8. 2.
2. (ද්විතීය) නිර්වාණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නිවන හා බැඳුණු දැහැමි කතාවෙන් කරුණු දක්වති, සමාදන් කරවති, තෙද ගන්වති, සතුටු කරවති. ඒ භික්ෂූහුද අර්ථය දැන, මෙනෙහි කොට, සියලු සිතින් යොමුකොට, කන් යොමා දහම් අසති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දැක මේ ප්‍රීති වාක්‍යය පහළකළසේක.
“දක්නට නොපිළිවන්වෙයි, කෙළවර රහිතය, සත්‍ය නම් වෙයි. සුවසේ නොදැක්ක හැකි වෙයි. අවබෝධ කරන්නාහු විසින් තෘෂ්ණාතොමෝ පිළිවිදින ලදුද, දන්නාහට, දක්නාහට කිසි තෘෂ්ණා පළිබොධයක් නැත්තේයයි කර්මවිපාක වෘත්තයන්ගේද නො ලැබීම වේ. ඊට හේතුවූ අමාමහ නිවනෙහි ආනුභාවය ප්‍රකාශ කළසේක.”
8. 3.
3. (තෘතීය) නිර්වාණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නිවන හා බැඳුණු දැහැමි කතාවෙන් කරුණු දක්වති, සමාදන් කරවති, තෙද ගන්වති, සතුටු කරවති. ඒ භික්ෂූහුද අර්ථය දැන, මෙනෙහි කොට, සියලු සිතින් යොමුකොට, කන් යොමා දහම් අසති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළසේක.
“මහණෙනි, නූපන්නාවූ නොවූ නොකරණ ලද්දාවූ සකස් නොකරන ලද්දාවූ නිවන ඇත්තේය. මහණෙනි. නොඋපන්නාවූ නොවූ නොකරන ලද්දාවූ එක්ව නො සකස්කරන ලද්දාවූ නිවන ඉදින් නොවීනම් උපන්නාවූ එක්ව සකස්කරන ලද්දාවූ මේ නොපැවැත්ම නො පෙණෙන්නේය, මහණෙනි, යම්හෙයකින් වනාහි නූපන්නාවූ නොවූ නොකරන ලද්දාවූ, පිළියෙළ නොකරණ ලද්දාවූ නිවන ඇත්තේද, එහෙයින් උපන්නාවූ කරනලද්දාවූ පිළියෙළ කරන ලද්දාවූ නොපැවැත්ම පෙනෙන්නේයයි.”
8. 4.
4. (චතුර්ථ) නිර්වාණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නිවන හා බැඳුණු දැහැමි කතාවෙන් කරුණු දක්වති, සමාදන් කරවති, තෙද ගන්වති, සතුටු කරවති. ඒ භික්ෂූහුද අර්ථය දැන, මෙනෙහි කොට, සියලු සිතින් යොමුකොට, කන් යොමා දහම් අසති.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්ථය දැන මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළසේක:-