1. 10.
85. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.
86. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
87. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
88. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.
89. “මම පූර්ව ජාතියෙහි මනුෂ්යයන් අතරෙහි මනුෂ්ය ධර්මයෙහි පිහිටි විද්යාමාන මිනිසුන්ට අයත්ව මිනිස් ලොව ඉපද
90. “අතිශයින් ප්රසන්නවූ නොකැලඹුනාවූ රජස් නැති බුදුන් දුටුවෙමි, දැක සතුටුව අන් දෙයක් නොලැබ තල දානයක් මගේ අතින් දක්ෂිණාර්හවූ බුදුන්ට පූජා කෙළෙමි.
91. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
92. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
තිලදක්ඛිණවිමානං දසමං.
1. 11.
93. “දිව්යමය, කොස් ලිහිණියෝද, මොණරුද, හංසයෝද යහපත් නාද ඇති කොවුලෝද නටති. නොයෙක් අලංකාරවත් ස්ත්රී පුරුෂයන් විසින් හැසිරෙන ලද රම්යවූ මේ විමානය මලින් ගැවසී ගත්තේය.
94. “මහත් ආනුභාව ඇති දිව්යාංගනාව එහි වසන්නෙහිය. නානාප්රකාර ඍද්ධිහු පහළ කරත්. ඔබගේ මේ දිව්යාප්සරාවෝ වටකර නටත්, ගී කියත්, සතුටු කරවත්,
95. “මහත් ආනුභාව ඇති දෙවතාව දිව්ය ඍද්ධියට පැමිණියේ වෙහිය මිනිස්ව කිනම් පිනක් කළාද, කුමක් නිසා මෙසේ දිලිසෙන ආනුභව ඇත්තීද, තොපගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.”
96. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.
97. “මම මනුෂ්යයන් අතරෙහි මනුෂ්යයෙක් වූයේ පතිප්රතාවූයේ අන් කෙනෙකු වෙත සිත් නැත්තියක් වූවාවෙමි. පුත්රයකු රකින මවක මෙන් කිපීමක් නොකරන්නෙම් පරුෂ වචනද නොකීවෙමි.
98. “ඇත්ත කියන සුළුව, මුසාවාදය හැර දන්දීමෙහි ඇලුනා, සංග්රහ කළ ජීවිත ඇත්තියක් වීමි. ප්රසන්න සිතින් ආහාරපානද සකස් කොට මහත් දානද දුන්නෙමි.