3. 1. 1.
219. “නුවණ නැතිව පිරිසිදුකම බලාපොරොත්තුවෙන් වනයෙහි ගිනි දෙවියා පිදීමි. නිවණට මග නොදන්නේ ශරීරයට දුක්දීම කෙළෙමි.
220. “ඒ නිවන් සැප මම ශරීරයට දුක්නොදී සුවසේ ලබාගතිමි. ධර්මයේ යහපත් බව බලන්න. ත්රිවිද්යාවන්ට ක්රමයෙන් පැමුණුනෙමි. බුදුන්ගේ අවවාදය කරණ ලදී.
221. “ජාති මාත්රයෙන් බ්රහ්මයයි කියන බ්රහ්ම බන්ධුවූයෙමි. දැන් පරමාර්ථ බ්රාහ්මණයෙක්වීමි. ත්රිවිද්යා ඇත්තෙකු වී දැන් පරමාර්ථ වශයෙන් ත්රිවිද්යා ඇත්තෙක්වීමි. සංඥා මාත්රයෙන් නෑවාවූ කෙනෙක් වී දැන් පරමාර්ථයෙන් නෑවෙක්වීමි. දැන් පරමාර්ථවේද දත් සොත්ථි’‘ (බ්රාහ්මණයෙක්) වීමි.”
ආයුෂ්මත් අංගාණික භාරද්වාජ තෙමේ මේ ගාථා කීයේය.
1. අංගාණික භාරද්වාජ ථේර ගාථා
3. 1. 2.
222. “ශෛක්ෂවූ (රහත්වීම සම්පූර්ණ නොකළ) රහත් බවට නොපැමිණි පැවිදිවී පස්දිනක් ඇති මම මගේ වාසස්ථානයට ගියේ සිතේ මෙවැනි අදහසක් විය.
223. “මගේ හෘදයෙහි තණ්හා හුල නැති නොවනතුරු නොකන්නෙමි නොබොන්නෙමි. පන්සලෙන් පිට නොවන්නෙමි. පැත්තකින් නොනිදන්නෙමි.
224. “මෙසේ වාසය කරන්නාවූ මගේ තද උත්සාහය බලන්න. ත්රිවිද්යාවන් ලද්දෙමි. බුදුන්ගේ අවවාදය කරණ ලදී.”
ආයුෂ්මත් පච්චය තෙර මෙසේ මේ ගාථා කීයේය.
2. පච්චය ථේර ගාථා
3. 1. 3.
225. “ජරාවට පත්වීමට පෙර යමක් කළයුතුද එය ඔහු පසුව කරන්නට කැමතිවේද, හෙතෙම සැපයෙන් පහවේ. පසුවද තැවෙයි.
226. “යමක් කරන්නේද එය කියන්නේය. යමක් නොකරන්නේද එය නොකියන්නේය. පණ්ඩිතයෝ කියන්නාවූ දෙය නොකරන්නාහු විශේෂයෙන් දැනගනිත්.
227. “යම්තැනක දුක නැතිවේද, බුදුන් විසින් වදාරණ ලද ශොක නැති, කෙලෙස් නැති, නිර්භය නිවන අතිශයින් සැපය.”
ආයුෂ්මත් බක්කුල තෙර මෙසේ මේ ගාථා කීයේය.
3. බක්කුල ථේර ගාථා
3. 1. 4.
228. “මහණකමට ආශාවෙන් ඉදින් සැපසේ ජීවත්වනු කැමැත්තේ නම් සාංඝික සිවුරුද ගිලන්පසද ආහාරද නොඉක්මවා නොසිතන්නේය.
229. “මහණකමට ආශාවෙන් ඉදින් සැපසේ ජීවත් වන්නේ නම් සර්පයා මීගුලෙහි මෙන් සෙනාසනවල වසන්නේය.
230. මහණකමට ආශාවෙන් ඉදින් සැපසේ ජීවත්වනු කැමැත්තේ නම් අප්රමාදවූ එකම ධර්මය වඩමින් ලදදෙයින් සතුටුව වසන්නේය.”
ආයුෂ්මත් ධනිය තෙර මෙසේ මේ ගාථා කීයේය.
4. ධනිය ථේර ගාථා
3. 1. 5.
231. “මේ වේලාව බොහෝ සීතලය. මේ ඉතා උෂ්ණය දැන් ඉතා සවස්යයි මෙසේ හරණලද වැඩ ඇති මානවකයන්ට අවස්ථාව වැරදීයයි.
232. “මේ ලෝකයෙහි යම් කෙනෙක් සීතලද උෂ්ණයද තණකොළයකට වඩා ගණන් නොගනීද, පුරුෂ වීර්ය කරණ හෙතෙම සැපයෙන් ඈත්නොවෙයි.
233. “දබ්බනම් තණකොළද, කුශතණද, කටු සහිත ගස්ද, සැවැන්දරාද, මුදුතණ හා බඛුස්තණද, විවේකය වඩන මම ලයින් ඉවසන්නෙමි.”
ආයුෂ්මත් මාතංග පුත්ර තෙර තෙමේ මෙසේ මේ ගාථා කීයේය.
5. මාතංග පුත්ර ථේර ගාථා
3. 1. 6.
234. “පැළලුප් නුවර වැසි විසිතුරු ධර්ම කථා ඇති, බොහෝ උගත් ශ්රමණයෝ වෙත්ද, ඔවුන් අතරින් කෙනෙකුවූ දීර්ඝායුෂ ඇති ඛුජ්ජසොභිතවූ ආයුෂ්මත් තෙමේ දොරකඩ සිටියි.
235. “පැළලුප් නුවරවැසි විසිතුරු ධර්ම කථා ඇති බොහෝ උගත් ශ්රමණයෝ වෙත්ද, ඔවුන් අතරින් කෙනෙකුවූ වාතයෙහි ගමන් කරන ආයුෂ්මත් තෙමේ දොරකඩ සිටියි.
236. “කෙලෙස් යුද්ධයෙන් ධර්මය පිදීමෙන්, කෙලෙස් පැරදවීමෙන් බ්රහ්මචර්ය පුරුදු කිරීමෙන් මෙසේ මේ සැපට පැමිණේ.”
ආයුෂ්මත් බුජ්ජසොභිත තෙර මෙසේ මේ ගාථා කීයේය.
6. ඛුජ්ජසොභිත ථේර ගාථා