1. 3. 4.
24. “පැවිදිව ඉක්ම ගිය එක් වස් ඇති මහණෙකි. ඔහු විසින් ත්රි විද්යාවෝ පැමිණෙන ලදහ. බුදුන්ගේ අවවාදය කරණ ලදී. ධර්මයාගේ නෛර්ය්යානික බවක් බලව”
ආයුෂ්මත් සුගන්ධ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
4. සුගන්ධ ථේර ගාථා
1. 3. 5.
25. “යමක්හුගේ සිත නිත්යයෙන් ඥානාලෝකයෙන් හටගත් ආලෝක ඇත්තේ වේද, අග්ර ඵලයට පැමිණියේ වේද, පාපිය, එබඳු රහත් මහණහුට විරොධ කොට (තෝ) දුකට පත්වන්නෙහිය.”
ආයුෂ්මත් නන්දිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
5. නන්දිය ථේර ගාථා
1. 3. 6.
26. “සූර්ය බන්ධුවූ බුදුහුගේ සුභාෂිත තෙපුල් අසා සත් කඩක් කොට පැළුෑ අශ්ව රොමයක් ඊයකින් විදුනාක් මෙන් පරම සුඛවූ නිර්වාණ ධර්මය මම අවබෝධ කළෙමි.”
ආයුෂ්මත් අභය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
6. අභය ථේර ගාථා
1. 3. 7.
27. “හීතණ වුවද, කුසතණ වුවද, වැලුක් පඳුරු වුවද, මෘදු තණ වුවද, සුවඳ හොට පඳුරු වුවද, බබුස්තණ වුවද, ත්රිවිධ විවේකය වඩන්නෙම් අතින් පයින් කියනු කිම? ළයින් උවද ඉවත් කරන්නෙමි.”
ආයුෂ්මත් ලොමසකංගිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
7. ලොමසකංගිය ථේර ගාථා
1. 3. 8.
28. “කිම? තෙපි චීවරාදී සැරසීමෙහි නොයෙදුනහුද? කිම? ආත්ම භාවය සැරසීමෙහි නොඇලුනහුද? කිම? තොපගේ ශීලමය සුගන්ධය හැම දිශාවන්හි හමවහුද, දුශ්ශීල ප්රජාතොමෝ එසේ කළ හැකි නොවන්නීය.”
ආයුෂ්මත් ජම්බුගාමිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
8. ජම්බුගාමිය පුත්ත ථේර ගාථා
1. 3. 9.
29. “හාරිතය, තාගේ සිත සමාපත්ති වශයෙන් හෝ වීර්යාරම්භ වශයෙන් ඔසවා ගන්න. හී ඇද හරින හී වඩුවකු සේ සිත ඍජු කොටගෙන සිව්සස් වසා සිටි සසරට මුල්වූ අවිද්යාව බිඳලන්න.”
ආයුෂ්මත් හාරිත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
9. හාරිත ථේර ගාථා
1. 3. 10.
30. “මාහට ආබාධයක් හටගත් කල්හි මට මේ ආබාධයෙක් උපන. මට නොපමා වන්නට මේ කලැයි සිහියක් පහළවී”
ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
10. උත්තිය ථේර ගාථා
වග්ගො තතියො නිට්ඨිතො.
එහි උද්දානය:
නිග්රොධ, චිත්තක ථෙර, ගොසාල, සුගන්ධ, නන්දිය, උභය ථෙර, ලොමසකංගිය, ජම්බුගාමික පුත්ත, හාරිත සහ උත්තිය ඉසිවරයාණෝය.