4. 1. 3.
275. “අන්‍යයෝ අපි මෙහි මාරයා සමීපයට යමුයයි නොදනිත්. යම් කෙනෙක් එහි යන බව දනිත් නම් ඉන් කෝලාහල සන්සිඳෙත්.
276. “නොදන්නාහු යම් කලෙක්හි නොමැරෙන්නවුන් මෙන් ඉරියව් පවත්වත්ද යම් කෙනෙක් ධර්මය දනිත්ද ඔව්හු ලෙඩුන් අතරෙහි ලෙඩ නැතිව වසත්.
277. “ලිහිල් කළ යම් කර්මයක් වේද කිලිටිවූ යම් ව්රතයක් ඇත්තේද සැකයෙන් සිහි කටයුතු හැසිරීමක් වේද එය මහත් ඵල නොවේ.
278. “යමෙකුට සමාන සිල් ඇත්තන් කෙරෙහි ගෞරවයක් නොලැබේද, අහසට පොළොව මෙන් ධර්මයෙන් ඈත්වේ.”
ආයුෂ්මත් සභිය තෙර මෙසේ මේ ගාථා කීයේය.
සභිය ථේර ගාථා
4. 1. 4.
279. “අශූචියෙන් පිරුණාවූ දුර්ගන්ධවූ මාරයාගේ පක්ෂයෙහිවූ කුණු වැගිරෙන ශරීරයට නින්දා වේවා. තොපගේ ශරීරයෙහි යමක් නිතර ගලා බසිත්ද, ඒ සිදුරු නවයකි.
280. “පැරණි මට ඇතිවූ අදහස් නොසිතනු මැනවි. තථාගතයන් වහන්සේ අවමන් නොකරන්නෙහිය. ඒ ශ්‍රාවකයෝ දිව්‍ය ලෝකයෙහිත් ඇලෙන්නාහුය. මනුෂ්‍ය ලෝකය ගැන කියනුම කවරේද?
281. “බාලවූ ප්‍රඥාව නැති නපුරු සිතිවිලි සිතන මෝහයෙන් වැසුනාවූ එවැන්නෝ මාරයා විසින් දමන ලද බැම්මෙහි බැඳෙත්.
282. “යම් කෙනෙකුන් විසින් රාගයද ද්වේෂයද නොදැනීමද සිඳින ලද්දේද නොසෙල්වෙන බැමි ඇති සර්වඥ පුත්‍රයෝ එහි නොඇලෙත්.”
ආයුෂ්මත් නන්දක තෙර මෙසේ මේ ගාථා කීයේය.
නන්දක ථේර ගාථා
4. 1. 5.
283. “පස් පනස් වසක් ධූලි හා අශුචි දැරුවෙමි. මසකට වරක් ආහාර දිවගා බලමින් අළු ඉසීමෙන් බුරුල්වූ කෙස් අතින් උගුල්ලන්නේ විය.
284. “එක් පයකින් සිටියෙමි. ආසන දුරු කෙළෙමි. වේලුණු අශූචි කෑවෙමි. ආරාධනා නොඉවසීමි.
285. “මෙබඳු බොහෝ අපායට යන දේ කොට අපායට යන්නේ බුදුන් සරණ ගියෙමි.
286. සරණයාම බලව. ධර්මයෙහි යහපත් බව බලව, ත්‍රිවිද්‍යාවන්ට පැමිණියෙමි. බුදුන්ගේ ශාසනය කරණලදී.”
ආයුෂ්මත් ජම්බුක තෙර මෙසේ මේ ගාථා කීයේය.
ජම්බුක ථේර ගාථා
4. 1. 6.
287. “ගයාවෙහි මැදින් මස පොහොය දිනයෙහි එකාන්තයෙන් මට යහපත් පැමිණීමක් වේවා. උතුම්වූ ධර්මය දේශනා කරණ බුදුන් දුටුවෙම්ද එහෙයිනි.
288. “මහත් ආලෝක ඇති පිරිසට නායකවූ ශ්‍රේෂ්ඨත්වයට පැමිණි තමහට වඩා ශ්රේෂ්ඨයක නැති බුදුන් දෙවියන් සහිත ලෝකයාට ශ්‍රේෂ්ඨ දැකීමකි.
289. “මහත් ඇතෙකු වැනිවූ මහාවීරයෙකුවූ මහා ආලෝකයක් ඇති, කෙලෙස් නැති, සියලු කෙලෙස් නැති කළාවූ කිසිතැනක බියක් නැත්තාවූ ශාස්තෘන් වහන්සේ යම් හෙයකින් දැක්කේද එය මගේ යහපත් දැකීමකි.
290. “ඒකාන්තයෙන්ම වැරදි විශ්වාස නමැති බැම්මෙන් බඳිනු ලදුව මා බොහෝ කාලයක් කිලිටිවූයේද, ඒ භාග්‍යවතුන් වහන්සේ සියළු ගැටවලින් සෝනක තෙරුන් මිදෙව්වේය.”
ආයුෂ්මත් සෝනක තෙර මෙසේ මේ ගාථා කීයේය.
සොනක ථේර ගාථා