2. 1. 3.
125. “වඳුරෙකු මෙන් දොරටු පසක් ඇති ගෘහයට ඇතුල්ව ක්ෂණයක් ක්ෂණයක් පාසා ස්පර්ශ කරමින් දොරින් දොර කරකැවේද,
126. “සිත් නමැති වඳුර සිටින්න. නොදුවන්න. තොපට ඒ දිවීම පෙර සේ නැත නුවණින් පෙළුවෙහිය. ඈතට නොම යන්නෙහිය.”
ආයුෂ්මත් වල්ලිය තෙරණුවෝ මෙසේ මේ ගාථාවන් කීහ.
3. වල්ලිය ථේර ගාථා
2. 2. 4.
127. “මා විසින් තල්කොළ තුනකින් ගංගානම් ගඟ අද්දර කුටියක් කරණලද්දේය. මාගේ පාත්රයද මළවුන්ට දිය ඉසින බඳුනක් වැන්න. සිවුරද පාශුකූලයකි.
128. “වස් දෙකක් අතරෙහි මා විසින් එකම වචනයක් කියනලද්දීය. තුන්වෙනි වස් කාලයෙහි අවිද්යාව පලනලදී.”
ආයුෂ්මත් ගංගාතීරිය තෙරණුවෝ මෙසේ මේ ගාථාව කීහ.
4. ගංගාතීරිය ථේර ගාථා
2. 1. 5.
129. “ඉදින් ත්රිවිද්යා දන්නේද, මරණය දුරුකෙළේද, ආශ්රව රහිතවූයේද, අප්රකටයයි බාලයෝ ඔහුට අවමන් කෙරෙත්.
130. “මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක් ආහාරපාන ලබන්නෙක්වේද, ඉදින් පවිටු ස්වභාව ඇත්තේද ඔවුන් විසින් හෙතෙම සත්කාර කරණලද්දේවේ.
ආයුෂ්මත් අජිත තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
5. අජිත ථේර ගාථා
2. 1. 6.
131. “යම්කලෙක්හි මම ශාස්තෘන්වහන්සේ විසින් කියන්නාවූ ධර්මය ඇසූයෙම්ද, කෙලෙසුන් විසින් නොපරදවනලද සර්වඥයන්ට සැකයක් මට නොවෙයි.”
132. “මහා වීරවූ, සාර්ථවාහකවූ, සාරථීන් අතර උතුම්වූ (බුදුරජාණන් වහන්සේ කෙරෙහිද), මාර්ගයෙහි හෝ ප්රතිපදාවෙහි හෝ මට සැකයක් නැත්තේය.”
ආයුෂ්මත් මෙලජින තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
6. මෙලජින ථේර ගාථා
2. 1. 7.
133. “හොඳින් සෙවෙලි නොකළ ගෙයකට වර්ෂාව වදීද එසේම නොවැඩූ සිත රාගයෙන් යට කොට ගනියි.
134. “යහපත්කොට සෙවෙලි කරණලද ගෙයට වර්ෂාව නොවදීද, එසේම පුරුදුකළ සිත රාගය යටකොට නොගනියි.”
ආයුෂ්මත් රාධ තෙරණුවෝ මෙසේ මේ ගාථා කීහ.
7. රාධ ථේර ගාථා