1. 2. 6.
16. “යම්සේ යහපත් අං ඇති වාෂභාජානීය තෙමේ නගුල් මාර්ගයෙහි මද වෙහෙසින් යුක්තව ගමන් කෙරේද, එසෙයින්ම සසරට අයත් ආමිස නොමුසුවූ ඵල සමාපත්ති සුවයලත් කල්හි මා හට රෑ දාවල් මඳ වෙහෙසින්ම (සුවසේම) ඉක්ම යන්නාහ.”
බෙල්ලට්ඨසීස නම් තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
6. බෙල්ලට්ඨසීස ථේර ගාථා
1. 2. 7.
17. “යම් කලෙක පුරුෂතෙම සිත කය පිළිබඳ අලසභාවයෙන් මැඩී ගියේ වේද, අධික ආහාර සේවනය ඇත්තේ වේද, නිදන සුලුවූයේ පෙරළි පෙරළි හෝනා සුළුවේද, කෑමෙන් පොෂණය කරන ලද මහත් ඌරෙකු මෙන් මඳ නුවණැති ඒ පුද්ගලතෙම නැවත නැවතත් මවුකුසට පැමිණේ.”
මේ ගාථාව ආයුෂ්මත් දාසක තෙරණුවෝ වදාළහ.
7. දාසක ථේර ගාථා
1. 2. 8.
18. “බුදුහුගේ නව ලොව්තුරා දහම් නමැති දායාදයට හිමිවූ භික්ෂුවක් භෙසකලා නම්වූ වෙනෙහි වෙයි. (හෙතෙම) ඇට සැකිල්ලක් අරමුණු කොට ගෙන වඩන හෙයින් අට්ඨික සඤ්ඤා නම් ලත් භාවනායෙන් මේ අත් බැව් නමැති මුළු පොළොව පතුරුවාලීය. ඒ මහණ තෙම වහාම කාම රාගය පහ කෙරේයයි මම් හඟිමි.”
ආයුෂ්මත් සිගාලක පිතු තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
8. සිගාලක පිතා ථේර ගාථා
1. 2. 9.
19. “ජලය බෙදන්නෝ තමන් රිසි රිසි තැනට දිය ගෙන යති. හී වඩුවෝ හී ඇදහැර ලති. රිය වඩුවෝ ලී නමා ගනිති. ශීලාදී මහා ව්‍රත ඇති ධීරයෝ ආත්ම දමනය කෙරෙත්.”
ආයුෂ්මත් කුණ්ඩල තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
9. කුණ්ඩල ථේර ගාථා
1. 2. 10.
20. “මරණය නිමිතිකොටගෙන මට බියෙක් නැත. ජීවිතය කෙරේ ආලයෙක් නැත. තීරණ ප්‍රඥාවෙන් හා මුහුකළ සිහියෙන් යුත් මම ස්වකීය දෙහය ඉවත ලා පියන්නෙමි.”
ආයුෂ්මත් අජිත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
10. අජිත ථේර ගාථා
වග්ගො දුතියො නිට්ඨිතො.
එහි උද්දානය:
චූළවච්ඡ, මහාවච්ඡ, වනවච්ඡ, සීවක, කුණ්ඩධාන, බෙලට්ඨි, දාසක, සිගාලපිති, කුණ්ඩල සහ අජිත යන දස දෙනෙකි.