20. සට්ඨි නිපාතය
60. 1. 1.
1151. “ආරණ්යකවුද පිණ්ඩපාතිකවූද ගෙපිළිවලින් පිඬු සිඟීමෙහි ඇලුනාවූ අප විසින් ආධ්යාත්මය තැන්පත්කොට මාරසේනාව සිඳිමු.
1152. “ආරණ්යකවූද පිණ්ඩපාතිකවූද ගෙපිළිවෙලින් පිඬු සිඟීමෙහි ඇලුනා අපි ඇතෙක් බටකොළ සෙවිලි කරන ගෙයක් විනාශ කරන්නාක් මෙන් මාරසේනාව සිඳිමු.
1153. “වෘක්ෂමූලිකවූද භාවනාවෙහි වීර්යවන්තවූද පඤ්චචරියාවෙහි ඇලුනාවූද අප විසින් ආධ්යාත්මය තැන්පත්කොට මාරසේනාව සිඳිමු.
1154. “වෘක්ෂමූලිකවූද භාවනාවෙහි වීර්යවන්තවූද පඤ්චචරියාවෙහි ඇලුනාවූද අපි ඇතෙක් බටකොළ ගෙයක් විනාශ කරන්නාක් මෙන් මරසෙනග විනාශ කරමු.
1155. “ඇටසැකිලි කුටියක් බඳුවූද නහරවැල්වලින් වෙලන ලද්දාවූද දුගඳ හමන අසූචියෙන් පිරුණාවූද තොපට ගර්හා වේවා. අනුන් පිළිබඳ ශරීරයෙහිද මෙබඳු තත්ත්වයක් පවත්නා නිසා කවර මම බයක්ද?
1156. “අසූචි ඇති අතක් හා සමානවූද සමින් වසන ලද්දාවූද පිසාචයෙක් බඳුවූද තොපගේ ශරීරයෙහි හැමකල්හි නව දොරකින් වෑහෙන කුණු ඇත්තේය.
1157. “දිය පහරවල් නවයක් ඇත්තාවූද දුගඳහමන්නාවූද සමින් බඳනාලද්දාවූද ශරීරය පිරිසිදුබව කැමැත්තෙක් කුණක් දැක පිළිකුල් කරන්නාක් මෙන් භික්ෂුව විසින් දුරුකට යුතුය.
1158. “අසූචි ගොඩක්වූ මේ ශරීරය මා දන්නාක් මෙන් මහජනයාත් දකිත් නම් දුරින්ම දුරුකරන්නේය. අපිරිසිදු අසූචිවලක් දුරුකරන්නාක් මෙනි.
1159. “ශ්රමණයන්වහන්ස, ඔබ යමක් කියන්නෙහි නම් එය එසේමය. ඇතැමෙක් මෙහි වාසය කෙරෙත්ද මඩගොහොරුවක එරීගිය මහළු ගවයෙකු මෙන් විපතට පත් වන්නේය.
1160. “යමෙක් අහසෙහි ලාක්ෂා රසයෙන් සිතියම් කරන්නෙමියි අදහස් කරන්නේද ඒ වෙහෙසක් පිණිසම පවතී.
1161. “ඒ ආකාසය සමවූ සිත මනාකොට හික්මවාගන්නා ලද්දේ පාපයෙන් වලක්වා ගන්නා ලද්දේ නොවේ නම් ගින්නකින් මෙන් අනර්ථයක් නොවන්නේය.
1162. “අසූචි වැගිරෙන මේ ශරීරය සිතින් සිතියම් කරන ලද්දක් මෙන් පවතින නමුත් නොයෙක් රෝග ව්යසනයන්ට ගොදුරු වන්නේය. මෙහි ස්ථිර බවක්ද නැත.
1163. “මාණික්යාදි ආභරණ විශේෂයන්ගෙන් විසිතුරු කරන ලද්දාවූද ඇට සහ සමෙනුත් යුක්තවූද වස්ත්රයන්ගෙන් ශොභා සම්පන්න මේ ශරීරය බලව.
1164. “ලාකඩ වතුර රැඳවූ විලේපනවලින් ඔපකරන ලද මුඛයක් ඇති මේ ශරීරය අඥාන පුද්ගලයාගේ මුලාවට හේතු වෙයි. නිවන් සොයන්නහුට මුලාවට කාරණයක් නොවේ.
1165. “අෂ්ටපදාකාරයෙන් කරනලද කෙස් ඇත්තාවූද, අඳුන් තැවරූ ඇස් ඇත්තාවූද මේ ශරීරය අඥානයාගේ මුලාවට හේතුයි. නිවන් සොයන්නහුගේ මුලාවට හේතුවක් නොවේ.
1166. “අලංකාර කරනලද මේ කුණු කය මාලාකර්ම දන්තාදියෙන් විසිතුරුය. ඒ බාලයාගේ මුලාවට හේතුවක් වෙයි.
1167. “වැද්දා මුවා මැරීමට උගුල අටවා කෑම දමාතැබුවේද, දක්ෂ මුවෙක්වූ මම මිගබන්ධකයන් හඬද්දී පලාගියෙමි.
1168. “වැද්දාගේ පාසය සිඳ දමනලදී. රන් රුවන්ද, ස්ත්රී සමූහයාද නමැති ඒ පාසයට අසුනොවීමි. පාසය ළඟ තැබූ කෑම පමණක් ගෙන මිගලුද්දකයන් හඬද්දීම ගියෙමි.
1169. “ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි අනේක ප්රකාරවූ බිය ජනකවූද රෝමෝද්ගමනය වන්නාවූද ආරම්මන ඇතිවූවාහුය.
1170. “ඒකාන්තයෙන් සියලු සංස්කාරයෝ අනිත්යයහ. ඉපදීම හා මැරීම ස්වභාවකොට ඇත්තාහුය. ඉපිද නැති වෙත්. ඔවුන්ගේ සංසිඳීම සැපයි.
1171. “රාත්රියෙහි විදුලි එළියෙන් අස්ලොමකට විදින්නාක් මෙන් තමාගේද අනුන්ගේද පඤ්චස්කන්ධය සියුම් වශයෙන් අවබෝධ කටයුතුය.
1172. “යමෙක් වනාහි තමාගේද අනුන්ගේද නොවන්නාවූ සංස්කාර ධර්මයන් තත්වූ පරිදි අවබෝධකොට දකීද, ඒ දැකීම විදුලි එළියෙන් අස්ලොමක් දකින්නාක් වැනි සියුම්ය.
1173. “ආයුධයකින් ගසන ලද පහරින් සිදිනු ලබන හිසක් මෙන් කාමරාගය දුරුකිරීමට භික්ෂුව සිහියෙන් උත්සාහවත් වියයුතුය.
1174. “ආයුධයකින් ගැසූ පහරක් ඇති සිඳිනු ලබන හිසක් මෙන් සිහියෙන් යුක්තව භික්ෂුව භවරාග නැති කිරීමට උත්සාහ කළයුතුය.
1175. “භාවිතවූ අන්තිම ශරීරය දරන්නාවූ බුදුන් විසින් චොදනා කරනු ලැබ මිගාරමාතු පාසාදය පාදංගුලියෙන් කම්පනය කරන ලදහ.