1. 1. 9.
9. “මාගේ මේ පැමිණීම මනා පැමිණීමකි නපුරු පැමිණීමක් නොවේ. (බුදුන් වෙත පැමිණෙමැයි) මා විසින් සිත විමසන ලද්දේද, නපුරු විමසීමක් නොවේ. (ඒ, ඒ ශාස්තෘවරයන් විසින් නොයෙක් ලෙස) විභාගකොට, දෙසනලද ධර්මයන් අතුරෙහි යම් ධර්මයක් අතිශයින් උතුම්වේද, ඒ ආර්යසත්ය ධර්මයට මම පැමිණියෙමි”
ආයුෂ්මත් පිළින්දිවච්ඡ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
9. පිළින්දිවච්ඡ ථෙරගාථා
1. 1. 10.
10. “යමෙක් මාර්ගඥාන පිළිවෙළින් නිවන් පැමිණියේද, සතර සත්යයන් දැන සිටියේද, (කෙළෙස් නිවීමෙන් සංසිඳුනේද, සැම පවින් වැළකී ගිය සිත් ඇත්තේද මෙලොවෙහි හා පරලොවෙහි තෘෂ්ණාව වෙසෙසින් හැරදැමූයේවේද, හෙතෙම ලෝකයාගේ ඇතිවීමද, නැතිවීමද, දැන සියලු රූපාදී අරමුණු සයෙහි නොතැවරී සිටින්නේයි
ආයුෂ්මත් පුණ්ණමාස තෙරණුවෝ මේ ගාථාව වදාළහ.”
10. පුණ්ණමාස ථෙරගාථා
පළමුවන වර්ගය නිමි.
එහි උද්දානය:
සුභූති, කොට්ඨිත ථෙර, කංඛාරේවත සම්මත, මන්තාණිපුත්ත, දබ්බ, සීතවනිය සහ භල්ලිය, වීර, පිළින්දවච්ඡ සහ පුණ්ණමාස යන දස දෙනෙකි.
2. දෙවෙනි වර්ගය
1. 2. 1.
11. “තථාගත බුදුන් විසින් දෙසන ලද සත්තිස් බොධිපාක්ෂික ධර්මයෙහි නොහොත් නව ලොවුතුරා දහමෙහි (ඇලීම් වශයෙන් ප්රීති බහුල ඇති මහණ තෙම සියලු සංස්කාරයන්ගේ සංසිඳීමට පිහිටවූ පරම සුඛවූ ශාන්ත පදයට පැමිණෙන්නේය.”
ආයුෂ්මත් චූලගවච්ඡ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
1. චූලගවච්ඡ ථේර ගාථා
1. 2. 2.
12. “අතිශය ප්රඥාබලයෙන් යුක්තවූ සිව් පිරිසුදු සිල්වලින් හා තෙළෙස් ධූතාංග ගුණයයි, කියන ලද ව්රතයන්ගෙන් සමන්විතවූ (උපචාර අර්පණා සමාධි විසින්) මුල, මැද, අග සමසේ පිහිටුවන ලද සිත් ඇත්තාවූ දෙවැදෑරුම් ධ්යානයෙහි ඇලුනාවූ, මුසුකළ සිහි ඇත්තාවූ පිණ්ඩපාත සේවනයෙන් ලැබෙන අටවැදෑරුම් ප්රයෝජනයෙන් පහනොවූ භොජනය වළඳන්නාවූ මේ සස්නෙහි පහකරනලද රාගය ඇති රහත් මහණ තෙමේ පරිනිර්වාණ කාලය බලාහිඳින්නේය.”
ආයුෂ්මත් මහා ගවච්ඡ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
2. මහාගවච්ඡ ථේර ගාථා
1. 2. 3.
13. “නිල් වලාකුළුබඳු සිත් කලුවූ සිහිල් දිය ඇති සුවිශුද්ධ ප්රදෙශයෝ නොහොත් ආර්යයන් දරන්නාවූ (පබලුවන්) ඉඳුගොව් පණුවන්ගෙන් වැසීගියාවූ ඒ පර්වතයෝ මා පිනවා ලති.”
ආයුෂ්මත් වනවච්ඡ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
3. වන වච්ඡ ථේර ගාථාව
1. 2. 4.
14. “සීවකය, මෙයින් වනයට යම්හ”යි උපධ්යයන් වහන්සේ මට කීහ. මගේ කය ගම්හි වෙසේ, මා සීත වනයට ගියේය. සයනය කරමින් හෝ යෙමි කවර හෙයින්ද යත්? නුවණැතියන්ගේ කිසිතැනෙක ඇල්මෙක්නැත. එහෙයිනි”
වන වච්ඡ සාමණෙර තෙම මේ ගාථාව වදාළේය.
4. වන වච්ඡ සාමණෙර ගාථා
1. 2. 5.
15. “කාමරාගාදී ඔරම්භාගිය පස් සංයෝජනයන් සිඳිනේය. රූප රාගාදී උද්ධම්භාගිය පස් සංයෝජනයන් හරනේය. ශ්රද්ධාදී පස් ඉන්ද්රිය ධර්මයන් අනාගාමී මාර්ගයෙන් මත්තෙහිත් වඩනේය. පස් වැදෑරුම් සංඝයන් (ඇලුම්) ඉක්ම ගියාවූ රහත් මහණතෙම ‘ඕඝතිණ්ණය’යි කියනු ලැබේ”
ආයුෂ්මත් කුණ්ඩධාන තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
5. කුණ්ඩධාන ථේර ගාථා
1. 2. 6.
16. “යම්සේ යහපත් අං ඇති වාෂභාජානීය තෙමේ නගුල් මාර්ගයෙහි මද වෙහෙසින් යුක්තව ගමන් කෙරේද, එසෙයින්ම සසරට අයත් ආමිස නොමුසුවූ ඵල සමාපත්ති සුවයලත් කල්හි මා හට රෑ දාවල් මඳ වෙහෙසින්ම (සුවසේම) ඉක්ම යන්නාහ.”
බෙල්ලට්ඨසීස නම් තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
6. බෙල්ලට්ඨසීස ථේර ගාථා