2. 3. 5.
169. “මාගේ කෙස් කපන්නෙමියි කපුවා (කරනවෑමියා) ආවේය. ඉක්බිති කන්නාඩියක් රැගෙන ශරීරය බැළුවෙමි.
170. “ශරීරය හිස්බව දුටුවෙමි. අන්ධකාරයක් ඇතිවිය. සියලු කෙලෙස් මුල සුන් කරණ ලදී. නැවත ඉපදීමක් දැන් නැත.”
ආයුෂ්මත් වීතාසොක තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
5. වීතාසොක ථේර ගාථා
2. 3. 6.
171. “නිවනට පැමිණීමට පඤ්චනීවරණ ධර්ම අත් හැර විදර්ශනා නුවණ නැමැති තමන්ගේ ධර්ම කන්නාඩිය ගෙන,
172. “ඇතුලතවූද පිටතවූද මේ සියලු ශරීර බැලුවෙමි. ඇතුළතද පිටතද හිස් ශරීරය දුටුවෙමි.”
ආයුෂ්මත් පුණ්ණ මාස තෙරුණුවෝ මෙසේ මේ ගාථා කීහ.
6. පුණ්ණමාස ථේර ගාථා
2. 3. 7.
173. “යහපත් ආජානීය ඇත් රජ යම්සේ හැපී නවතීද බොහෝසේ සංවෙගයට පැමිණි සිත ශක්තිමත් කොට බර උසුලාද?
174. “එසේ මා මාර්ග ඥානයෙන් යුත් බුද්ධශ්‍රාවකවූ බුදුන්ගේ ඖරස පුත්‍රවූ මා ඇතෙකු කොට දරව්.”
ආයුෂ්මත් නන්දක තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
7. නන්දක ථේර ගාථා
2. 3. 8.
175. “නන්දකය එනු මැනව, උපාධ්‍යායවූ බුදුන් වෙත යමු. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ ලඟ සිංහනාද කරමු.
176. “යම් කරුණක් පිණිස අපට අනුකම්පාවෙන් බුදුන් වහන්සේ අප පැවිදි කළ සේක්ද සියලු රැහැන් කැඩීමෙන් අපි ඒ අදහසට පැමිණියෙමු.”
ආයුෂ්මත් භරත තෙරණුවෝ මේ ගාථාව කීහ.
8. භරත ථේර ගාථා
2. 3. 9.
177. “පර්වත ගුහාවෙහි සිංහයන් මෙන් නුවණ ඇති දිනනලද කෙලෙස් යුද්ධ ඇති වීරයෝ සෙනා සහිත මාරයා නසා සිංහනාද කරත්.
178. “මට ශාස්තෲන් වහන්සේ පුරුදුය, මා විසින් ධර්මයද සංඝයාද පුදන ලදී. කෙලෙස් නැති පුත්‍රයෙකු දැක මමද වස්තු සහිතවූයේ සතුටුවූයේ වෙමි.”
භාරද්වාජ තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
9. භාරද්වාජ ථේර ගාථා
2. 3. 10.
179. “සත්පුරුෂයන් ආශ්‍රය කරණලදී. ධර්මය නිතර ඇසීමි. නිවන පිහිටීම්කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය අසා පිළිපදින්නෙමි.
180. “මා විසින් භවරාගය නැසුයේම මට භවරාගය නැවත නූපදී. ඒ භවරාගය නොවීමි. මට නොවන්නේය. දැනුදු විද්‍යමාන නොවේ.”
ආයුෂ්මත් කණ්හදින්න තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
10. කණ්හදින්න ථේර ගාථා
වග්ගො තතියො නිට්ඨිතො.
එහි උද්දානය:
උත්තර, භද්දජි තෙර, සොභිත, වල්ලිය ඉසි, වීතසොක යන තෙර, පුණ්ණමාස, නන්දක, භරත, භාරද්වාජ සහ කණ්හදින්න යන මහා මුනීහුය.