2. 1. 7.
133. “හොඳින් සෙවෙලි නොකළ ගෙයකට වර්ෂාව වදීද එසේම නොවැඩූ සිත රාගයෙන් යට කොට ගනියි.
134. “යහපත්කොට සෙවෙලි කරණලද ගෙයට වර්ෂාව නොවදීද, එසේම පුරුදුකළ සිත රාගය යටකොට නොගනියි.”
ආයුෂ්මත් රාධ තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
7. රාධ ථේර ගාථා
2. 1. 8.
135. “මාගේ උත්පත්තිය ක්ෂයවිය මාර්ගබ්‍රහ්මචර්යාව වැස නිමවූයෙමි. දැලක් හා සමාන දෘෂ්ටිය හා අවිද්‍යාව නැතිවිය. නසනලදිමි.
136. “යමෙක් නිසා ගිහිගෙන් නික්ම ගෙයක් නැතැයි කියනලද ශාසනයෙහි පැවිදිවූයෙම්ද සියළු බැමි කැඩීමෙන් මා විසින් ඒ යහපතට පැමිණියෙමි.
ආයුෂ්මත් සුරාධ තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
8. සුරාධ ථේර ගාථා
2. 1. 9.
137. “හැමකල්හි ඒකාන්තයෙන් රැකිය යුතු යම් තැනැත්තියන් කෙරෙහි සත්‍යය දුර්ලභද, ඒ ස්ත්‍රීන් කෙරෙහි මුනීහු නොබැඳෙත්, සැපසේ හොවිත්.
138. “එම්බල කාමය, නුඹගේ කරදරය අවසන් කෙළෙමි තොපට දැන් ණයක් නැත. යම් තැනකට ගොස් ශොක නොකරම්ද, දැන් ඒ නිවනට යමු.”
ආයුෂ්මත් ගොතම තෙරණුවෝ මෙසේ කීහ.
9. ගොතම ථේර ගාථා
2. 1. 10.
139. “(කුහකතෙමේ) තමා මුලින් නසයි. පසුව හෙතෙම අනුන් නසයි. වැදිතෙමේ විතංස (අත්තටු කැපූ) පක්ෂියාගෙන් මෙන් තමා විශේෂයෙන් නසී.
140. “පිටත පෙනීමෙන් බ්‍රාහ්මණයෙක් නොවේ. ඇතුළත පිරිසිදුකමින් බ්‍රාහ්මණයෙක් වේ. යමකු කෙරෙහි පවුකම් පෙණේද, සුජම්පතිය, හෙතෙම හීනපුද්ගලයෙකි.”
ආයුෂ්මත් වසභ තෙරණුවෝ මේ ගාථා මෙසේ කීහ.
10. වසභ ථේර ගාථා
වග්ගො පඨමො නිට්ඨිතො.
එහි උද්දානය:
උත්තර, පිණ්ඩොල, වල්ලිය, තීරිය ඉසි, අජින, මෙලජින, රාධ, සුරාධ, ගොතම සහ වසභ යන මොහු මහිද්ධික තෙරවරු දස දෙනා වෙති.