2. 4. 2.
183. “ඒ ඒ භවයන්හි නිතර නිතර ඉපදීම් නැමැති ගෙවල් අනිත්යය. ඒ ගෙවල් ගනිමින් ගෙවල් හදන වඩුරාළ නමැති තෘෂ්ණාව සොයමින් හැසුරුනෙමි.
184. “ගෙවල් හදන්නා දක්නාලදී. නැත ගෙවල් නොහදන්නෙහිය, ඔබගේ සියලු පරාල බිඳින ලදී. ගෙයි කර්නිකාව (කැණිමඬල) පලන ලදී. මගේ සිත නැත නූපදින තත්ත්වයට පැමිණිවූයෙමි. මේ ආත්මභාවයෙහිම නැති කරන්නේය.”
ආයුෂ්මත් සීවක තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
සීවක ථේර ගාථා
2. 4. 3.
185. “ලෝකයෙහි අර්හත්වූ යහපත් ගමන් ඇති මුනිතෙමේ වාතයන් කිපීමෙන් ලෙඩ වූයේය. බමුණ, ඉදින් උණුපැන් ඇත්නම් බුදුන්ට දෙව.
186. “පුදනු ලබන්නන්ගේ පූජ්යවූ සත්කාර කරන්නන්ගේ සත්කාරයට යොග්යවූ සැළකිළි කරන්නන්ගේ සැළකිල්ලට භාජනවූ උන්වහන්සේගේ අසනීපය වෙනුවෙන් යන්නට කැමැත්තෙමි.”
ආයුෂ්මත් උපවාන තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
උපවාන ථේර ගාථා
2. 4. 4.
187. “මැණික් කුණ්ඩලාභරණයන්හි බලවත් රාගයෙන් ඇලුනාවූද, අඹුදරුවන් කෙරෙහි ආශා ඇත්තාවූද කාමයන් අනිත්යයයි කියන්නාවූ ධර්මධර උපාසකයෝ මා විසින් දක්නා ලදී.
188. “ඒකාන්තයෙන් ඒ උපාසකයෝ කාමයන් අනිත්යයයි කීවාහුද, ඔව්හු ඒකාන්තයෙන් මේ බුද්ධශාසනයෙහි ධර්මයවූ පරිදි නොදනිත්. ඔවුන්ට රාගය සිඳින්නට ශක්තියක් නැත එහෙයින් අඹුදරුවන්ද ධනයද ඇසුරු කළාහ.”
ආයුෂ්මත් ඉසිදින්න තෙරුණුවෝ මේ ගාථා කීහ.
ඉසිදින්න ථේර ගාථා
2. 4. 5.
189. “වර්ෂාව වසියි. වර්ෂාව “ගල ගල” යන නාදය පතුරුවයි. භයජනක ගුහාවෙහි තනිව වසමි.
190. “තනිව භයජනක ගුහාවෙහි වසන ඒ මට බියක්වත් තැතිගැන්මක්වත්, ලොම් කෙලින් සිටීමක්වත්, නැත තනිව භයජනක ගුහාවෙහි වසන මට බයක්වත් තැතිගැන්මක්වත් ලොම් කෙලින් සිටීමක්වත් නැත්තේද, මේ මාගේ ස්වභාවයි.”
ආයුෂ්මත් සම්බුල කච්චාන තෙරණුවෝ මේ ගාථා කීහ.
සම්බුල කච්චාන ථේර ගාථා
2. 4. 6.
191. “ස්ථිරභාවයට පත්වූ යමෙකුගේ ගලක් වැනිවූ, සිත කම්පා නොවේද? ආර්යමාර්ගයෙන් ඇලුම් කටයුතු ධර්මයන්හි නොඇලුනේද, කෝප විය යුතු දෙයෙහි නොකිපේද, මෙසේ යමෙකුගේ සිත වඩන ලද්දේද, ඔහු කොයින් දුකක් විඳිනේද?
192. “ස්ථිරවූ මගේ ගලක් වැනිවූ සිත කම්පා නොවේද, ඇලුම් කටයුතු ආර්ය මාර්ගයෙහි නොඇලේද, කොප විය යුතු දෙයෙහි නොකිපේද, මෙසේ මාගේ සිත වඩනලදී. මට කොයින් දුකක් පැමිණේද?”
ආයුෂ්මත් ඛිතක තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
ඛිතක ථේර ගාථා
2. 4. 7.
193. “මේ නැකත් තරු මාලාවෙන් යුත් රාත්රියකි. මේ රාත්රියෙහි නිදීම සුදුසු නොවේ. ඤාණවන්තයා විසින් මේ රාත්රියෙහි තමා රකින්නට සුදුසුමය.
194. “ඉදින් ඇත් කඳින් වැටුනාවූ තැනැත්තා ඇතු විසින් පාගා මරාද, පැරදී ජීවත්වීමට වඩා මට යුද්ධයෙහිදී මරණය ශ්රේෂ්ඨය.”
ආයුෂ්මත් සෙලිස්සරිය තෙර මෙසේ මේ ගාථා කීයේය.
සෙලිස්සරිය ථේර ගාථා
2. 4. 8.
195. “ප්රියවූ සිත් අලවන පස්කම් සැප හැර ශ්රද්ධාවෙන් නික්මී දුක් කෙළවර කරන්නෙක් වෙව.
196. “මරණයට බිය නොවෙමි. ජීවිතයට ප්රිය නොවෙමි. සම්යක් ප්රඥාවෙන් යුක්තව සිහි ඇතිව පිරිනිවන් පාන කාලයද සිහිකරමි.”
ආයුෂ්මත් නිසභ තෙර මෙසේ මේ ගාථා කීයේය.
නිසභ ථේර ගාථා