3. 1. 8.
240. “ශ්රද්ධාවත්වූ ඤාණවන්තවූ ධර්මිෂ්ඨවූ සිල්වත්වූ ඒ එක් තැනැත්තා නමුත් ශ්‍රද්ධාව නැති මේ ඤාතීවූ දන්නාවූ හිතවතුන්ට වඩා යහපත් වේ.
241. “ඥාති බන්ධු ආශාවෙන් භික්ෂූන් අතර ක්‍රියාකොට මා විසින් නිග්‍රහ කිරීමෙන් හා අනුග්‍රහ කිරීමෙන් ඥාතීන්ට චොදනා කරණලදී.
242. “ඉක්මගියාවූ කළුරිය කළ ඔව්හු දිව්යසම්පත්තියට පැමිණියාහුය. මගේ සහෝදරවරුද මවුද කැමති දේ ලැබ සතුටුවෙත්.”
ආයුෂ්මත් පස්සික තෙර මෙසේ මේ ගාථා කීයේය.
8. පස්සික ථේර ගාථා
3. 1. 9.
243. “දන්තිලතා නම් වැලක පුරුකක් වැනි කෙට්ටුවූ නහර මතුවීගිය, ආහාරපානයන්හි පමණ දන්නාවූ කම්මැලි නැති ස්වභාව ඇති පුරුෂ තෙමේ,
244. “කැලේ මහවනයෙහි ඩැහැලේ බොන මැස්සන්ගෙන් හා, මදුරුවන්ගෙන් ස්පර්ශ කරණ ලද්දේ යුද පෙරමුණක ඇතෙකු මෙන් සිහි ඇතිව එහිම ඉවසන්නේය.
245. “බ්‍රහ්මයා යම්සේද එසේම තනියම හැසිරෙන්නේ සැපය. දෙවියන්ට සේ දෙදෙනෙකුවූ විට සිතේ කිපීම වන්නේය. තුන්දෙනෙකුගේ වාසය ගමේ විසීමක් මෙනි. තුන්දෙනෙකුට වඩා සිටින තැන කෝලාහලයකි.”
ආයුෂ්මත් යසොජ තෙර මෙසේ මේ ගාථා කීයේය.
9. යසොජ ථේර ගාථා
3. 1. 10.
246. “තොපට පෙර ශ්‍රද්ධාවක් විය. ඒ ශ්‍රද්ධාව අද තොපට නැත. යමක් තොපගේද එය තොපගේමය. මගේ දුශ්චරිතයක් නැත.
247. “ශ්‍රද්ධාව අනිත්‍යය, සෙලවේ. මෙසේ මා විසින් දක්නාලදී. ඇලීමද නොඇලීමදවේ. එවැන්නක් සමග ඇලුණත් නොඇලුණත් ප්රව්රජිතයාට කිනම් පාඩුවක්ද,
248. “ගෙයක් ගෙයක් පාසා ප්රව්රජිතයාට බත් පිසියි. මගේ පාචල ශක්තිය ඇත. පිඬු පිණිස හැසිරෙන්නෙමි.”
ආයුෂ්මත් සාටිමත්තිය තෙර මෙසේ මේ ගාථා කීයේය.
10. සාටිමත්තිය ථේර ගාථා
3. 1. 11.
249. “ශ්‍රද්ධාවෙන් ගෙන් නික්ම අළුත පැවිදිවූ නවක තෙමේ පිරිසිදු ජීවිකාව ඇති, කම්මැලි නොවූ යහපත් මිත්‍රයන් ආශ්‍රය කරන්නේය.
250. “ශ්‍රද්ධාවෙන් ගෙන් නික්ම අළුත පැවිදිවූ නවක තෙමේ සංඝයා කෙරෙහි වාසය කරණ ඤාණවන්ත මහණ තෙමේ විනයෙහි හික්මෙන්නේය.
251. “ශ්‍රද්ධාවෙන් ගෙන් නික්ම අළුත පැවිදිවූ නවක තෙමේ තෘෂ්ණාදිය පෙරටු නොකොට කැප ඇකැපයෙහි දක්ෂව හැසිරෙන්නේය.”
ආයුෂ්මත් උපාලි තෙර මේ ගාථා මෙසේ කීයේය.
11. උපාලි ථේර ගාථා
3. 1. 12.
252. “අර්ථ කල්පනා කිරීමට සමර්ථවූ පණ්ඩිතවූ මා ලෝකයෙහි පස්කම් රසය තෙමේ මුලාවට දැම්මේය.
253. “ඇනුණු තද හුලක් සමානව මාරයාගේ වසඟයට දුවන්නේ මර රජහුගේ තොණ්ඩුවෙන් බේරෙන්නට නොහැකිවිය.
254. “මාගේ සියලු කාමයෝ ප්රහීනය. සියලු භවයෝ ලිහා දමන ලද්දාහ. ජාතියෙන් ජාති ඉපදීම්යයි කියනලද පුනර්භවය දැන් නැත.”
ආයුෂ්මත් උත්තරපාල තෙර මේ ගාථා මෙසේ කීයේය.
12. උත්තරපාල ථේර ගාථා