5. 1. 3.
325. “මේඝය වලාකුලේ ගීතයට අනුව වසීද, මාගේ කුටිය සෙවෙලිකරණ ලදී. සැපය පහසුය. එහි සංසිඳී වාසය කරමි, වැස්ස ඉදින් ඔබට වුවමනානම් වර්ෂා කරන්න.
326. “මේඝය වලාකුලේ ගීතයට අනුව වසීද, මාගේ කුටිය සෙවෙලිකරණ ලදී. සැපය පහසුය. එහි සන්සුන් සිත් ඇත්තේ වාසය කරමි, වැස්ස ඉදින් ඔබට වුවමනානම් වර්ෂා කරන්න.
327. “මේඝය වලාකුලේ ගීතයට අනුව වසීද, මාගේ කුටිය සෙවෙලිකරණ ලදී. සැපය පහසුය. එහි පහවූ රාග ඇතිව වාසය කරමි, වැස්ස ඉදින් ඔබට වුවමනානම් වර්ෂා කරන්න.
328. “මේඝය වලාකුලේ ගීතයට අනුව වසීද, මාගේ කුටිය සෙවෙලිකරණ ලදී. සැපය පහසුය. එහි පහවූ ද්වේෂ ඇතිව වාසය කරමි, වැස්ස ඉදින් ඔබට වුවමනානම් වර්ෂා කරන්න.
329. “මේඝය වලාකුලේ ගීතයට අනුව වසීද, මාගේ කුටිය සෙවෙලිකරණ ලදී. සැපය පහසුය. එහි පහවූ මෝහ ඇතිව වාසය කරමි, වැස්ස ඉදින් ඔබට වුවමනානම් වර්ෂා කරන්න.
ආයුෂ්මත් ගිරිමානන්ද තෙර මේ ගාථා මෙසේ කීයේය.
3. ගිරිමානන්ද ථේර ගාථා
5. 1. 4.
330. “නිවැරදි ධර්මයන්ගෙන් යම් ධර්මයක් මට ලැබේවායි බලාපොරොත්තුවන උපාධ්‍යායතෙමේ අමෘත මහා නිර්වාණය බලාපොරොත්තුවෙන් මට අනුකම්පා කළේය. මා විසින් කළ යුතු වැඩ අවසන් කරණලදී.
331. “උපද්‍රව නැති ධර්මයට පැමිණියෙමි. තෙමේම ප්‍රත්‍යක්ෂ කරණලදී. ඔබගේ සමීපයෙහි පිරිසිදු නුවණ ඇත්තේ සැක නැත්තේ ප්‍රකාශ කරමි.
332. “පෙර විසූ පරිදි දනිමි. දිවඇස පිරිසිදු කරණලදී. මා විසින් තමාගේ යහපතට පැමිණෙනලදී. බුදුන්ගේ අනුශාසනය කරණලදී.
333. “අප්‍රමාදවූ මට ඔබවහන්සේගේ සස්නෙහි හික්මීම අස්වනලදී. මා විසින් සියලු ආශ්‍රවයෝ ක්ෂය කරණ ලද්දාහ. දැන් නැවත ඉපදීමක් නැත.
334. “පිරිසිදු ශීලාදී වත් සමාදානයෙන් මට අනුශාසනා කරණලදී. අනුකම්පා කරණලදී. අනුග්‍රහකරණලදී. අතවැස්සා කෙරෙහි හික්මවනලද අවවාදය හිස්නොවීය.”
ආයුෂ්මත් සුමනතෙර මේ ගාථා මෙසේ කීයේය.
4. සුමන ථේර ගාථා
5. 1. 5.
335. “මව මට අවවාද නමැති කෙවිටක් එල්ලකරන්නේද, යහපත්ය. මව විසින් අවවාද කරණලද මම යමෙකුගේ වචන අසා,
336. “පටන්ගන්නාලද වීර්ය ඇත්තේ රහත්වූයේ උතුම් බුද්ධත්වයට පැමිණියෙමි. ත්‍රිවිද්‍යා දත් නිවන් ප්‍රත්‍යක්ෂකරණලද දීමට සුදුසු රහත් කෙනෙක්මි. මාරසේනාව සිඳ කෙලෙස් නැතිව වසමි.
337. “ඇතුළතද පිටතද, යම් කෙලෙස් කෙනෙක් වූවාහුද, සියල්ලෝ ඉතිරි නැතිව සින්දාහ. නැවත නූපදී.
338. “ධර්මය නිපුන නැගනිතොමෝ මේ කරුණ කීවාය. ඒකාන්තයෙන් මා කෙරෙහිද තොපගේ පුත්‍රයා කෙරෙහිද සබඳකම් නැතැයි සිතමි. අවිද්‍යාදී කැලෑවක් තොප කෙරෙහි නැත.
339. “දුක කෙළවර කරණලදී. මේ අන්තිම ඉපදීමය. දැන් නැවත ඉපදීම යයි කියනලද උත්පත්තියක් මරණයක් සසරක් නැත.”
ආයුෂ්මත් වඞ්ඪතෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
5. වඞ්ඪ ථේර ගාථා
5. 1. 6.
340. “බුදුරජතෙම ඒකාන්තයෙන් මගේ යහපත පිණිස නෙරංජරානදිය වෙත ගියේය. මම යමෙකුගේ ධර්මය අසා වැරදි විශ්වාසය අත්හලේද ඒ බුදුන් වහන්සේය.”
341. “අන්ධයෙකු මෙන් වූයේ පෘථග්ජනයෙක්වූයේ මෙය සුද්ධියයයි සිතමින් උස් පහත් යාග කෙළෙමි. මම එහි ගිනි දෙවියා පිදීමි.
342. “අන්ධයෙකු මෙන් නුවණ නැතිව දෘෂ්ටීන් වෙත දිව්වෙමි. තදින් ගැනීම් සංඛ්‍යාත අල්වා ගැනීමෙන් මුළා වූයේ අපිරිසිදු දෙය පිරිසිදු යයි සිතුවෙමි.
343. මාගේ වැරදි වැටහීම සියලු භව පලන ලදී. දීමට සුදුසු ගින්නෙහි පුදමි, තථාගතයන් වඳින්නෙමි.
344. “මාගේ සියලු මෝහයෝ නැතිවූහ. භව ආශාව පලන ලදී. ඉපදීම් නමැති සසර ක්ෂයවිය. දැන් නැවත ඉපදීමක් නැත.”
නදී කාශ්‍යප තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
6. නදී කාශ්‍යප ථේර ගාථා