6. ජාත්යන්ධ වර්ගය
6. 1.
1. ආයුසංඛාරොස්සජන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ විශාලා මහනුවර මහාවන නම්වූ කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. ඉක්බිති භාග්යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්ර සිවුරු ගෙන විශාලා මහනුවරට පිඬු පිණිස පිවිසි සේක. විශාලා මහනුවර පිඬු පිණිස හැසිර බත්කිස නිමවා පිණ්ඩපාතයෙන් වැළකුණාහු ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූ සේක: “ආනන්දය, නිසීදනය (හිඳිනා ඇතිරිය) ගනුව. දහවල විහරණය පිණිස චාපාල චෛත්යය යම් තැනෙකද එතැනට එළඹෙන්නෙමු”යි. “එසේය ස්වාමීනි”යි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට පිළිවදන් දී නිසීදනය ගෙන භාග්යවතුන් වහන්සේ පසුපස ගියහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ චාපාල චෛත්යය වෙත එළඹුණු සේක. එළඹ පනවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූ සේක: “ආනන්දය, විශාලා මහනුවර රම්යය, උදේන චෛත්යය රම්යය, ගෝතමක චෛත්යය රම්යය, සත්තම්බ චෛත්යය රම්යය, බහුපුත්ත චෛත්යය රම්යය, සාරන්දද චෛත්යය රම්යය, චාපාල චෛත්යය රම්යය. ආනන්දය, යම් කිසිවෙකු විසින් සතර ඉද්ධිපාදයන් වැඩූ බවට, බහුල වශයෙන් කළ බවට, යානයක් මෙන් කළ බවට, වස්තුවක් මෙන් කළ බවට පත් කරන ලද්දාහුද, (සිතෙහි) පිහිටුවන ලද්දාහුද, පුරුදු කරන ලද්දාහුද, මැනවින් අරඹන ලද්දාහුද, හෙතෙම කැමති වන්නා කල්පයක් හෝ කල්පයකට වඩා හෝ ජීවත් වන්නේය. ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් සතර ඉද්ධිපාදයන් වඩන ලද්දාහුය, බහුල වශයෙන් කරන ලද්දාහුය, යානයක් මෙන් කරන ලද්දාහුය, වස්තුවක් මෙන් කරන ලද්දාහුය, (සිතෙහි) පිහිටුවන ලද්දාහුය, පුරුදු කරන ලද්දාහුය, මැනවින් අරඹන ලද්දාහුය. ආනන්දය, තථාගත තෙම කැමති වන්නා කල්පයක් හෝ කල්පයකට වඩා හෝ ජීවත් වන්නේය”යි. මෙසේද ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ විසින් ඔළාරික නිමිති පහළ කරනු ලබද්දී, ඔළාරික අවබෝධය පහළ කරනු ලබද්දී, එය පසිඳින්නට නොහැකි වූහ. “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා, සුගතයන් වහන්සේ බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස කල්පයක් වැඩ සිටින සේක්වා”යි භාග්යවතුන් වහන්සේට යාඥා නොකළහ. යම් හෙයකින් මාරයා විසින් මඩනා ලද සිත් ඇත්තාහු මෙනි.
දෙවනුවත් භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූ සේක: ‘ආනන්දය, රම්යය -පෙ- ආනන්දය, තථාගත තෙම කැමති වන්නා කල්පයක් හෝ කල්පයකට වඩා හෝ ජීවත් වන්නේය’යි. දෙවනුවත් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ -පෙ- යම් හෙයකින් මාරයා විසින් මඩනා ලද සිත් ඇත්තාහු මෙනි. තෙවනුවත් භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූ සේක: ‘ආනන්දය, රම්යය -පෙ- ආනන්දය, තථාගත තෙම කැමති වන්නා කල්පයක් හෝ කල්පයකට වඩා හෝ ජීවත් වන්නේය’යි. තෙවනුවත් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ -පෙ- යම් හෙයකින් මාරයා විසින් මඩනා ලද සිත් ඇත්තාහු මෙනි.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූ සේක: “ආනන්දය, යන්න, යමකට දැන් කල් දන්නෙහි නම් (එය කරව)”යි. “එසේය ස්වාමීනි”යි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නොදුරු තැනක එක්තරා රුක් සෙවණක හුන්හ.
3. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරුන් නික්ම ගිය නොබෝ වේලාවකින් පවිටු මාර තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට එළඹියේය. එළඹ එකත්පස්ව සිටියේය. එකත්පස්ව සිටි පවිටු මාර තෙම භාග්යවතුන් වහන්සේට මෙය කීවේය: “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා. ස්වාමීනි, දැන් භාග්යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලයයි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් වනාහි මේ වචනය වදාරන ලදී: ‘පවිටු මාරය, යම්තාක් මාගේ භික්ෂු ශ්රාවකයෝ ව්යක්තවූ, විනීතවූ, විශාරදවූ, බහුශ්රැතවූ, ධර්මධරවූ, ධර්මානුධර්ම ප්රතිපන්නවූ, සාමීචි ප්රතිපන්නවූ, අනුධර්මචාරීවූ ශ්රාවකයෝ නොවන්නාහුද, තමන්ගේ ආචාර්යවාදය උගෙන නොකියන්නාහුද, නොදෙසන්නාහුද, නොපනවන්නාහුද, පිහිටුවන්නාහුද, විවෘත නොකරන්නාහුද, බෙදා නොදක්වන්නාහුද, ප්රකට නොකරන්නාහුද, උපන් පරප්පවාදයන් සහේතුකව මැඩපවත්වා ප්රාතිහාර්ය සහිතව ධර්මය නොදෙසන්නාහුද, ඒ තාක් නොපිරිනිවන් පාන්නෙමි’යි.
ස්වාමීනි, දැන් භාග්යවතුන් වහන්සේගේ භික්ෂු ශ්රාවකයෝ ව්යක්තවූ, විනීතවූ, විශාරදවූ, බහුශ්රැතවූ, ධර්මධරවූ, ධර්මානුධර්ම ප්රතිපන්නවූ, සාමීචි ප්රතිපන්නවූ, අනුධර්මචාරීවූ ශ්රාවකයෝ සිටිති; තමන්ගේ ආචාර්යවාදය උගෙන කියති, දෙසති, පනවති, පිහිටුවති, විවෘත කරති, බෙදා දක්වති, ප්රකට කරති, උපන් පරප්පවාදයන් සහේතුකව මැඩපවත්වා ප්රාතිහාර්ය සහිතව ධර්මය දෙසති. එබැවින් ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා. ස්වාමීනි, දැන් භාග්යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලයයි.
4. “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් වනාහි මේ වචනය වදාරන ලදී: ‘පවිටු මාරය, යම්තාක් මාගේ භික්ෂුණී ශ්රාවිකාවෝ ව්යක්තවූ -පෙ- අනුධර්මචාරී නොවන්නාහුද -පෙ- ප්රාතිහාර්ය සහිතව ධර්මය නොදෙසන්නාහුද, ඒ තාක් නොපිරිනිවන් පාන්නෙමි’යි. ස්වාමීනි, දැන් භාග්යවතුන් වහන්සේගේ භික්ෂුණී ශ්රාවිකාවෝ ව්යක්තවූ -පෙ- ප්රාතිහාර්ය සහිතව ධර්මය දෙසති. එබැවින් පිරිනිවන් පානා සේක්වා -පෙ- වචනය: ‘පවිටු මාරය, යම්තාක් මාගේ උපාසක ශ්රාවකයෝ ව්යක්තවූ -පෙ- අනුධර්මචාරී නොවන්නාහුද -පෙ- ප්රාතිහාර්ය සහිතව ධර්මය නොදෙසන්නාහුද, ඒ තාක් නොපිරිනිවන් පාන්නෙමි’යි. ස්වාමීනි, දැන් භාග්යවතුන් වහන්සේගේ උපාසක ශ්රාවකයෝ ව්යක්තවූ -පෙ- ප්රාතිහාර්ය සහිතව ධර්මය දෙසති. එබැවින් පිරිනිවන් පානා සේක්වා -පෙ-.
5. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් වනාහි මේ වචනය වදාරන ලදී: ‘පවිටු මාරය, යම්තාක් මාගේ උපාසිකා ශ්රාවිකාවෝ ව්යක්තවූ -පෙ- අනුධර්මචාරී නොවන්නාහුද -පෙ- ප්රාතිහාර්ය සහිතව ධර්මය නොදෙසන්නාහුද, ඒ තාක් නොපිරිනිවන් පාන්නෙමි’යි. ස්වාමීනි, දැන් භාග්යවතුන් වහන්සේගේ උපාසිකා ශ්රාවිකාවෝ ව්යක්තවූ -පෙ- අනුධර්මචාරී වූවාහු -පෙ- ප්රාතිහාර්ය සහිතව ධර්මය දෙසති. එබැවින් පිරිනිවන් පානා සේක්වා -පෙ-.