2. 3. 9.
177. “පර්වත ගුහාවෙහි සිංහයන් මෙන් නුවණ ඇති දිනනලද කෙලෙස් යුද්ධ ඇති වීරයෝ සෙනා සහිත මාරයා නසා සිංහනාද කරත්.
178. “මට ශාස්තෲන් වහන්සේ පුරුදුය, මා විසින් ධර්මයද සංඝයාද පුදන ලදී. කෙලෙස් නැති පුත්රයෙකු දැක මමද වස්තු සහිතවූයේ සතුටුවූයේ වෙමි.”
භාරද්වාජ තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
9. භාරද්වාජ ථේර ගාථා
2. 3. 10.
179. “සත්පුරුෂයන් ආශ්රය කරණලදී. ධර්මය නිතර ඇසීමි. නිවන පිහිටීම්කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය අසා පිළිපදින්නෙමි.
180. “මා විසින් භවරාගය නැසුයේම මට භවරාගය නැවත නූපදී. ඒ භවරාගය නොවීමි. මට නොවන්නේය. දැනුදු විද්යමාන නොවේ.”
ආයුෂ්මත් කණ්හදින්න තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
10. කණ්හදින්න ථේර ගාථා
වග්ගො තතියො නිට්ඨිතො.
එහි උද්දානය:
උත්තර, භද්දජි තෙර, සොභිත, වල්ලිය ඉසි, වීතසොක යන තෙර, පුණ්ණමාස, නන්දක, භරත, භාරද්වාජ සහ කණ්හදින්න යන මහා මුනීහුය.
4. චතුත්ථවග්ගො
2. 4. 1.
181. යම් දවසක සිට මම බුද්ධ ශාසනයෙහි පැවිදිවූයෙම්ද, මිදෙමින් නැගිටින්නේ කාම ධාතුව ඉක්ම වීමි.
182. “බ්රහ්ම නමැති බුදුන් දක්නාවූ මාගේ සිත සියළු කෙලෙසුන්ගෙන් මිදුනේය. සියලු සංයෝජනයන් ක්ෂයවීමෙන් මාගේ සිතේ මිදීම බාධා නොවීය.”
ආයුෂ්මත් මිගසිර තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
මිගසිර ථේර ගාථා
2. 4. 2.
183. “ඒ ඒ භවයන්හි නිතර නිතර ඉපදීම් නැමැති ගෙවල් අනිත්යය. ඒ ගෙවල් ගනිමින් ගෙවල් හදන වඩුරාළ නමැති තෘෂ්ණාව සොයමින් හැසුරුනෙමි.
184. “ගෙවල් හදන්නා දක්නාලදී. නැත ගෙවල් නොහදන්නෙහිය, ඔබගේ සියලු පරාල බිඳින ලදී. ගෙයි කර්නිකාව (කැණිමඬල) පලන ලදී. මගේ සිත නැත නූපදින තත්ත්වයට පැමිණිවූයෙමි. මේ ආත්මභාවයෙහිම නැති කරන්නේය.”
ආයුෂ්මත් සීවක තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
සීවක ථේර ගාථා
2. 4. 3.
185. “ලෝකයෙහි අර්හත්වූ යහපත් ගමන් ඇති මුනිතෙමේ වාතයන් කිපීමෙන් ලෙඩ වූයේය. බමුණ, ඉදින් උණුපැන් ඇත්නම් බුදුන්ට දෙව.
186. “පුදනු ලබන්නන්ගේ පූජ්යවූ සත්කාර කරන්නන්ගේ සත්කාරයට යොග්යවූ සැළකිළි කරන්නන්ගේ සැළකිල්ලට භාජනවූ උන්වහන්සේගේ අසනීපය වෙනුවෙන් යන්නට කැමැත්තෙමි.”
ආයුෂ්මත් උපවාන තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
උපවාන ථේර ගාථා
2. 4. 4.
187. “මැණික් කුණ්ඩලාභරණයන්හි බලවත් රාගයෙන් ඇලුනාවූද, අඹුදරුවන් කෙරෙහි ආශා ඇත්තාවූද කාමයන් අනිත්යයයි කියන්නාවූ ධර්මධර උපාසකයෝ මා විසින් දක්නා ලදී.
188. “ඒකාන්තයෙන් ඒ උපාසකයෝ කාමයන් අනිත්යයයි කීවාහුද, ඔව්හු ඒකාන්තයෙන් මේ බුද්ධශාසනයෙහි ධර්මයවූ පරිදි නොදනිත්. ඔවුන්ට රාගය සිඳින්නට ශක්තියක් නැත එහෙයින් අඹුදරුවන්ද ධනයද ඇසුරු කළාහ.”
ආයුෂ්මත් ඉසිදින්න තෙරුණුවෝ මේ ගාථා කීහ.
ඉසිදින්න ථේර ගාථා