12. 1.
224. ‘මව් දූ යන අපි දෙදෙන එකකුට භාර්යාවීමු. පෙර නුවූ ලොමුදැහැගන්වන මහත් සංවේගයක් මට පහළ විය.
225. “කාමයෝ අපවිත්‍රය. දුගඳය. කටු සහිතය. යමක ගැලී මවු දූ දෙදෙනවූ අපි පුතුට සමාන භාර්යා වීද ඒ කාමයට නින්දාවේවා.
226. “ඒ මම කාමයෙහි දොස් දැක නිර්භයවූ නිර්වාණය දැක්මට රජගහ නුවරදී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවීමි.
227. “පෙර ජාති දනිමි. දිවැස පිරිසිදු කෙළෙමි. පරසිත් දැකීමද දිව කණද පිරිසිදු කරණ ලදී.
228. “මා විසින් ඍද්ධි විධි නුවණ ප්රත්යක්ෂ කරණ ලදී. පව් ගෙවීමට පැමිණියාය. උසස් දැනුම් සය අත්දුටුවාය. බුද්ධාවවාදය කරණ ලදී.
229. “මම අසුන් සතරදෙනකු යෙදූ රථයක් ඍද්ධියෙන් මවාගෙණ ලොවට පිහිටවූ නොසෙල්වෙන බුදුන්ගේ සිරිපා වැඳ සිටියෙමි.
230. “තෝ අග දක්වා මනාව මල්පිපි රුකක් වෙතට පැමිණ තනිව සිටියෙහිය. නුඹට කිසිදු දෙවැනියක් නැත. ලද බොලඳ නුඹ සල්ලාලයන්ට බිය නොවෙහිද?
231. “සල්ලාලයෝ ලක්ෂයක් එක්ව ආවාහුද? මෙවැනි වන්නාහුය. ලෝමයකුත් නොසැලෙයි, නොවෙව්ලයි මාරය, නුඹ තනිව මට කුමක් කෙරෙහිද?
232. “ඒ මම අතුරු දහන් වෙමි. නුඹේ කුසට හෝ පිවිසියෙමි. බැම අතර හෝ සිටිමි. එසේ සිටින මා නොදක්නෙහිය.
233. “මම වසඟ කරගත් සිත් ඇත්තෙමි. සතර දියුණුව යහපත්ව වඩන ලදී. සිය දැනීම අත්දක්නා ලදී. බුදුන්ගේ ශාසනය කරණ ලදී.
234. “කාමයෝ ස්කන්ධයන් කෙටීමට සැත් උල් වැනිය. තා කියන ඒ කාම ඇල්ම මට නම් දැන් නොඇල්මකි.
235. “සියල්ලෙහි තෘෂ්ණාව වනසන ලදී. අඳුරු කඳ පළන ලදී. මාරය, මෙසේ දැනුව, පාපිය තෝ නැසුනේ වෙහි කීවාය.”
මෙසේ උප්පලවණ්ණා තෙරණිය ගාථා වදාළාය.
උප්පලවණ්ණා ථේරී ගාථා
ද්වාදසක නිපාතය නිමියේය.
16. සොළස නිපාතය
16. 1.
236. “ස්වාමීන්ගේ දඬුවමට බියෙන්ද, ආක්රොශයට බියෙන්ද තැතිගත්තී සීත කාලයෙහි දිය ගෙණෙමි. හැමවිට දියට බසිමි.
237. “බ්‍රාහ්මණය, නුඹ කාට බියවූයේ හැමදාම දියට බස්නෙහිද? වෙවුලන සිරුරු ඇතිව අතිශයින් සිත දුක විඳිනෙහිය.
238. “පින්වත් පුණ්ණාවෙනි. කළ පව් වළකන, කුසල් කරණ මා නුඹ දැනම පිළිවිසිහි.
239. “යම්කිසි මහල්ලෙක් හෝ තරුණයෙක් හෝ පාප කර්මයක් කෙරේද? හේ දිය නෑමෙන් පාප කර්මයෙන් මිදෙයි.
240. “නොදන්නාවූ නුඹට කවර නම් අඥානයෙක් දිය නෑමෙන් පාප කර්මයෙන් මිදේයයි යන මෙය කීයේද?
241. “දියෙහි හැසිරෙන ඒ අනෙක් මැඩි, කැසුබු, මෝරු, කිඹුල් මත්ස්යාදීහුත් ඒකාන්තයෙන් ස්වර්ගයට යන්නාහු යයි සිතමි.
242. “එළුවන් මරන්නෝද, හූරන් මරන්නෝද, කෙවුලෝද මුව වැද්දෝද ඒ අනෙක් සොරුද වධ ඝාතකයෝද පව් කාරයෝද ස්වර්ගයට යන්නාහ.
243. “ඔහුද දියෙහි ගිලීමෙන් පාපකර්මයෙන් මිදෙත් නම් ඉදින් මේ ගංගාවෝ ඔවුන්ගේ පෙර කළ පාපකර්මය ඉසිලුහ. බ්‍රාහ්මණය, යමකට බිය වූයේ සැම විට දියෙහි ගිලේද නුඹේ පුණ්යයෝද ඒ දියෙහිම පාවෙති. එවිට නුඹ පුණ්‍යයෙන් තොරවූවෙක්ය.
244. “බ්‍රාහ්මණය, එයම නොකරව. ශීත නුඹේ සම නොපෙළාවා.
245. “නොමඟට පිළිපන් මා ආර්ය මාර්ගයට පැමිණවී. එසේ දියේ ගැලීමෙන් මා වැළකූ පින්වතිය. නුඹට මේ සළුව දෙමි.