6. 6.
තතිය නානාතිත්ථියසුත්තං
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සැවතෙහි නොඑක් ලබ්ධි ඇත්තාවූ නොඑක් ක්ෂාන්ති ඇත්තාවූ නොඑක් කැමැත්ත ඇත්තාවූ නොඑක් ලබ්ධියට හෙතූන් ඇසුරුකළාවූ බොහෝවූ නන්තොටු ශ්‍රමණයෝද බ්‍රාහ්මණයෝද පිරිවැජියෝද වෙසෙති.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘ආත්මයද ලෝකයද සදාකාලිකය, මෙයම සත්‍යය, අන්‍ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘ආත්මයද ලෝකයද සදාකාලික නොවන්නේය, මෙයම සත්‍යය, අන්‍ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘ආත්මයද ලෝකයද සදාකාලිකත් වෙයි සදාකාලික නොවන්නේත් වෙයි, මෙයම සත්‍යය, අන්‍ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘ආත්මයද ලෝකයද සදාකාලිකත් නොවෙයි සදාකාලික නොවන්නේත් නොවෙයි, මෙයම සත්‍යය, අන්‍ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘ආත්මයද ලෝකයද තමා විසින්ම කරන ලද්දේය, මෙයම සත්‍යය, අන්‍ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘ආත්මයද ලෝකයද අන්‍යයෙකු විසින් කරන ලද්දේය, මෙයම සත්‍යය, අන්‍ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘ආත්මයද ලෝකයද තමා විසින් කරන ලද්දේත් වෙයි අන්‍යයෙකු විසින් කරන ලද්දේත් වෙයි, මෙයම සත්‍යය, අන්‍ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘ආත්මයද ලෝකයද තමා කළේත් නැත අනිකෙක් කළේත් නැත (ඉබේ) සමුප්පන්න වූයේය, මෙයම සත්‍යය, අන්‍ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘සුවදුක් දෙකද ආත්මයද ලෝකයද සදාකාලිකය, මෙයම සත්‍යය, අන්‍ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘සුවදුක් දෙකද ආත්මයද ලෝකයද සදාකාලික නොවන්නේය, මෙයම සත්‍යය, අන්‍ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘සුවදුක් දෙකද ආත්මයද ලෝකයද සදාකාලිකත් වෙයි සදාකාලික නොවන්නේත් වෙයි, මෙයම සත්‍යය, අන්‍ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘සුවදුක් දෙකද ආත්මයද ලෝකයද සදාකාලිකත් නොවෙයි සදාකාලික නොවන්නේත් නොවෙයි, මෙයම සත්‍යය, අන්‍ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘සුවදුක් දෙකද ආත්මයද ලෝකයද තමා විසින්ම කරන ලද්දේය, මෙයම සත්‍යය, අන්‍ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘සුවදුක් දෙකද ආත්මයද ලෝකයද අන්‍යයෙකු විසින් කරන ලද්දේය, මෙයම සත්‍යය, අන්‍ය දර්ශන හිස්ය’යි.
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්: ‘සුවදුක් දෙකද ආත්මයද ලෝකයද තමා විසින් කරන ලද්දේත් වෙයි අන්‍යයෙකු විසින් කරන ලද්දේත් වෙයි, මෙයම සත්‍යය, අන්‍ය දර්ශන හිස්ය’යි.