1. 12.
101. “වෛදූර්ය මාණික්යමය කණු ඇති මනොඥවූ පැහැ විහිදෙන බොහෝ විසිතුරු ඇති විමනකට නැගී මහත් ආනුභාව ඇති දිව්යාංගනාව එහි වසන්නෙහිය. නානාප්රකාර ඍද්ධිහු පහළ කරත්. ඔබගේ මේ දිව්යාප්සරාවෝ වටකර නටත්, ගී කියත්, සතුටු කරවත්,”
102. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
103. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.
104. “මම මනුෂ්යයන් අතරෙහි මනුෂ්යයෙක් වූයේම ඇස් (නුවණ) ඇති උපාසිකාවක් වීමි. සතුන් මැරීමෙන් වෙන් වූයෙමි. නුදුන්දේ ගැනීමෙන් වෙන්වූයෙමි.
105. “රහමෙර නොබොන්නේ, බොරුද නොකීමි. ස්වකීය ස්වාමියා සමගම සතුටුවූයෙමි. පැහැදුන සිතින් මහත් ආහාර පානයෙන් දානයක් සකස් කොට දුනිමි.
106. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
107. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
දුතියපතිබ්බතාවිමානං ද්වාදසමං.
1. 13.
108. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.
109. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
110. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
111. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.
112. “මම මනුෂ්යයන් අතරෙහි මනුෂ්යයෙක් වූයෙම් මා මාගේ ගෙදර ලේලි කෙකේ වීමි.
113. “ඒ කාලයෙහි ක්ෂය කරණ ලද කෙලෙස් රජස් ඇති ප්රසන්න නොකැළඹුණු භික්ෂුවක් දුටුවෙමි. පැහැදුනේ මගේ අත් වලින් උන්වහන්සේට කැවුමක් දුනිමි. මගේ කොටසින් කොටසක් පුදා නදුන් වනයෙහි සතුටු වෙමි.”
114. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
115. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
පඨමසුණිසාවිමානං තෙරසමං.
1. 14.
116. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.
117. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”