගෙන නිර්මල ආලෝකයෙන් දෙවතාවන් පරදවා බබළමි. ඒ පිනෙන් මාගේ මුළු ශරීරයෙන් සියලු දිශා බබළයි.”
84. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
දීපවිමානං නවමං.
1. 10.
85. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.
86. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
87. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
88. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.
89. “මම පූර්ව ජාතියෙහි මනුෂ්යයන් අතරෙහි මනුෂ්ය ධර්මයෙහි පිහිටි විද්යාමාන මිනිසුන්ට අයත්ව මිනිස් ලොව ඉපද