2. 4. 5.
189. “වර්ෂාව වසියි. වර්ෂාව “ගල ගල” යන නාදය පතුරුවයි. භයජනක ගුහාවෙහි තනිව වසමි.
190. “තනිව භයජනක ගුහාවෙහි වසන ඒ මට බියක්වත් තැතිගැන්මක්වත්, ලොම් කෙලින් සිටීමක්වත්, නැත තනිව භයජනක ගුහාවෙහි වසන මට බයක්වත් තැතිගැන්මක්වත් ලොම් කෙලින් සිටීමක්වත් නැත්තේද, මේ මාගේ ස්වභාවයි.”
ආයුෂ්මත් සම්බුල කච්චාන තෙරණුවෝ මේ ගාථා කීහ.
සම්බුල කච්චාන ථේර ගාථා
2. 4. 6.
191. “ස්ථිරභාවයට පත්වූ යමෙකුගේ ගලක් වැනිවූ, සිත කම්පා නොවේද? ආර්යමාර්ගයෙන් ඇලුම් කටයුතු ධර්මයන්හි නොඇලුනේද, කෝප විය යුතු දෙයෙහි නොකිපේද, මෙසේ යමෙකුගේ සිත වඩන ලද්දේද, ඔහු කොයින් දුකක් විඳිනේද?
192. “ස්ථිරවූ මගේ ගලක් වැනිවූ සිත කම්පා නොවේද, ඇලුම් කටයුතු ආර්ය මාර්ගයෙහි නොඇලේද, කොප විය යුතු දෙයෙහි නොකිපේද, මෙසේ මාගේ සිත වඩනලදී. මට කොයින් දුකක් පැමිණේද?”
ආයුෂ්මත් ඛිතක තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
ඛිතක ථේර ගාථා
2. 4. 7.
193. “මේ නැකත් තරු මාලාවෙන් යුත් රාත්‍රියකි. මේ රාත්‍රියෙහි නිදීම සුදුසු නොවේ. ඤාණවන්තයා විසින් මේ රාත්‍රියෙහි තමා රකින්නට සුදුසුමය.
194. “ඉදින් ඇත් කඳින් වැටුනාවූ තැනැත්තා ඇතු විසින් පාගා මරාද, පැරදී ජීවත්වීමට වඩා මට යුද්ධයෙහිදී මරණය ශ්‍රේෂ්ඨය.”
ආයුෂ්මත් සෙලිස්සරිය තෙර මෙසේ මේ ගාථා කීයේය.
සෙලිස්සරිය ථේර ගාථා
2. 4. 8.
195. “ප්‍රියවූ සිත් අලවන පස්කම් සැප හැර ශ්‍රද්ධාවෙන් නික්මී දුක් කෙළවර කරන්නෙක් වෙව.
196. “මරණයට බිය නොවෙමි. ජීවිතයට ප්‍රිය නොවෙමි. සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව සිහි ඇතිව පිරිනිවන් පාන කාලයද සිහිකරමි.”
ආයුෂ්මත් නිසභ තෙර මෙසේ මේ ගාථා කීයේය.
නිසභ ථේර ගාථා
2. 4. 9.
197. (පෙර) “ඇතෙකු පිට සිට අඹ දළු සමාන පබළු පාට ඇති සිවුර අංශයකින් දරා ගමෙහි පිඬු පිණිස හැසුරුණෙමි.
198. “එකල්හි ඇතුපිටින් බැස කලකිරීමට පැමිණියෙමි. ඒ මම එකල්හි බැබලුණේ ශාන්තවූයේ මා විසින් කෙලෙස් ක්ෂයකිරීමට පමුණුවන ලදී.”
ආයුෂ්මත් උසභ තෙර මෙසේ මේ ගාථා කීයේය.
උසභ ථේර ගාථා
2. 4. 10.
199. “කප්පටකුර තෙමේ මේ මාගේ වස්ත්‍ර කැබැල්ලයයි ඇඳගන ඉතා බර බැවින් මාගේ ධර්මය ඒ ඒ තැන දේශනා කරන කල්හි යම්තම් භාවනාවක් කරණ ලද්දේ, ධ්‍යාන භාවනා කරන්නට කරණ ලද, උත්සාහය ඇතිව සිටි ඔහුට චොදනාකොට.
200. “කප්පටකුරය, නුඹ නොනිදව. තොපගේ කණ සමීපයෙහි නොතලන්නෙමි. කප්පටය, සංඝයා මැද නිදන නුඹ කාලයේ වටිනාකම නොදන්නෙහිය”
ආයුෂ්මත් කප්පටකුර තෙමේ මෙසේ මේ ගාථා කීයේය.
කප්පටකුර ථේර ගාථා
වග්ගො චතුත්ථො නිට්ඨිතො.
එහි උද්දානය:
මිගසිර ද, සීවක ද, පණ්ඩිත වූ උපවාන ද, ඉසිදින්න ද, කච්චාන ද, මහාවසී වූ ඛිතක ද, සෙලිස්සරිය ද, නිසභ ද, උසභ ද, කප්පටකුර දැයි (මේ තෙරවරු වෙති).