1. 11. 6.
106. “අඥාන තැනැත්තේ සිය ගණන් ලක්ෂණ දරන්නාවූ අර්ථයාගේ එක් ලක්ෂණ මාත්රයක්ම දක්නා සුලුවෙයි. ප්රාඥ තැනැත්තේ වනාහි සියගණන් ලිංග ලක්ෂණයන් දක්නේයි.”
ඉත්ථං සුදං ආයස්මා සුහෙමන්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සුහෙමන්ත ථේර ගාථා
1. 11. 7.
107. (ගෙයි විසීමෙහි දෝසයද පැවිද්දෙහි අනුසස්ද නුවණින්) “කිරා මැන බලා ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙමි. මා විසින් විද්යාවෝ පැමිණෙන ලදහ. බුදුහුගේ අනුශාසනය කරනලදී.”
ඉත්ථං සුදං ආයස්මා ධම්මසව තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
ධම්මසව ථේර ගාථා
1. 11. 8.
108. “එක්සිය විසි වයස් ඇති ඒ මම පැවිද්දට පැමිණියෙමි. මා විසින් ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුහුගේ ශාසනය කරන ලදී.”
ඉත්ථං සුදං ආයස්මා ධම්මසව පිතු තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
ධම්මසවපිතු ථේර ගාථා
1. 11. 9.
109. “මේ මහණ තෙම රහසිගතව සිටගෙන අතිශයින් සත්වයනට අනුකම්පාකරන සුලු භගවත්හුගේ ප්රතිපත්ති ශාසනය ගණන් ගනිතැයි නොහඟිම්. ඒ එසේමැයි මේ මහණ තෙම වෙනෙහි තරුණ ස්වභාවය ඇති මුව දෙනක මෙන් ස්වභාවයෙහි පිහිටි ඉන්ද්රියයන් ඇත්තේ වාසය කෙරෙයි”
ඉත්ථං සුදං ආයස්මා සංඝරක්ඛිත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
සඞ්ඝරක්ඛිත ථේර ගාථා
1. 11. 10.
110. “කඳු මුදුන්වල අලුත හටගත් මහත් වූ මෙඝ ජලයෙන් තෙමීගිය නාගාදී වෘක්ෂයෝ යහපත්ව වැඩී ගියාහු විවේකය රිසිවන අරණ්යගත සංඥා ඇති උසභ මහණ හට මතු මතුයෙහි ආරොග්ය හෙවත් සිත පිළිබඳ භාවනා විෂයෙහි යොග්ය බව උපදවන්නාහ.”
ඉත්ථං සුදං ආයස්මා උසභ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
උසභ ථේර ගාථා
එකාදසම වග්ගයයි.
එහි උද්දානය:
බෙලට්ඨානික හා සෙතුච්ඡ ද, බන්ධුර ද, ඛිතක ඉසි ද, මලිතවම්භ ද, සුහෙමන්ත ද, ධම්මසව ද, ධම්මසවපිතා ද, සඞ්ඝරක්ඛිත තෙරණුවෝ ද, මහාමුනි වූ උසභ ද වෙති.