1. 1. 6.
6. “යම් මහණෙක් තනිව ශීතවනයට පැමිණියේද, ඒ මහණතෙම, ධෛර්‍ය්‍ය සම්පන්නවූයේ ‘කායගතා සතිය’ රකිමින් සතුටට පත්විය. අශ්‍රමාර්ගයෙන් සන්සිඳින සියලු කෙලෙස් සතුරන් මැඩ ජයගත. පහවගිය ලොමුඩැහැගැනීම් ඇත්තේවී”
ආයුෂ්මත් සීතවනිය සම්භූත තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
6. සීතවනිය ථෙරගාථා
1. 1. 7.
7. “යමෙක්තෙම ඉතා දුර්වල උන හෝ බට ඒදණ්ඩක් පාකොට යන මහා වතුරක් සෙයින් මරසෙනග දුරුකළේද, කෙළෙස් සතුරන් ජයගත්, පහවූ බිය ඇති දැමුණ, අචලවූ ඒ භල්ලිය මහණතෙම කෙළෙස් පිරිනිවනින් නිවීගියේය”
ආයුෂ්මත් භල්ලිය තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
7. භල්ලිය ථෙරගාථා
1. 1. 8.
8. “යමෙක් අමාරුවෙන් හික්මිය යුතුවූයේ බුදුරදුන් විසින් හික්මවන ලද්දේද, මගඵල සුවින් හටගත් සතුටු ඇති තරණය කළ සැක ඇති, කෙළෙස් සතුරන් මැඩ ජයගත්තාවූ, පහවගිය ලොමුඩැහැගැනීම් ඇති අචලවූ ඒ වීර මහණතෙම, කෙළෙස් පිරිනිවනින් නිවීගියේය.”
ආයුෂ්මත් වීර තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
8. වීර ථෙරගාථා
1. 1. 9.
9. “මාගේ මේ පැමිණීම මනා පැමිණීමකි නපුරු පැමිණීමක් නොවේ. (බුදුන් වෙත පැමිණෙමැයි) මා විසින් සිත විමසන ලද්දේද, නපුරු විමසීමක් නොවේ. (ඒ, ඒ ශාස්තෘවරයන් විසින් නොයෙක් ලෙස) විභාගකොට, දෙසනලද ධර්මයන් අතුරෙහි යම් ධර්මයක් අතිශයින් උතුම්වේද, ඒ ආර්යසත්‍ය ධර්මයට මම පැමිණියෙමි”
ආයුෂ්මත් පිළින්දිවච්ඡ තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
9. පිළින්දිවච්ඡ ථෙරගාථා
1. 1. 10.
10. “යමෙක් මාර්ගඥාන පිළිවෙළින් නිවන් පැමිණියේද, සතර සත්‍යයන් දැන සිටියේද, (කෙළෙස් නිවීමෙන් සංසිඳුනේද, සැම පවින් වැළකී ගිය සිත් ඇත්තේද මෙලොවෙහි හා පරලොවෙහි තෘෂ්ණාව වෙසෙසින් හැරදැමූයේවේද, හෙතෙම ලෝකයාගේ ඇතිවීමද, නැතිවීමද, දැන සියලු රූපාදී අරමුණු සයෙහි නොතැවරී සිටින්නේයි
ආයුෂ්මත් පුණ්ණමාස තෙරණුවෝ මේ ගාථාව වදාළහ.”
10. පුණ්ණමාස ථෙරගාථා
පළමුවන වර්ගය නිමි.
එහි උද්දානය:
සුභූති, කොට්ඨිත ථෙර, කංඛාරේවත සම්මත, මන්තාණිපුත්ත, දබ්බ, සීතවනිය සහ භල්ලිය, වීර, පිළින්දවච්ඡ සහ පුණ්ණමාස යන දස දෙනෙකි.