3. 8.
60. “බුද්ධාදීන් විසින් ලැබිය යුතු ස්ථානයවූ, ලැබීමට දුෂ්කරවූ, යම් ස්ථානයක් වේද, එය දෑඟිලි නුවණ ඇති ස්ත්‍රියක විසින් ලැබිය නොහැකියි.
61. සිත එකමුතු කළ ඥාණය පවත්නා සමයෙහි මනා කොට ධර්මයන් දක්නාවූ අපට ස්ත්‍රී බව කුමක් කෙරේද?
62. සියල්ලෙහි තෘෂ්ණාව වනසන ලදී. මෝහ රාශිය පළන ලදී. ලාමකය, මෙසේ දනුව, මාරය, තෝ නැසුණෙහිය.”
මෙසේ සොමා ථෙරී තොමෝ මේ ගාථා වදාළාය.
සෝමා ථේරී ගාථා
තිකනිපාතො නිට්ඨිතො.
4. චතුක්ක නිපාතය
4. 1.
63. සර්වඥයන් වහන්සේගේ පුත්‍රවූ, ආර්ය දායාදය ඇත්තාවූ, සමාධිගත සිත් ඇති මහාකාශ්‍යප ස්ථවිර තෙමේ පෙර විසූ කඳ පිළිවෙළ දනී. දෙව්ලොව හා අපායද දකී.
64. එසේම නොඉපදීම නම්වූ අර්හත්වයට පැමිණියාවූ, විශිෂ්ට ඥානයෙන් (කළයුත්ත) නිමකළාවූ, නිශ්ශබ්දතා ගුණයෙන් යුක්ත ඒ මුණි තෙමේ මේ ත්‍රිවිද්‍යාවෙන් යුත් බ්‍රාහ්මණයෙකි. (පව් දුරු කෙළේයි.)
65. එසේම තුන් නුවණ ඇති පිරිස් සහිත මාරපරාජය කළාවූ භද්‍රාකාපිලානීද අන්තිම ශරීරය දරයි.
66. ලෝකයෙහි ඇති දෝෂ සලකා පැවිදි වීමු. ඒ අපි දැමුනේ වෙමු. පව් ගෙවීමු. සිහිල්වූවෝ වෙමු. නිවුනෝවෙමු.
මෙසේ භද්‍රාකාපිලානී තෙරණිය ගාථාවන් වදාළාය.
භද්‍රාකාපිලානී ථේරී ගාථා.
චතුක්ක නිපාතය නිමි.