3. 1. 3.
225. “ජරාවට පත්වීමට පෙර යමක් කළයුතුද එය ඔහු පසුව කරන්නට කැමතිවේද, හෙතෙම සැපයෙන් පහවේ. පසුවද තැවෙයි.
226. “යමක් කරන්නේද එය කියන්නේය. යමක් නොකරන්නේද එය නොකියන්නේය. පණ්ඩිතයෝ කියන්නාවූ දෙය නොකරන්නාහු විශේෂයෙන් දැනගනිත්.
227. “යම්තැනක දුක නැතිවේද, බුදුන් විසින් වදාරණ ලද ශොක නැති, කෙලෙස් නැති, නිර්භය නිවන අතිශයින් සැපය.”
ආයුෂ්මත් බක්කුල තෙර මෙසේ මේ ගාථා කීයේය.
3. බක්කුල ථේර ගාථා
3. 1. 4.
228. “මහණකමට ආශාවෙන් ඉදින් සැපසේ ජීවත්වනු කැමැත්තේ නම් සාංඝික සිවුරුද ගිලන්පසද ආහාරද නොඉක්මවා නොසිතන්නේය.
229. “මහණකමට ආශාවෙන් ඉදින් සැපසේ ජීවත් වන්නේ නම් සර්පයා මීගුලෙහි මෙන් සෙනාසනවල වසන්නේය.
230. මහණකමට ආශාවෙන් ඉදින් සැපසේ ජීවත්වනු කැමැත්තේ නම් අප්රමාදවූ එකම ධර්මය වඩමින් ලදදෙයින් සතුටුව වසන්නේය.”
ආයුෂ්මත් ධනිය තෙර මෙසේ මේ ගාථා කීයේය.
4. ධනිය ථේර ගාථා
3. 1. 5.
231. “මේ වේලාව බොහෝ සීතලය. මේ ඉතා උෂ්ණය දැන් ඉතා සවස්යයි මෙසේ හරණලද වැඩ ඇති මානවකයන්ට අවස්ථාව වැරදීයයි.
232. “මේ ලෝකයෙහි යම් කෙනෙක් සීතලද උෂ්ණයද තණකොළයකට වඩා ගණන් නොගනීද, පුරුෂ වීර්ය කරණ හෙතෙම සැපයෙන් ඈත්නොවෙයි.
233. “දබ්බනම් තණකොළද, කුශතණද, කටු සහිත ගස්ද, සැවැන්දරාද, මුදුතණ හා බඛුස්තණද, විවේකය වඩන මම ලයින් ඉවසන්නෙමි.”
ආයුෂ්මත් මාතංග පුත්ර තෙර තෙමේ මෙසේ මේ ගාථා කීයේය.
5. මාතංග පුත්ර ථේර ගාථා
3. 1. 6.
234. “පැළලුප් නුවර වැසි විසිතුරු ධර්ම කථා ඇති, බොහෝ උගත් ශ්රමණයෝ වෙත්ද, ඔවුන් අතරින් කෙනෙකුවූ දීර්ඝායුෂ ඇති ඛුජ්ජසොභිතවූ ආයුෂ්මත් තෙමේ දොරකඩ සිටියි.
235. “පැළලුප් නුවරවැසි විසිතුරු ධර්ම කථා ඇති බොහෝ උගත් ශ්රමණයෝ වෙත්ද, ඔවුන් අතරින් කෙනෙකුවූ වාතයෙහි ගමන් කරන ආයුෂ්මත් තෙමේ දොරකඩ සිටියි.
236. “කෙලෙස් යුද්ධයෙන් ධර්මය පිදීමෙන්, කෙලෙස් පැරදවීමෙන් බ්රහ්මචර්ය පුරුදු කිරීමෙන් මෙසේ මේ සැපට පැමිණේ.”
ආයුෂ්මත් බුජ්ජසොභිත තෙර මෙසේ මේ ගාථා කීයේය.
6. ඛුජ්ජසොභිත ථේර ගාථා