1. 11.
93. “දිව්යමය, කොස් ලිහිණියෝද, මොණරුද, හංසයෝද යහපත් නාද ඇති කොවුලෝද නටති. නොයෙක් අලංකාරවත් ස්ත්රී පුරුෂයන් විසින් හැසිරෙන ලද රම්යවූ මේ විමානය මලින් ගැවසී ගත්තේය.
94. “මහත් ආනුභාව ඇති දිව්යාංගනාව එහි වසන්නෙහිය. නානාප්රකාර ඍද්ධිහු පහළ කරත්. ඔබගේ මේ දිව්යාප්සරාවෝ වටකර නටත්, ගී කියත්, සතුටු කරවත්,
95. “මහත් ආනුභාව ඇති දෙවතාව දිව්ය ඍද්ධියට පැමිණියේ වෙහිය මිනිස්ව කිනම් පිනක් කළාද, කුමක් නිසා මෙසේ දිලිසෙන ආනුභව ඇත්තීද, තොපගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.”
96. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.
97. “මම මනුෂ්යයන් අතරෙහි මනුෂ්යයෙක් වූයේ පතිප්රතාවූයේ අන් කෙනෙකු වෙත සිත් නැත්තියක් වූවාවෙමි. පුත්රයකු රකින මවක මෙන් කිපීමක් නොකරන්නෙම් පරුෂ වචනද නොකීවෙමි.
98. “ඇත්ත කියන සුළුව, මුසාවාදය හැර දන්දීමෙහි ඇලුනා, සංග්රහ කළ ජීවිත ඇත්තියක් වීමි. ප්රසන්න සිතින් ආහාරපානද සකස් කොට මහත් දානද දුන්නෙමි.
99. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
100. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
පඨමපතිබ්බතාවිමානං එකාදසමං.
1. 12.
101. “වෛදූර්ය මාණික්යමය කණු ඇති මනොඥවූ පැහැ විහිදෙන බොහෝ විසිතුරු ඇති විමනකට නැගී මහත් ආනුභාව ඇති දිව්යාංගනාව එහි වසන්නෙහිය. නානාප්රකාර ඍද්ධිහු පහළ කරත්. ඔබගේ මේ දිව්යාප්සරාවෝ වටකර නටත්, ගී කියත්, සතුටු කරවත්,”
102. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
103. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.
104. “මම මනුෂ්යයන් අතරෙහි මනුෂ්යයෙක් වූයේම ඇස් (නුවණ) ඇති උපාසිකාවක් වීමි. සතුන් මැරීමෙන් වෙන් වූයෙමි. නුදුන්දේ ගැනීමෙන් වෙන්වූයෙමි.
105. “රහමෙර නොබොන්නේ, බොරුද නොකීමි. ස්වකීය ස්වාමියා සමගම සතුටුවූයෙමි. පැහැදුන සිතින් මහත් ආහාර පානයෙන් දානයක් සකස් කොට දුනිමි.
106. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
107. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
දුතියපතිබ්බතාවිමානං ද්වාදසමං.